Skip to main content

Posts

Showing posts from November, 2020

කොවිඩ් වසංගතය හා විශ්ව විද්‍යාල අධ්‍යාපනය

  ශ්‍රී ලංකාවට  මෙන්ම මුළු මහත් ලෝකයේම විවිධ ක්ශේත්‍ර වල බිද වැටීමට තුඩුදුන් කොවිඩ් වසංගතය අධ්‍යාපනය කෙරෙහි ද ඇති කරන්න වූ බලපෑම  එලෙසමය. අපේ රටේ අධ්‍යාපන රටාවට අනුව විශ්ව විද්‍යාල ශිෂ්‍යයකු රැකියාවක්  ඒ සඳහා සුදුසුකම් ලබන්නේ  වයස 25 ත් පසු වූ පසු විටය. එවැනි පසුබිමක් තුළ කොවිඩ් වසංගතය විශ්වවිද්‍යාල අධ්‍යාපන ක්‍රමයට විශාල බලපෑමක් එල්ල කළේය.  ඒ සඳහා පිළියමක් වශයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපන ක්‍රමය සඳහා ඔන්ලයින් දේශන පැවැත්වීම හා  විභාග පැවැත්වීමේ ක්‍රම වේදය යම් තාක් දුරට ක්‍රියාත්මක වෙමින් පවතී. ඔන්ලයින් දේශන පැවත්වීමේදි මුල් කාලීනව විශාල  කතා බහක් ඇති උනත් එහි ප්‍රායොගික බවක් නැති බව කතා උනත් දැන් එය විශ්ව විද්‍යාල මට්ටමෙන් බොහෝ දුරට සිදු වෙමින් පවතී. මාස ගනන් අවුරුදු ගනන් නිවසට වී වටිනා ජීවිත කාලෙන් කාලය කා දැමීමට වඩා නම් මෙය සිය දහස් ගුණයක් වටියි. දේශන පැවැත්වීමේදිද යම් යම් ගැටලු විශේශයෙන්ම සම්බන්ධතාවය පිළිබද ගැටලු මතු උනත් අද වන විට බොහෝ දෙනා එය නිරාකරණය කර ගනිමින් සිටියි. "පීනන්නට නම් දියට බැසිය යුතුමය." විශ්ව විද්‍යාල සිසුන් ලෙස ප්‍රායෝගිකව ...

ළඟ එන වසන්තය පිළිගන්න ගෙවී ගිය ඉඩෝරය වළලන්න

දුක සතුට යනු නිමේශයකින් අවසන් වන  සිතුවිල්ලක් පමණි......... විටෙක සිනහවත් විටෙක කදුලත් දෙනෙතෙහි රදවන ජීවිතේ හරි අපූරු නවතැනක්  ජීවිතේ ඉදිරියට ගලා ගෙන යද්දි විවිධ දේවල් වලට මුහුණ දෙන්නට සිදුවෙනවා.  ඉතින් මේ දේවල් අපි කිසිම දවසක නොහිතපු දේවල් වෙන්නත්  පුලුවන්. ගතවෙන හැම තප්පරේකම ජීවිතේට මොකක් හරි මතකයක් එකතු වෙනවා. දුක සතුට ආදරය වගේ හැගීම එක්ක ගෙවිලා යන මේ ජීවිතේ එපාම වෙන සිදුවීම් අපිට මුණ ගැහිල තියනවා.  මානසිකව සිදුවන කඩා වැටීම් වලින් ජීවිතය නැතිකරගන්නට උනත් ඇතැම් අය පෙළබෙනවා.. මේකට හේතු වෙන්නේ අපිට ඒහ් මොහොතේ ඇති වන සිතුවිල්ලේ ප්‍රභලත්වය. කෙනෙක් ජීවිතේ නිසා එකම වෙලාවක හිතා ගන්න බැරි විදියට විදවද්දි තවත් කෙනෙක් විශාල සතුටකින් ජීවිතේ විදින්න පුලුවන්. කාලෙත් එක්ක ගෙවිලා යන ජීවිතේ දිහා අපි එක වතාවත් ආපසු හැරිල බැලුවොත් අපි මේ මොහොතේ ජීවත් වන සිතුවිල්ලත් එක්ක ඉබේටම වගේ සංසදනය වෙනවා. ඉතින් හිතලා බලන්න අව්රුදු ගානකට පෙර ඔබ ජීව්තේ ගොඩාක් දුක් විදපු කාරනාවක් දැන් ඔබට ඒ දුක එලෙසමද??. ඉතින් අපි දැන් ප්‍රශ්නෙක ඉන්නවනම් ඒක තව කාලයක් යද්දි අපිට එහෙම ප්‍ර්ශ්නයක් තිබුනද කියලවත්...