කොවිඩ් දෙවන රැල්ලෙන් අනතුරුව ඉතා දරුණු අතකට හැරුනු ශ්‍රී ලංකාවේ covid ව්‍යාප්තිය නිසාවෙන් දෛනික ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට 800 ඉක්මවමින් ඇති මොහොතක සමස්ත මරණ සංඛ්‍යාව 297 කට ළඟා වෙමින් ඇත. මෙකී තත්ත්වය මත ශ්‍රී ලංකාවට ලංකාවටද එන්නතක් ගෙන්වීම පිළිබඳව දිගින් දිගටම සාකච්ඡා පැවතුණු අතර ඉන්දීය රජය විසින් covid එන්නතක් මෙරටට ප්‍රදානය කර තිබේ. මෙම එන්නත රටපුරා අවශ්‍යතාවයන්ට අනුව ලබාදීමට ලබා දීමට කටයුතු කර ඇති මොහොතක ඒ පිළිබඳව දැනුවත් භාවයක් ලබා ගැනීම වැදගත් වේ. ශ්‍රී ලංකාවට මේ වන විට ලැබී ඇති සහ භාවිතයට ගැනීමට සූදානමින් සිටින එන්නත එංගලන්තයෙ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ Astrazenecea සමාගම මගින් නිර්මාණය කර ලොව පුරා රටවල් අටක මේ වන විට නිෂ්පාදනය සිදුකරන එන්නතකි. එං ගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ AstraZenecea සමාගම මගින් නිර්මාණය කරන ලද ඉන්දියාව තුළ නිෂ්පාදනය කරනු ලබන CoviShield යන නමින් වෙළඳපලට නිකුත් කරන Oxford-Astrazeneca එන්නත වේ. මෙම එන්නතේ ගුණාත්මකභාවය පිළිබඳව අවධානය යොමු කිරීමේ දී මෙම එන්නත ලබා ගැනීම මගින්, ① covid ආසාදනය වීමේ අවධානම සැලකිය යුතු...