මිනිසා තුළ ස්වාභාවයෙන්ම උරුම වූ අනන්‍ය ගති ලක්ෂණ පවත්නා අතර ඒවා කිසිසේත්ම තවත් පුද්ගලයකුට සම නොවේ. නෛතිකව සිරුරේ සුදු කළු වර්ණ අනුවද හැඩරුව අනුව ද බාහිර ගති ලක්ෂණ අනුව ද අදහන ආගම් ජාතීන් අනුව ද පුද්ගලයා තවත් කෙනෙකුගෙන් වෙනස් වේ. කෙසේ වුව ද සමාජය තුළ තමන්ට ආවේනික සමාන ගති ලක්ෂණ හා බාහිර සංකල්ප මත පදනම් පදනම් ව සමාජය බෙදෙන ආකාරය පෙනී යයි. උදාහරණ ලෙස ඇමරිකානු සමාජයේ සුදු කළු වර්ණ භේදය පවතී. තවදුරටත් බොහෝ රටවල ජාති ආගම් මත පදනම්ව වර්ග භේදය පවතී. මේ සඳහා මූලිකම හේතුව වන්නේ පුද්ගලයාගේ සිතේ ඇතිවන ඇතිවන තවකෙකු අනෙකා යන සිතිවිල්ලයි. මෙකී කරුණ එඩ්වඩ් සයිඩ් ගේ ප්‍රාචීනවාදී නියායෙන් තවත් ඉස්මතු වේ. ශ්‍රී ලංකාව බහුවාර්ගිකත්වයකින් යුක්ත රටක් වන අතර යම් යම් අවස්ථා වලදී ප්‍රධාන වශයෙන් සිංහල හින්දු , සිංහල මුස්ලිම් යනාදී වශයෙන් ගැටුම් ඇති ව තිබේ. ශ්‍රී ලංකාවේ වාර්ගික ගැටුම් ඉතිහාසය වෙත ගමන් කිරීමේ දී ඒ සඳහා මූලිකම හේතුව වන්නේ බ්‍රිතාන්‍යයන්ගේ බෙදා පාලනය කිරීමේ ක්‍රමවේදයයි. ප්‍රථමයෙන්ම වාර්ගික ලෙස බෙදීමක් සිදු වුයේ වූයේ වුයේ 1833 ප්‍රතිසංස්කරණ අනුව වාර්ගික නියෝජන ක්‍රමයයි. මෙකී ක්‍රමවේදය අහ...