Skip to main content

Posts

Showing posts from March, 2021

තවමත් නොවිසඳුණු වතු කම්කරු ගැටලු

  වතු කම්කරු ගැටලු       යටත් විජිත පාලන සමයට අයත් බ්‍රිතාන්‍ය පාලන යුගය තුළ වැවිලි බෝග වගාව ඔවුන් විසින් ආරම්භ කරනු ලැබූ අතර අඩු මුදලට වැඩි ශ්‍රමයක් ලබා ගැනීමේ ලබා ගැනීමේ අවශ්‍යතාවය මතුවිය. කෙසේ වුවද ශ්‍රී ලංකාවේ අනිවාර්ය සේවා රාජකාරි ක්‍රමය අහෝසි කිරීම නිසා ඔවුන්ට අවශ්‍ය ශ්‍රමය ශ්‍රී ලාංකිකයන්ගෙන් ලබා ගැනීම අපහසු වීම මත ඉන්දියාවේ පහත් කුල වලට අයත් ශ්‍රමිකයන් ගෙන්වා ගත්තේය. ඒ අනුව 1827 යෙදී  වතු කම්කරුවන් දහදාහක් ද  1946 වන විට  665855 ක පිරිසක් මෙරටට ගෙන්වනු ලැබීය. විශේෂයෙන්ම ඉන්දියානු ජනතාව මෙරටට ගෙන ඒම මෙරට සංවර්ධනයට බාධා පැමිණ භූ භූ විශාලතම ගැටලුවක් ලෙස හැඳින්වීමට පුළුවන. ඒවා නම වාර්ගික අර්බුද , දරිද්‍රතාවය අධ්‍යාපනය අහිමි වීම ඒක පුද්ගල ආදායම අවම වීම ජනග්‍රහන වර්ධනය යනාදී විශාල ගැටලු රැසකට මඟ පාදනු ලැබුවේය. මොවුන් තුළ පවත්නා වූ දිළිඳුකම විශාල ගැටළුවක් ලෙස සැලකීමට පුළුවන. එහිදී ජන හා සංඛ්‍යාලේඛන වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය පිළිබඳව අවධානය යොමු කිරීමේ දී ග්‍රාමීය හා නාගරික අංශයන්ට සාපේක්ෂව වතු අංශයේ දරිද්‍රතාවය  ඉහළ මට්ටමක් ගන්...

කාන්තා දිනය කියන්නෙම කාන්තාවකට කරන අසාධාරණයක්_

කාන්තා දිනය කියන්නෙම කාන්තාවකට කරන අසාධාරණයක්_ ලෝක කාන්තා දිනය ඒ වචන ටිකම  කාන්තාවට අසාධාරණාක් කරලා ඉවරයි.. ඇයි මොකටද පිරිමින්ට නැති දිනයක් කාන්තාවන්ට විතරක්ම.. පිරිමි උසස් , පිරිමින්ට පුලුවන් කියන මානසිකත්වය තමයි ස්ත්‍රී  දූශනේකට ප්‍රධාන හේතුව. කාන්තා දිනය කියන්නේ අභිමානයෙන් සැමරිය යුතු දෙයක් කියලා කව්රු හරි හිතනවනම් එතන තමයි වැරදුනේ. මෙහෙම දිනයක් වෙන් කිරීම තුළම තියන්නේ ස්ත්‍රිය හැම තැනදිම පත් වෙන දරුණු ඉරණමක අර්බුධය. තව දෙයක් අද දවසෙම හැමෝම ලියනවා කතා කරනවා 'ඇය නැති ලොවක් තිබිය හැකිද " මේ කියන්නේ ලෝකේ පැවැත්ම ගැන නම් ඇය නැතුව විතරද ලෝකයක් පවතින්න බැරි කියන ප්‍රශ්නේ ඇතිවෙනවා. ලෝකේ පැවැත්මට ගැහැණියක් වගේම පිරිමියෙකුත් ඕනි. ඉතින් ඇයි ඔහු නැති  ලෝකයක් නැති ලෝකයක් පවතින්නවත් පුලුවන්ද කියන්න බැරි.. ඒ කියන්නේ කාන්තාව නැතුව ගෙදර ළමයි බලා ගන්න , රෙදි හෝදන්න , උයන්න වගේ දේවල් කරගන්න බෑ කියන එක මිසක් පැවැතමක් නෑ කියන එක නෙමෙයි. ළමයින්ට දිනයක් වෙන් කරද්දි, වැඩිහිටියන්ට දිනයක් වෙන් කරද්දි පිරිමි වෙනුවෙන් දිනයක් වෙන් කරලා සමරන්නේ නැති කාරණය තුළම තියන්නේ අර්බුධයක්.  සමාජයේ අස...