Skip to main content

Posts

Showing posts from July, 2021

ක්‍රිකට් අභියස ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිත්වය

  පවතින මාධ්‍ය ක්‍රියාකාරීත්වයට සමගාමීව විද්‍යුත් මාධ්‍ය, මුද්‍රිත මාධ්‍යය මෙන්ම සමාජ මාධ්‍යය අද වන විට විශාල කාර්ය භාරයක් සමාජය තුළ සිදු කරමින් සිටීම කව්රුත් දන්නා රහසකි. මීට දින කිහිපයකට පෙර කුසල් මෙන්ඩිස්, ධනුශ්ක ගුණතිලක සහ නිරෝශන් දික්වැල්ල යන ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනාගේ විනය විරෝධි ක්‍රියාව හසු කර දීම සහ ඊයේ දින භානුක රාජපක්ෂ ක්‍රීඩකයාට දඩ මුදලක් සහ අවුරුද්දක තරග තහනමකට ලක් වීමට පවා යූ ටියුබ් නාලිකාවක් සමග ඔහු පැවැත්වූ සාකච්චාවක් හේතුවී තිබේ. විනය විරෝධි ක්‍රියාවට අදාළ වීඩියෝව මුදා හැරීම ගැටලුවක් නොවේ. එයින් ඔබ්බට ගොස් සමාජ මාධ්‍ය තුළ syber bullying හෙවත් සමාජ මාධ්‍ය තුළ ඔවුන්ගේ ප්‍රතිරූපයන්ට හානිකර ක්‍රියා රැසක් තවමත් සිදු වෙමින් පවති. විශේෂයෙන්ම මෙය සමාජ මාධ්‍ය උපුටා ගනිමින් රූපවාහිණි නාලිකා පවා සිදු කරමින් සිටියි. විශේෂයෙන්ම මීට දින කිහිපයකට පෙර ධනුශ්ක ගුණ තිලක ක්‍රීඩකයාගෙ පියා සම්බන්ධ කරගනිමින් පුවත් පතක් සිදු කර තිබූ සාක්ච්චාව අවස්ථානෝචිතව ඉතාම නොවැදගත් ක්‍රියාවක්ය. මාධ්‍යයේ සැබෑ කාර්ය භාරය වනුයේ මේ මොහොතේ පවත්නා අවශ්‍යතාවය අනුව ක්‍රිකට් බලධාරින් සම්බන්ධ කරගනිමින් ඉද...