Skip to main content

Posts

Showing posts from October, 2021

සියලු නිර්මාණ බිහි විය යුතුය.. ඒ තුළ ජීවත් නොවන්න..

  අන්සතු ඔබ වෙත...  තිසර වීරසිංහගේ නිර්මාණයක් සෑම නිර්මාණයකට ඉඩක් දිය යුතුය. බිහිවන්නටද ඉඩ දිය යුතුය. නිර්මාණ සියල්ල  විරහා ගීතයකට සීමා විය යුතු නැත.  නමුත් ගැටලුව වන්නේ, ප්‍රේක්ෂකයා වටහා ගන්නේ ගායකයා මැවීමට උත්සාහ කළ දේම ද යන්නය.  සැබවින්ම එය  සුන්දර නිර්මාණයක්ය. ගීතය, අර්ථය, රූප, කැමරා කෝණ , භාවයන් නිර්මාණය කිරීම ඒ සෑම අතින්ම එය නිර්මාණ ගුණයෙන් උසස් නිර්මාණයක්ය. එකම දර්ශන තලයක සරළ චරිත අතරින් මැවෙන මෑත දශකයේ බිහි නොවුණු වෙනස්ම නිර්මාණයක්‍ ය.  එකම රාමුවකට නිර්මාණය පටුවුවද ගැඹුරු අර්ථයක් මතුකරන නිර්මාණයක්ය.  ඉතින් එහි, ප්‍රේක්ශකයා මතුපිටින් පමණක් අත් දුටු  අනියම් පෙමකට එහා ගිය අර්ථයක් නිසැකවම ඇත. නිර්මාණකරුවා මතු කරන්නට උත්සාහ කළ.. ඉතින්, නිර්මාණය රස විදින්න.  ඒ තුළ ජීවත් වීමට උත්සාහ නොකරන්න. සිතුමිණි ගුණවීර.