Skip to main content

Posts

ගිලිහුණු අත්තටු......

 සුරක්ෂිත දරු පරපුරක් වෙනුවෙන්........
Recent posts

සියලු නිර්මාණ බිහි විය යුතුය.. ඒ තුළ ජීවත් නොවන්න..

  අන්සතු ඔබ වෙත...  තිසර වීරසිංහගේ නිර්මාණයක් සෑම නිර්මාණයකට ඉඩක් දිය යුතුය. බිහිවන්නටද ඉඩ දිය යුතුය. නිර්මාණ සියල්ල  විරහා ගීතයකට සීමා විය යුතු නැත.  නමුත් ගැටලුව වන්නේ, ප්‍රේක්ෂකයා වටහා ගන්නේ ගායකයා මැවීමට උත්සාහ කළ දේම ද යන්නය.  සැබවින්ම එය  සුන්දර නිර්මාණයක්ය. ගීතය, අර්ථය, රූප, කැමරා කෝණ , භාවයන් නිර්මාණය කිරීම ඒ සෑම අතින්ම එය නිර්මාණ ගුණයෙන් උසස් නිර්මාණයක්ය. එකම දර්ශන තලයක සරළ චරිත අතරින් මැවෙන මෑත දශකයේ බිහි නොවුණු වෙනස්ම නිර්මාණයක්‍ ය.  එකම රාමුවකට නිර්මාණය පටුවුවද ගැඹුරු අර්ථයක් මතුකරන නිර්මාණයක්ය.  ඉතින් එහි, ප්‍රේක්ශකයා මතුපිටින් පමණක් අත් දුටු  අනියම් පෙමකට එහා ගිය අර්ථයක් නිසැකවම ඇත. නිර්මාණකරුවා මතු කරන්නට උත්සාහ කළ.. ඉතින්, නිර්මාණය රස විදින්න.  ඒ තුළ ජීවත් වීමට උත්සාහ නොකරන්න. සිතුමිණි ගුණවීර.

නැහැදුණු සමාජයෙන් හැදුණු පරපුරක් හදමු.

  ලෝකය ගෝලාකාර , මිනිසුන් විවිධාකාර නමුදු ඉමක් කොනක් නැති සීමා මායිම් වලින් විවිධ සමාජයෙන් සමාජයට වෙනස් වන ගති පැවතුම් මධ්‍යයේ හැදී වැඩෙන්නට දරුවන්ට ඉඩ ඇත. ශ්‍රී ලාංකේය සමාජය ආසියාතික යැපුම් මානසිකත්වයෙන් හෙබි වෙනස් වූ සංස්කෘතියක් සහිත වන අතර සමාජීය වශයෙන් දැඩි ලෙස පිරිහීමක් ඇති බව වඩ වඩාත් ඉස්මතු වෙන බව මේ දිනවල හොඳින්ම පෙනෙන්නට තිබේ.  මල් වැනි දරුවන්  තලා පෙලා දමන සමාජයක  දරුවන්ගේ අනාගතය පිළිබඳව  අබමල් රේණුවකවත්  අහිතක් සැකයක්  නොමැතිව ජීවත් වන්නට නම් යහපත් සමාජානුයෝජනයක් ගොඩනැගිය යුතුමය. තමන්ගේ මව පියා සහෝදරයා සහෝදරිය නොහඳුනන දරුවන් සමාජයට උරුම වන්නට නම් එහි මුල් පුරුක පවුල බව සියලු දෙනා වටහා ගත යුතුය.  බටහිර සමාජයෙන් වෙන්වූ ආසියාතික සමාජය තුළ වයස අවුරුදු 12 න් පමණ පසු දරුවන් සමාජයට හැඩහුරු ගැසී දෙමාපියන්ගෙන් වෙන්ව වුවද ජීවත් විය හැකි සමාජානුයෝජනයකට පත් වෙයි. එහෙත් ශ්‍රී ලාංකීය සමාජයේ දියණියක් විවාහ වන තෙක් දෙමව්පියන් පසු පසින් සිටිය යුතුය. ඇය ආරක්ෂා කළ යුතුය . ආරක්ෂා ? කාගෙන්ද ? කොල්ලොන්ගෙන්ද ?  නැත්නන් කෙල්ලොන්ගෙන්ද ? වැඩිහිටියන් ග...

ක්‍රිකට් අභියස ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිත්වය

  පවතින මාධ්‍ය ක්‍රියාකාරීත්වයට සමගාමීව විද්‍යුත් මාධ්‍ය, මුද්‍රිත මාධ්‍යය මෙන්ම සමාජ මාධ්‍යය අද වන විට විශාල කාර්ය භාරයක් සමාජය තුළ සිදු කරමින් සිටීම කව්රුත් දන්නා රහසකි. මීට දින කිහිපයකට පෙර කුසල් මෙන්ඩිස්, ධනුශ්ක ගුණතිලක සහ නිරෝශන් දික්වැල්ල යන ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනාගේ විනය විරෝධි ක්‍රියාව හසු කර දීම සහ ඊයේ දින භානුක රාජපක්ෂ ක්‍රීඩකයාට දඩ මුදලක් සහ අවුරුද්දක තරග තහනමකට ලක් වීමට පවා යූ ටියුබ් නාලිකාවක් සමග ඔහු පැවැත්වූ සාකච්චාවක් හේතුවී තිබේ. විනය විරෝධි ක්‍රියාවට අදාළ වීඩියෝව මුදා හැරීම ගැටලුවක් නොවේ. එයින් ඔබ්බට ගොස් සමාජ මාධ්‍ය තුළ syber bullying හෙවත් සමාජ මාධ්‍ය තුළ ඔවුන්ගේ ප්‍රතිරූපයන්ට හානිකර ක්‍රියා රැසක් තවමත් සිදු වෙමින් පවති. විශේෂයෙන්ම මෙය සමාජ මාධ්‍ය උපුටා ගනිමින් රූපවාහිණි නාලිකා පවා සිදු කරමින් සිටියි. විශේෂයෙන්ම මීට දින කිහිපයකට පෙර ධනුශ්ක ගුණ තිලක ක්‍රීඩකයාගෙ පියා සම්බන්ධ කරගනිමින් පුවත් පතක් සිදු කර තිබූ සාක්ච්චාව අවස්ථානෝචිතව ඉතාම නොවැදගත් ක්‍රියාවක්ය. මාධ්‍යයේ සැබෑ කාර්ය භාරය වනුයේ මේ මොහොතේ පවත්නා අවශ්‍යතාවය අනුව ක්‍රිකට් බලධාරින් සම්බන්ධ කරගනිමින් ඉද...

දකුණු ආසියානු රටවල ආකල්ප තුළින් බැහැර වන සංවර්ධනය (ඉන්දියාවේ වසංගත තත්වය ඇසුරෙන්

දකුණු ආසියානු රටවල ආකල්ප තුළින් බැහැර වන සංවර්ධනය (ඉන්දියාවේ වසංගත තත්වය ඇසුරෙන්.. රටක සංවර්ධනය මනින ප්‍රධානතම සාධකයක් වශයෙන් එම රටේ සෞඛ්‍ය තත්වය හැඳින්වීමට පුළුවන්. සංවර්ධනය ප්‍රධාන ලෙස කොටස් වශයෙන් බෙදීම තුළ ද  සෞඛ්‍ය ඊට ඇතුළත් වේ. අද ඉන්දියාවේ වර්තමානයේ පවත්නා තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වීමේදී ඉන්දියාව දියුණු වෙමින් පවතින රටවල් අතර ඉතා ඉහත තත්ත්වයක සිටිය ද   එය සංවර්ධනය උදෙසා ළඟාවීම සඳහා ප්‍රමාණවත් නොවීම නො වීමට ප්‍රධාන හේතු සාධකයක් ඉන්දියානු ජනතාව සතු ආකල්ප වල  පවත්නා අධික නොදියුණු භාවය සහ යල් පැනගිය හේතු සාධක හේතු වී ඇති බව හොඳින්ම පෙනී යයි. විශේෂයෙන්ම මේ වෙනවිට ඉනනවිට ඉන්දියාවේ උද්ගතවී ඇති කොරෝනා වසංගත තත්වයක් සමග  ඉන්දියානු ජනතාව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද පස්සේ කලා ගොම නාමින් විවිධ චාරිත්‍රානුකූල කටයුතු සිදු කරන ආකාරය පෙනෙන්නට තිබේ. ඒ ඔස්සේ ඔවුන් කොරෝනා වසංගත තත්ත්වය සමනය කිරීම උදෙසා  දේව ආශිර්වාදය ලබා ගැනීමට කටයුතු කළ ද සිදුවන්නේ තවත් ඔවුන් එම වෛරසයට ගොදුරු වීමට පවත්නා වූ ඉඩකඩ වැඩිවීම බව  ඔවුන්ට නොතේරේ. තවත් එවැනිම කාරණයක් ලෙස කුරණ වෛරසය ආසාදන...

ඔන්ලයින් විභාග වැලීඩ් නැද්ද?

ඔන්ලයින් විභාග වැලීඩ් නැද්ද ? ලංකාවේ deegree ගත්තම වැලීඩ් වෙන පිළිවෙළක් තියෙනවා උදාහරණයක් විදියට management ගත්තම ජපුර ,කොළඹ, කැළනි etc එතකොට ලංකාවේ මේ විශ්වවිද්‍යාල හතරම  online පවත්වද්දි මේක සාමාන්‍ය වෙනවා.  කැළණිය විශ්වවිද්‍යාලයේ විභාග විතරක් online නැතුව තිබුනා කියලා අර රාමුව වෙනස් වෙන්නේ නෑ.  ඒ වගේම ආර්ට් ගත්තම රටේම තියන්නේ කටපාඩම් කරන සිස්ටම් එකක් ඉතින් මේ සිස්ටම් එක අනුව පොත බලාගෙන ලියන එකෙයි කට පාඩම් කරන එකේ තියෙන්නේ ඉතාම සුළු  වෙනසක් විතරයි. අනිත් එක කෙනෙක් උගන්නපු කරුණු ටික පොත බලාගෙන ලිව්වට  A plus ගන්න කොහොමත්ම බැහැ. ලියන ශෛලිය කරුණු ගොනු කරන විදිහ තර්කානුකූලව පිළිතුරු ලියන විදියට තමයි ලකුණු ලැබෙන්නේ. Open book concept එක අනිත් හැම රටකම වැලීඩ් වෙද්දි ශ්‍රී ලංකාවේ  හැම කැම්පස් එකකම ඔන්ලයින් තියද්දී  ඒක සාමාන්‍යකරණය වීමක් වෙනවා මිසක් ඔන්ලයින් තිබුනා කියලා ඒ වැලීඩ් එක අඩුවෙන්නේ නෑ. එහෙම වෙන්න පුලුවන් මෙහෙම උනානම්. උදාහරණයක් විදියට ජපුරේ management එක සාමාන්‍ය විදියට විභාග පවත්වලා කැලණිය ඔන්ලයින් තිබුනනම් ඔහොම කතාවක් කියන්න පුලුවන් මොකද කොහොම...

තවමත් නොවිසඳුණු වතු කම්කරු ගැටලු

  වතු කම්කරු ගැටලු       යටත් විජිත පාලන සමයට අයත් බ්‍රිතාන්‍ය පාලන යුගය තුළ වැවිලි බෝග වගාව ඔවුන් විසින් ආරම්භ කරනු ලැබූ අතර අඩු මුදලට වැඩි ශ්‍රමයක් ලබා ගැනීමේ ලබා ගැනීමේ අවශ්‍යතාවය මතුවිය. කෙසේ වුවද ශ්‍රී ලංකාවේ අනිවාර්ය සේවා රාජකාරි ක්‍රමය අහෝසි කිරීම නිසා ඔවුන්ට අවශ්‍ය ශ්‍රමය ශ්‍රී ලාංකිකයන්ගෙන් ලබා ගැනීම අපහසු වීම මත ඉන්දියාවේ පහත් කුල වලට අයත් ශ්‍රමිකයන් ගෙන්වා ගත්තේය. ඒ අනුව 1827 යෙදී  වතු කම්කරුවන් දහදාහක් ද  1946 වන විට  665855 ක පිරිසක් මෙරටට ගෙන්වනු ලැබීය. විශේෂයෙන්ම ඉන්දියානු ජනතාව මෙරටට ගෙන ඒම මෙරට සංවර්ධනයට බාධා පැමිණ භූ භූ විශාලතම ගැටලුවක් ලෙස හැඳින්වීමට පුළුවන. ඒවා නම වාර්ගික අර්බුද , දරිද්‍රතාවය අධ්‍යාපනය අහිමි වීම ඒක පුද්ගල ආදායම අවම වීම ජනග්‍රහන වර්ධනය යනාදී විශාල ගැටලු රැසකට මඟ පාදනු ලැබුවේය. මොවුන් තුළ පවත්නා වූ දිළිඳුකම විශාල ගැටළුවක් ලෙස සැලකීමට පුළුවන. එහිදී ජන හා සංඛ්‍යාලේඛන වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය පිළිබඳව අවධානය යොමු කිරීමේ දී ග්‍රාමීය හා නාගරික අංශයන්ට සාපේක්ෂව වතු අංශයේ දරිද්‍රතාවය  ඉහළ මට්ටමක් ගන්...