Skip to main content

නැහැදුණු සමාජයෙන් හැදුණු පරපුරක් හදමු.

 



ලෝකය ගෝලාකාර , මිනිසුන් විවිධාකාර නමුදු ඉමක් කොනක් නැති සීමා මායිම් වලින්
විවිධ සමාජයෙන් සමාජයට වෙනස් වන ගති පැවතුම් මධ්‍යයේ හැදී වැඩෙන්නට දරුවන්ට ඉඩ ඇත.

ශ්‍රී ලාංකේය සමාජය ආසියාතික යැපුම් මානසිකත්වයෙන් හෙබි වෙනස් වූ සංස්කෘතියක් සහිත වන අතර සමාජීය වශයෙන් දැඩි ලෙස පිරිහීමක් ඇති බව වඩ වඩාත් ඉස්මතු වෙන බව මේ දිනවල හොඳින්ම පෙනෙන්නට තිබේ. 

මල් වැනි දරුවන්  තලා පෙලා දමන සමාජයක  දරුවන්ගේ අනාගතය පිළිබඳව  අබමල් රේණුවකවත්  අහිතක් සැකයක්  නොමැතිව ජීවත් වන්නට නම් යහපත් සමාජානුයෝජනයක් ගොඩනැගිය යුතුමය.
තමන්ගේ මව පියා සහෝදරයා සහෝදරිය නොහඳුනන දරුවන් සමාජයට උරුම වන්නට නම් එහි මුල් පුරුක පවුල බව සියලු දෙනා වටහා ගත යුතුය. 

බටහිර සමාජයෙන් වෙන්වූ ආසියාතික සමාජය තුළ වයස අවුරුදු 12 න් පමණ පසු දරුවන් සමාජයට හැඩහුරු ගැසී දෙමාපියන්ගෙන් වෙන්ව වුවද ජීවත් විය හැකි සමාජානුයෝජනයකට පත් වෙයි. එහෙත් ශ්‍රී ලාංකීය සමාජයේ දියණියක් විවාහ වන තෙක් දෙමව්පියන් පසු පසින් සිටිය යුතුය. ඇය ආරක්ෂා කළ යුතුය .

ආරක්ෂා ? කාගෙන්ද ?
කොල්ලොන්ගෙන්ද ?  නැත්නන් කෙල්ලොන්ගෙන්ද ? වැඩිහිටියන් ගෙන්ද?

එතකොට ඔබ? නිසැකවම ගැහැණියක් හෝ පිරිමියෙක්
ඔබේ මව? පියා? නිසැකවම ගැහැණියක් හෝ පිරිමියෙක්
ඔබගේ දරුවන්. ඒත් එලෙසමයි
කොතනද වැරදුනේ ?

දියණියක්  අපයෝජන වනවානම් ඒ අපයෝජනය වන්නේ පිරිමියෙකු අතින් නම්  සමාජ සංස්ථාවේ කුඩාම ඒකකය වන කුටුම්භය එයට වගකිව යුතු නොවේද?

ඔබේ දියණිය තවත් පිරිමියෙකුගෙන් ආරක්ෂා කරන්නේ නම් පවුල තුළ සිටින  ඔබේ කුඩා පුතු  ඉදිරියේදී තවත් සහෝදරියක් නැගණියක් හිංසනයට පීඩාවට ලක් නොකරන තරමට  සමාජයානුයෝජනය කිරීමේ වගකීම ප්‍රබලවම දෙමාපියන් සතු වේ.

ස්ත්‍රී දූෂකයන්ට ළමා අපයෝජකයන්ට දඬුවම් නීති ක්‍රියාත්මක කරන්නට උත්සාහ දරන සමාජයක ඊට එහා ගිය වගකීමක්  පවුල තුළින් ගොඩනැගෙන බව බොහෝදෙනා සිතිය යුතු එහෙත් එසේ නොවන කාරණයකි. සුවහසක් දියණියන් වෙනුවෙන් අයදින නීතියේ රැහැනට තම පුතුන් දිනයක හසු නොවන්නට දෙමාපියන් කුඩා කල සිටම වග බලා ගත යුතුය.

දරුවන් නොමග නොයන්නටනම්, තම මව පියා සහෝදර සහෝදරියන් හඳුනන්නට නම් කුඩා කල සිටම  යහපත් සමාජ අනුයෝජනයක් ලබා දිය යුතුය. හොඳ නරක තෝරා බේරා ගනිමින්, ඒ ඒ වයසට අනුකූලව අනුකූලව සියලු අත්දැකීම් ලබා දෙමින් , ගැහැණු පිරිමි භේදයකින් තොරව දරුවන් පසුපස  නිතර රැඳෙමින් නිරන්තරයෙන් ඔවුන් ගැන සොයා බලමින් ,ඔවුන් අවබෝධ කර ගනිමින් කටයුතු කරන්නේ නම් ඉදිරි පරපුරේ සමාජ පිරිහීම් ඒ පිරිහීමේ ක්‍රියාවලියට එක් එක් දරුවා නැඹුරුවීම වළක්වා ගත හැකිය.

අද පිරිහෙන සමාජය හෙට වෙනස් කිරීමේ මහඟු කාර්යයට දායක වීමට හැකියාව තිබෙන්නේ හුදෙක් නීතියටම නොව සමාජ  සංස්ථාවේ කුඩාම ඒකකය කුටුම්භය තුළින්ම බව සියලු දෙනා වටහා ගත යුතුය.

පිරිහිණු සමාජයේ අනාගත යහපත උදෙසා දරුවන් යහපත් සමාජානුයෝජනය කරන්නේ නම් අද නැතත් හෙට බයක් සැකක් අහිතක් නැති සමාජයක් අපිට උරුම වනු නියතය.

සිතුමිණි ගුණවීර

Comments

Post a Comment

Popular posts from this blog

වැලන්ටයින් සහ ෆේස්බුක් රැල්ල

  වර්ථමානයේ සමාජ දේශපාලන ආර්ථික ආගමික සංස්කෘතික යනාදී වශයෙන් පුළුල් වෙනසක් අදවන විට සමාජ ජාල මාධ්‍ය එනම් ශ්‍රී ලංකාවේ බහුලව භාවිතා වන ෆේස්බුක් මාධ්‍ය  සිදු කර තිබේ.  විශේෂයෙන්ම මැතිවරණ ක්‍රියාවලියේ දී පවා දේශපාලනයට සෘජුවම දායකත්වයක් සපයන්නේ ෆේස්බුක් මාධ්‍යයි. උදාහරණයක් ලෙස 2015 ජනාධිපති වරණය   සෘජුවම ගත හැකිය. ෆේස්බුක් සමාජ මාධ්‍ය පවත්නා වූ විශාලතම ගැටලු සහගත ම කාර්යයක් නම් නිසි අධ්‍යාපනයෙන් තොර බොහෝ දෙනා අද වනවිට ෆේස්බුක් මාධ්‍යයේ ආධිපත්‍ය ගෙන සිටීමයි.  විශේෂයෙන් ම  ලක්ෂ ගණනින් වූ  ප්‍රේක්ෂක පිරිසක් සහිත ෆේස්බුක් පිටු ඇඩ්මින් වරුන් ඇතැම් විට නිසි සමාජ දැනුමක්, අධ්‍යාපනයක් නොමැති අය වීම මත ඔවුන් ගේ අදහස් ආකල්ප සමාජ ගත වීම බොහෝ දුරට සිදු වේ. තවත් දෙයක් නම් දෙයක්නම් රීච් ලබා ගැනීමේ අරමුණෙන් හිතාමතාම අනවශ්‍ය ආකල්ප මිනිසුන්ගේ මනසට කාන්දු කිරීමට අද වන විට ෆේස්බුක් මාධ්‍ය සමත්ව තිබේ. එනම් නොයා සිටීම ඔවුන්ට අවාසියක් වන බව සිතා කටයුතු කිරීමෙන් විශාල තරගයක් සමග වැරදි ආකල්ප බොහොමයක් බොහෝමයක් සමාජගත වීම සිදුවේ. රටක සංවර්ධනයට විශේෂයෙන්ම බලපාන මිනිසුන්ගේ මානසි...

අපි පරිස්සම් වෙමු..... කොරෝනා මාරයා පරදවමු.

බෙහෙතක් තියා, හේතුවක් වත් පැහැදිලි නැති  රෝගයක්  මල් වඩම් තියා  මිනී පෙට්ටියක් වත් උරුම නැති  අවසානයක්  දවස් ගණන් තියා   ගෙදරට වත් ගේන්න බැරි  නීතියක්  සිප වැළඳ වැලඳගැනීම් තියා  හමුවෙන්න වත්  ලං වෙන්නවත් බැරි  අවසානයක් කොරෝනා___ අපි පරිස්සම් වෙමු කොරෝනා මාරයා පරදවමු 

බොහෝ අය දකින කෝවලන් වෙනස් ඇසකින්

බොහෝ අය  කියන්නෙම කන්නගී විතරයි හොද කියලා ඉතිං, මම සෙව්වා ඉතිහාසය හාරල ටිකක් මේ ගැන... කන්නගී සුපිරි චරිතයක් කියන අය පොඩ්ඩක් අහපල්ලා...නැවතිලා..." "ඉතින් අද වගේ තමා...දකුණ ද ඉන්දියාව ද කියලා නෑ කෝවලනුත් ගලපලා කරගත්තා...මගුලක්..මේ මගුලේ කෙල්ල කන්නගී... දැන් වගේ තමා...ප්‍රේමයෙන් වෙළිලා හිටියට.. පහු පහු වෙනකොට කොහු කොහු වෙන දේවල් අද වගේම ක්‍රිස්තු පූර්ව 2ත් වුණා...වෙනසක් නෑ ඔය කොයි කාට කාටත් වෙන සන්තැසියම තමා කෝවලන්ටත් වුණේ...කෝවලන් නාට්‍යකාරයෙක්,සල්ලාලයෙක් කිව්වට උඹෙයි මගෙයි වගේ ඇතුලේ ඉන්න රසවතා ආවද දන්නෙත් නෑ...එළියට...කොහොමහරි කෝවලන් කන්නගී ජීවිතේ තිරය මත ගලා යනවා... මේ අස්සේ උඹලට පේනවා ඇති මාධවී...උඹලා හිතන්නේ කන්නගීගෙයි කෝවලන්ගෙයි ආදර පළහිලව්ව කඩන්න ආපු වෙසගනක් මාධවී කියලා... හිතට වැදෙන වස්තු විෂය ,ගෝචර නොවූ භාවයන් ගැනා අර්ථාන්විත හීන ගැන මනෝමය මෙන්ම භාවමය පූරණයක් දෙන්න පුළුවන් බං මාධවීට...රහමෙරක් එක්ක හෝරා ගණනාවක් රගන්න පුළුවන් මාධවීට...හැගීම් දැනීම් ඇති ඉහළ පහළ යන ජීවිතේට අර්ථයක් දෙන්න මේ කෙල්ලට පුළුවන් කියලා කෝවලන්ට හිතෙන්න ඇති බං...උඹටයි මටයි වගේ... ආදරේ ත...