Skip to main content

නැහැදුණු සමාජයෙන් හැදුණු පරපුරක් හදමු.

 



ලෝකය ගෝලාකාර , මිනිසුන් විවිධාකාර නමුදු ඉමක් කොනක් නැති සීමා මායිම් වලින්
විවිධ සමාජයෙන් සමාජයට වෙනස් වන ගති පැවතුම් මධ්‍යයේ හැදී වැඩෙන්නට දරුවන්ට ඉඩ ඇත.

ශ්‍රී ලාංකේය සමාජය ආසියාතික යැපුම් මානසිකත්වයෙන් හෙබි වෙනස් වූ සංස්කෘතියක් සහිත වන අතර සමාජීය වශයෙන් දැඩි ලෙස පිරිහීමක් ඇති බව වඩ වඩාත් ඉස්මතු වෙන බව මේ දිනවල හොඳින්ම පෙනෙන්නට තිබේ. 

මල් වැනි දරුවන්  තලා පෙලා දමන සමාජයක  දරුවන්ගේ අනාගතය පිළිබඳව  අබමල් රේණුවකවත්  අහිතක් සැකයක්  නොමැතිව ජීවත් වන්නට නම් යහපත් සමාජානුයෝජනයක් ගොඩනැගිය යුතුමය.
තමන්ගේ මව පියා සහෝදරයා සහෝදරිය නොහඳුනන දරුවන් සමාජයට උරුම වන්නට නම් එහි මුල් පුරුක පවුල බව සියලු දෙනා වටහා ගත යුතුය. 

බටහිර සමාජයෙන් වෙන්වූ ආසියාතික සමාජය තුළ වයස අවුරුදු 12 න් පමණ පසු දරුවන් සමාජයට හැඩහුරු ගැසී දෙමාපියන්ගෙන් වෙන්ව වුවද ජීවත් විය හැකි සමාජානුයෝජනයකට පත් වෙයි. එහෙත් ශ්‍රී ලාංකීය සමාජයේ දියණියක් විවාහ වන තෙක් දෙමව්පියන් පසු පසින් සිටිය යුතුය. ඇය ආරක්ෂා කළ යුතුය .

ආරක්ෂා ? කාගෙන්ද ?
කොල්ලොන්ගෙන්ද ?  නැත්නන් කෙල්ලොන්ගෙන්ද ? වැඩිහිටියන් ගෙන්ද?

එතකොට ඔබ? නිසැකවම ගැහැණියක් හෝ පිරිමියෙක්
ඔබේ මව? පියා? නිසැකවම ගැහැණියක් හෝ පිරිමියෙක්
ඔබගේ දරුවන්. ඒත් එලෙසමයි
කොතනද වැරදුනේ ?

දියණියක්  අපයෝජන වනවානම් ඒ අපයෝජනය වන්නේ පිරිමියෙකු අතින් නම්  සමාජ සංස්ථාවේ කුඩාම ඒකකය වන කුටුම්භය එයට වගකිව යුතු නොවේද?

ඔබේ දියණිය තවත් පිරිමියෙකුගෙන් ආරක්ෂා කරන්නේ නම් පවුල තුළ සිටින  ඔබේ කුඩා පුතු  ඉදිරියේදී තවත් සහෝදරියක් නැගණියක් හිංසනයට පීඩාවට ලක් නොකරන තරමට  සමාජයානුයෝජනය කිරීමේ වගකීම ප්‍රබලවම දෙමාපියන් සතු වේ.

ස්ත්‍රී දූෂකයන්ට ළමා අපයෝජකයන්ට දඬුවම් නීති ක්‍රියාත්මක කරන්නට උත්සාහ දරන සමාජයක ඊට එහා ගිය වගකීමක්  පවුල තුළින් ගොඩනැගෙන බව බොහෝදෙනා සිතිය යුතු එහෙත් එසේ නොවන කාරණයකි. සුවහසක් දියණියන් වෙනුවෙන් අයදින නීතියේ රැහැනට තම පුතුන් දිනයක හසු නොවන්නට දෙමාපියන් කුඩා කල සිටම වග බලා ගත යුතුය.

දරුවන් නොමග නොයන්නටනම්, තම මව පියා සහෝදර සහෝදරියන් හඳුනන්නට නම් කුඩා කල සිටම  යහපත් සමාජ අනුයෝජනයක් ලබා දිය යුතුය. හොඳ නරක තෝරා බේරා ගනිමින්, ඒ ඒ වයසට අනුකූලව අනුකූලව සියලු අත්දැකීම් ලබා දෙමින් , ගැහැණු පිරිමි භේදයකින් තොරව දරුවන් පසුපස  නිතර රැඳෙමින් නිරන්තරයෙන් ඔවුන් ගැන සොයා බලමින් ,ඔවුන් අවබෝධ කර ගනිමින් කටයුතු කරන්නේ නම් ඉදිරි පරපුරේ සමාජ පිරිහීම් ඒ පිරිහීමේ ක්‍රියාවලියට එක් එක් දරුවා නැඹුරුවීම වළක්වා ගත හැකිය.

අද පිරිහෙන සමාජය හෙට වෙනස් කිරීමේ මහඟු කාර්යයට දායක වීමට හැකියාව තිබෙන්නේ හුදෙක් නීතියටම නොව සමාජ  සංස්ථාවේ කුඩාම ඒකකය කුටුම්භය තුළින්ම බව සියලු දෙනා වටහා ගත යුතුය.

පිරිහිණු සමාජයේ අනාගත යහපත උදෙසා දරුවන් යහපත් සමාජානුයෝජනය කරන්නේ නම් අද නැතත් හෙට බයක් සැකක් අහිතක් නැති සමාජයක් අපිට උරුම වනු නියතය.

සිතුමිණි ගුණවීර

Comments

Post a Comment

Popular posts from this blog

කොවිඩ් දෙවැනි රැල්ල සහ මාධ්‍ය හැසිරීම

ගම්පහ දිස්ත්‍රික්කයේ ඇඟලුම් සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමඟ වඩාත් කාර්යක්ෂමව තොරතුරු ලබාදීමේ අරමුණෙන් ජනමාධ්‍ය සහ නව මාධ්‍ය යන සියලුම මාධ්‍යයන් ඉතා කඩිනමින් කටයුතු කරමින් සිටී. විශේෂයෙන්ම මාධ්‍ය ආචාරධර්ම, මානුෂීය සංවේදීත්වය යනාදී කාරණයන් පසෙකලා වාණිජ අරමුණු, වඩා ඉක්මනින් ප්‍රවෘත්ති සැපයීමේ හා ප්‍රතිරූපය ගොඩ නංවා ගැනීමේ අරමුණු සමග මාධ්‍ය ගැටෙමින් සිටින බව මේ දිනවල මාධ්‍ය නිරීක්ෂණය කිරීමෙන් පිළිඹිඹු වන කරුණකි. එහිදී වැරදි තොරතුරු භාවිතය බොහෝ දුරට අවම වීමක් දෙවන රැල්ලේදි දක්නට ලැබුනේ පළමු රැල්ලේදි නීතිය ක්‍රියාත්මක වීම නිසාවෙනි. විශේෂයෙන්ම එහිදී ඉස්මතු වෙන කරුණක් ලෙස මාධ්‍ය ආචාරධර්ම සමාජ මාධ්‍යයන්හි ජනමාධ්‍ය ආයතන වලට වඩා පැහැදිලි ලෙසම අඩුවීමක් දක්නට ලැබේ. එය අප කව්රුත් දන්නා සත්‍යකි. ඒ සදහා මුහුණු පොතේ මේ වන විටත් මොහොතින් මොහොත බෙදාහරිමින් සිටින බොහෝ දෑ නිදසුන් සපයයි. තව දුරටත් පාස්කු ප්‍රහාර අවස්ථාවේ ලේ විලක් බවට මුහුණු පොත පත්වූ අයුරු සදුසුම සාක්ශියයි. වගකීම් සහගත බවින් ඉතාම අඩු සමාජ මාධ්‍ය වැරදි තොරතුරු පැතිරවීමෙන් කොතරම් වැළකුණද ඇතිවි තිබෙන තත්වය දැඩි ලෙස විහිලුවට ලක...

බොහෝ අය දකින කෝවලන් වෙනස් ඇසකින්

බොහෝ අය  කියන්නෙම කන්නගී විතරයි හොද කියලා ඉතිං, මම සෙව්වා ඉතිහාසය හාරල ටිකක් මේ ගැන... කන්නගී සුපිරි චරිතයක් කියන අය පොඩ්ඩක් අහපල්ලා...නැවතිලා..." "ඉතින් අද වගේ තමා...දකුණ ද ඉන්දියාව ද කියලා නෑ කෝවලනුත් ගලපලා කරගත්තා...මගුලක්..මේ මගුලේ කෙල්ල කන්නගී... දැන් වගේ තමා...ප්‍රේමයෙන් වෙළිලා හිටියට.. පහු පහු වෙනකොට කොහු කොහු වෙන දේවල් අද වගේම ක්‍රිස්තු පූර්ව 2ත් වුණා...වෙනසක් නෑ ඔය කොයි කාට කාටත් වෙන සන්තැසියම තමා කෝවලන්ටත් වුණේ...කෝවලන් නාට්‍යකාරයෙක්,සල්ලාලයෙක් කිව්වට උඹෙයි මගෙයි වගේ ඇතුලේ ඉන්න රසවතා ආවද දන්නෙත් නෑ...එළියට...කොහොමහරි කෝවලන් කන්නගී ජීවිතේ තිරය මත ගලා යනවා... මේ අස්සේ උඹලට පේනවා ඇති මාධවී...උඹලා හිතන්නේ කන්නගීගෙයි කෝවලන්ගෙයි ආදර පළහිලව්ව කඩන්න ආපු වෙසගනක් මාධවී කියලා... හිතට වැදෙන වස්තු විෂය ,ගෝචර නොවූ භාවයන් ගැනා අර්ථාන්විත හීන ගැන මනෝමය මෙන්ම භාවමය පූරණයක් දෙන්න පුළුවන් බං මාධවීට...රහමෙරක් එක්ක හෝරා ගණනාවක් රගන්න පුළුවන් මාධවීට...හැගීම් දැනීම් ඇති ඉහළ පහළ යන ජීවිතේට අර්ථයක් දෙන්න මේ කෙල්ලට පුළුවන් කියලා කෝවලන්ට හිතෙන්න ඇති බං...උඹටයි මටයි වගේ... ආදරේ ත...

තවමත් නොවිසඳුණු වතු කම්කරු ගැටලු

  වතු කම්කරු ගැටලු       යටත් විජිත පාලන සමයට අයත් බ්‍රිතාන්‍ය පාලන යුගය තුළ වැවිලි බෝග වගාව ඔවුන් විසින් ආරම්භ කරනු ලැබූ අතර අඩු මුදලට වැඩි ශ්‍රමයක් ලබා ගැනීමේ ලබා ගැනීමේ අවශ්‍යතාවය මතුවිය. කෙසේ වුවද ශ්‍රී ලංකාවේ අනිවාර්ය සේවා රාජකාරි ක්‍රමය අහෝසි කිරීම නිසා ඔවුන්ට අවශ්‍ය ශ්‍රමය ශ්‍රී ලාංකිකයන්ගෙන් ලබා ගැනීම අපහසු වීම මත ඉන්දියාවේ පහත් කුල වලට අයත් ශ්‍රමිකයන් ගෙන්වා ගත්තේය. ඒ අනුව 1827 යෙදී  වතු කම්කරුවන් දහදාහක් ද  1946 වන විට  665855 ක පිරිසක් මෙරටට ගෙන්වනු ලැබීය. විශේෂයෙන්ම ඉන්දියානු ජනතාව මෙරටට ගෙන ඒම මෙරට සංවර්ධනයට බාධා පැමිණ භූ භූ විශාලතම ගැටලුවක් ලෙස හැඳින්වීමට පුළුවන. ඒවා නම වාර්ගික අර්බුද , දරිද්‍රතාවය අධ්‍යාපනය අහිමි වීම ඒක පුද්ගල ආදායම අවම වීම ජනග්‍රහන වර්ධනය යනාදී විශාල ගැටලු රැසකට මඟ පාදනු ලැබුවේය. මොවුන් තුළ පවත්නා වූ දිළිඳුකම විශාල ගැටළුවක් ලෙස සැලකීමට පුළුවන. එහිදී ජන හා සංඛ්‍යාලේඛන වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය පිළිබඳව අවධානය යොමු කිරීමේ දී ග්‍රාමීය හා නාගරික අංශයන්ට සාපේක්ෂව වතු අංශයේ දරිද්‍රතාවය  ඉහළ මට්ටමක් ගන්...