Skip to main content

Posts

Showing posts from October, 2020

ද්විත්ව පුරවැසිභාවය පදනම් විරහිතද?

 ද්විත්ව පුරවැසිභාවය! (ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කිරීමට වඩා ලංකාවේ ව්‍යවසථාව වෙනස් කිරීම සුදුසු බව පසක් කොටගත් 157 අනුමත කළ එකී වගන්තිය.) පුරවැසිභාවය පිළිබඳ නීතියට බොහෝ දෙනා තුළ පවතින කැමැත්ත වෙනුවෙන් ඔවුන් ගෙනහැර පාන තර්කවල කිසිදු පදනමක් නැත.  එම්.ඒ. සුමන්දිරන්, සී.වී. විග්නේෂ්වරන්, අනුර දිසානායක, රනිල් වික්‍රමසිංහ, රාජිත සේනාරත්න, මංගල සමරවීර, වේළුපිල්ලේ පිරපාහන්, සහරාන් හෂීම්, ආර්. සම්බන්ධන්, නිශාන්ත ද සිල්වා කන්දප්පා ආදී සියලු දෙනා මෙරට පුරවැසියන් ලෙස සිටිමින් රටට කළ හානියට වගකියන්නේ ද? ඔවුන් ද්විත්ව පුරවැසියන් වී සිටියේ නම් දැනට තිබෙන තත්ත්වයට වඩා ඇති වන වෙනස කුමක් ද? මේ අතරින් ජීවතුන් අතර සිටින කිසිවෙකුට එරෙහිව රටට දෙුා්හී වූයේ යැයි දඬුවම් කළ හැකි ද? මොවුන්ට මෙරට පුරවැසියන් ලෙස සිටිමින් රටට කළ නොහැකි අපරාධයක් තිබී ඇද්ද? මොවුන් විසින් කරන ලද ද්‍රෝහීකම්වලට වඩා ද්‍රෝහීකම් ද්විත්ව පුරවැසියෙකුට කළ හැකි යැයි සිතීම ද විහිළුවකි. සිදුවන්නේ රටට වැඩදායක මිනිහෙකු පවා රටට ගෙන්වාගත නොහැකි වීම ම පමණි. 19 වන සංශෝධනයට පෙර නැතහොත් 2005ට පෙර මොවුන් ඉල්ලා සිටින පන්නයේ ද්විත්ව පුරවැසි නීතිය...

අපි පරිස්සම් වෙමු..... කොරෝනා මාරයා පරදවමු.

බෙහෙතක් තියා, හේතුවක් වත් පැහැදිලි නැති  රෝගයක්  මල් වඩම් තියා  මිනී පෙට්ටියක් වත් උරුම නැති  අවසානයක්  දවස් ගණන් තියා   ගෙදරට වත් ගේන්න බැරි  නීතියක්  සිප වැළඳ වැලඳගැනීම් තියා  හමුවෙන්න වත්  ලං වෙන්නවත් බැරි  අවසානයක් කොරෝනා___ අපි පරිස්සම් වෙමු කොරෝනා මාරයා පරදවමු 

බොහෝ අය දකින කෝවලන් වෙනස් ඇසකින්

බොහෝ අය  කියන්නෙම කන්නගී විතරයි හොද කියලා ඉතිං, මම සෙව්වා ඉතිහාසය හාරල ටිකක් මේ ගැන... කන්නගී සුපිරි චරිතයක් කියන අය පොඩ්ඩක් අහපල්ලා...නැවතිලා..." "ඉතින් අද වගේ තමා...දකුණ ද ඉන්දියාව ද කියලා නෑ කෝවලනුත් ගලපලා කරගත්තා...මගුලක්..මේ මගුලේ කෙල්ල කන්නගී... දැන් වගේ තමා...ප්‍රේමයෙන් වෙළිලා හිටියට.. පහු පහු වෙනකොට කොහු කොහු වෙන දේවල් අද වගේම ක්‍රිස්තු පූර්ව 2ත් වුණා...වෙනසක් නෑ ඔය කොයි කාට කාටත් වෙන සන්තැසියම තමා කෝවලන්ටත් වුණේ...කෝවලන් නාට්‍යකාරයෙක්,සල්ලාලයෙක් කිව්වට උඹෙයි මගෙයි වගේ ඇතුලේ ඉන්න රසවතා ආවද දන්නෙත් නෑ...එළියට...කොහොමහරි කෝවලන් කන්නගී ජීවිතේ තිරය මත ගලා යනවා... මේ අස්සේ උඹලට පේනවා ඇති මාධවී...උඹලා හිතන්නේ කන්නගීගෙයි කෝවලන්ගෙයි ආදර පළහිලව්ව කඩන්න ආපු වෙසගනක් මාධවී කියලා... හිතට වැදෙන වස්තු විෂය ,ගෝචර නොවූ භාවයන් ගැනා අර්ථාන්විත හීන ගැන මනෝමය මෙන්ම භාවමය පූරණයක් දෙන්න පුළුවන් බං මාධවීට...රහමෙරක් එක්ක හෝරා ගණනාවක් රගන්න පුළුවන් මාධවීට...හැගීම් දැනීම් ඇති ඉහළ පහළ යන ජීවිතේට අර්ථයක් දෙන්න මේ කෙල්ලට පුළුවන් කියලා කෝවලන්ට හිතෙන්න ඇති බං...උඹටයි මටයි වගේ... ආදරේ ත...

කොවිඩ් දෙවැනි රැල්ල සහ මාධ්‍ය හැසිරීම

ගම්පහ දිස්ත්‍රික්කයේ ඇඟලුම් සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමඟ වඩාත් කාර්යක්ෂමව තොරතුරු ලබාදීමේ අරමුණෙන් ජනමාධ්‍ය සහ නව මාධ්‍ය යන සියලුම මාධ්‍යයන් ඉතා කඩිනමින් කටයුතු කරමින් සිටී. විශේෂයෙන්ම මාධ්‍ය ආචාරධර්ම, මානුෂීය සංවේදීත්වය යනාදී කාරණයන් පසෙකලා වාණිජ අරමුණු, වඩා ඉක්මනින් ප්‍රවෘත්ති සැපයීමේ හා ප්‍රතිරූපය ගොඩ නංවා ගැනීමේ අරමුණු සමග මාධ්‍ය ගැටෙමින් සිටින බව මේ දිනවල මාධ්‍ය නිරීක්ෂණය කිරීමෙන් පිළිඹිඹු වන කරුණකි. එහිදී වැරදි තොරතුරු භාවිතය බොහෝ දුරට අවම වීමක් දෙවන රැල්ලේදි දක්නට ලැබුනේ පළමු රැල්ලේදි නීතිය ක්‍රියාත්මක වීම නිසාවෙනි. විශේෂයෙන්ම එහිදී ඉස්මතු වෙන කරුණක් ලෙස මාධ්‍ය ආචාරධර්ම සමාජ මාධ්‍යයන්හි ජනමාධ්‍ය ආයතන වලට වඩා පැහැදිලි ලෙසම අඩුවීමක් දක්නට ලැබේ. එය අප කව්රුත් දන්නා සත්‍යකි. ඒ සදහා මුහුණු පොතේ මේ වන විටත් මොහොතින් මොහොත බෙදාහරිමින් සිටින බොහෝ දෑ නිදසුන් සපයයි. තව දුරටත් පාස්කු ප්‍රහාර අවස්ථාවේ ලේ විලක් බවට මුහුණු පොත පත්වූ අයුරු සදුසුම සාක්ශියයි. වගකීම් සහගත බවින් ඉතාම අඩු සමාජ මාධ්‍ය වැරදි තොරතුරු පැතිරවීමෙන් කොතරම් වැළකුණද ඇතිවි තිබෙන තත්වය දැඩි ලෙස විහිලුවට ලක...

සුදු වෑන් භීශනයේ ජීවමාන සාක්ශිය පෝද්දල ජයන්ත

  " මම ඇණ හයක් එක්ක යකඩ පතුරු දෙකක් මත ඉන්නේ.දැන්මම අහන්න ආසයි මම අවි දරන් සටන් කරන්න ගියාද? නෑ.මම පෑන විතරයි පාවිච්චි කලේ ඇතැම් අවස්ථාවල පිකට් එකකදී නැතිනම් වාචිකව අදහස් ප්‍රකාශ කළා පමණි. මම කළ එකම වරද පසුගිය රාජපක්ෂ පාලනය මේ රටේ අහිංසක ජනතාවගේ බදු මුදල් කෝටි ප්‍රකෝටි ගණනින් මංකොල්ලකෑම හා දූෂණ ගැන ලිවීම පමණයි." (පෝද්දල ජයන්ත)  බොහෝදෙනා නොදන්න දෙයක් උනත් ශ්‍රී ලංකාවේ දැනට සිදුවී ඇති විශාලතම වංචාව වෙන්නේ මහ බැංකු බැදුම්කර වංචාව. ඒ වගේම දකුණු ආසියාවේ විශාලතම වංචාව වැට් බදු වංචාව. මේ පිළිබදව ප්‍රථමයෙන්ම හෙළි කරනු ලැබුවේ සිලුමිණ පුවත් පතට ලිපියක් යොමි කරමින් පෝද්දල ජයන්තයි. ඒ සදහා අන් කිසිවකුට නොලැබෙන ආකාරයේ අපූරු ත්‍යාගයක් ඔහුට හිමි විය. ඒ ඔහුගේ දෙපා අහිමි කිරීමයි. ඔහුව 2009 දී සුදු වෑන් රියකින් පැහැරගෙන ගොස් ඉතා විශාල වද හිංසා පැමිණවීමයි. "මම නැගිට්ටා මම කිව්වා මගේ අම්මයි තාත්තයි කුඹුරු කොටනවා තේ දළු කඩනවා, අපි දුප්පත් ඒත් අපි මැදමුලනේ වළං හෝදල නැහැ කියලා. අපි යමු යන්න සනත් මෙයත් එක්ක කතාවක් නැහැ කිව්වා. සනතුත් නැගිට්ටා. අපි එළියට බැස්සා. එකෙන් පස්සෙ අපි කොටුව පොලිස...