වතු කම්කරු ගැටලු
යටත් විජිත පාලන සමයට අයත් බ්‍රිතාන්‍ය පාලන යුගය තුළ වැවිලි බෝග වගාව ඔවුන් විසින් ආරම්භ කරනු ලැබූ අතර අඩු මුදලට වැඩි ශ්‍රමයක් ලබා ගැනීමේ ලබා ගැනීමේ අවශ්‍යතාවය මතුවිය. කෙසේ වුවද ශ්‍රී ලංකාවේ අනිවාර්ය සේවා රාජකාරි ක්‍රමය අහෝසි කිරීම නිසා ඔවුන්ට අවශ්‍ය ශ්‍රමය ශ්‍රී ලාංකිකයන්ගෙන් ලබා ගැනීම අපහසු වීම මත ඉන්දියාවේ පහත් කුල වලට අයත් ශ්‍රමිකයන් ගෙන්වා ගත්තේය. ඒ අනුව 1827 යෙදී වතු කම්කරුවන් දහදාහක් ද 1946 වන විට 665855 ක පිරිසක් මෙරටට ගෙන්වනු ලැබීය.
විශේෂයෙන්ම ඉන්දියානු ජනතාව මෙරටට ගෙන ඒම මෙරට සංවර්ධනයට බාධා පැමිණ භූ භූ විශාලතම ගැටලුවක් ලෙස හැඳින්වීමට පුළුවන. ඒවා නම වාර්ගික අර්බුද , දරිද්‍රතාවය අධ්‍යාපනය අහිමි වීම ඒක පුද්ගල ආදායම අවම වීම ජනග්‍රහන වර්ධනය යනාදී විශාල ගැටලු රැසකට මඟ පාදනු ලැබුවේය.
මොවුන් තුළ පවත්නා වූ දිළිඳුකම විශාල ගැටළුවක් ලෙස සැලකීමට පුළුවන. එහිදී ජන හා සංඛ්‍යාලේඛන වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය පිළිබඳව අවධානය යොමු කිරීමේ දී ග්‍රාමීය හා නාගරික අංශයන්ට සාපේක්ෂව වතු අංශයේ දරිද්‍රතාවය ඉහළ මට්ටමක් ගන්නා බවයි. 2012 වර්ෂය ගත් විට දරිද්‍රතාවය ක්‍රමයෙන් අඩු වී තිබුණ ද අනෙකුත් අංශයන් සාපේක්ෂව වතු අංශයේ දරිද්‍රතාව ඉහළ අගයක් ගෙන තිබේ. ඉදිරි වර්ෂ කිහිපයක තත්වයද පහතින් දැක්වේ.
ඒ අනුව පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් කරා ගෙනයාමේදී ගෙනයාමේදී යටත් විජිත යුගයේ සිදු වූ මෙවැනි සිදුවීම් අද වන විට විශාල ගැටලුවක් බවට පත්ව ඇති බවත් එම ගැටලු නිරාකරණය ඉතාමත් අසීරු බවත්ය. විශේෂයෙන්ම මේ සඳහා බලපානු ලබන ප්‍රධානතම කාරණයක් වන්නේ යැපුම් මානසිකත්වය මානසිකත්වයයි. එහිදී ඔවුන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම තුනම පැවතුනේ පැවතුනේ කුලියට සේවය සපයමින් කටයුතු කිරීමේ යටහත් යටහත්පහත් ස්වභාවයයි. එකී වහල් මානසිකත්වයේ නැඹුරුව අද වන තුරුම ඔවුන්ට මෙන්ම රටේ ආර්ථික සංවර්ධනයට ද විශාල ගැටලුවකි දිළිඳු කුටුම්භ අතින් ගත්තද වැඩිම වාර්තා වීමක් සිදුවන්නේ වතු අංශයයි.
"මම අවුරුදු 20ක විතර ඉඳන් මේ වතුයායෙ වැඩ කරනවා මගේ පවුලේ සාමාජිකයන් 5 ක් ඉන්නවා දරුවෝ තුන් දෙනාගෙන් දෙන්නෙක් ඉස්කෝලේ යනවා මමයි නෝනයි දෙන්නම ජීවත් වෙන්නේ වැඩ කරලා හම්බවෙන මුදලින් දෙන්නම වැඩ කරලත් අපිට රුපියල් දහදාහක් අතට එන්නේ නැහැ. සමහර මාස වල සේරම අඩු කරගෙන අඩුකරගෙන රුපියල් 60000 ක් විතරයි ලැබෙන්නේ." (මූර්ති මහතා තලවකැලේ ළිඳුල සිළුමිණ පුවත්පත)
ඒ අනුව එකල මෙරටට පැමිණි වතු කම්කරුවන්ගේ වතුකම්කරුවන්ගේ දරිද්‍රතාවය අදටත් දක්නට ලබන බව පැහැදිලිය. මොනදේ නවීකරණ න්‍යායේ ජංගම පෞරුෂය තුළ පවත්නා අත්‍යවශ්‍යතාව ද ඊට අනුකූල ව ඉස්මතු වේ.
ඔවුන් තුළ පවත්නා සංවර්ධනයට බාධා කරන ගැටලුවක් වන්නේ අධ්‍යාපන පසුබිමයි . " වතු අධ්‍යාපනය දෙස අවධානය යොමු කරන විට අධ්‍යාපනය කෙරෙහි පිවිසීමට අවස්ථා නොමැතිකම ප්‍රාදේශීය ශ්‍රම බලකායක් නූගත් මෙන්ම අනෙකුත් අංශ වලට සංක්‍රමණය වීමට නොහැකි පරිදි පවත්වාගෙන යාමේ ප්‍රධාන යාන්ත්‍රනය වී ඇත. වතු කළමනාකරණය ඓතිහාසිකවම වතු ශ්‍රමිකයන්ගේ දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට දක්වා ඇත්තේ අඩු ප්‍රමුඛතාවයකි. වතු පාසල් හිතාමතා ම සැලසුම් කොට ඇත්තේ වතු ශ්‍රමිකයන් ලෙස ලියාපදිංචි කරන අවස්ථාව වන පස්වන වසර දක්වා අධ්‍යාපනයේ සැපයීමට පමණි"( බියන් විල 2013)
ඒ අනුව මොවුන්ගේ පවත්නා ජීවන තත්ත්වය මත ද සම්ප්රදාය මත ද ආර්ථික මට්ටමේ ස්වභාවය මත ද අධ්‍යාපනය සඳහා පවත්නා අවකාශය අඩුය.
එමෙන්ම බීමත්කමට ඇබ්බැහි වූ නිවෙස් වල ඊට අමතරව මූලික ආහාර අවශ්‍යතාවයන්ට මුල් තැන ලබා දුන් විට ඔවුන්ගේ ආදායම ආදායමට සරිලන අයුරින් අධ්‍යාපනය යන්න අනවශ්‍ය දෙයක් බවට පත්වන අතර ඒ හේතුවෙන් ද අධ්‍යාපනය අහිමි වෙයි.
අද වෙන විට මෙම අධ්‍යාපනික මට්ටම අඩුවීම යම්තාක් දුරට අඩු වෙමින් යන අතර 1920 ආඥා පනත ද ඊට හේතු වී ඇත.
කෙසේ වුවද පිළිබඳව අදහස් දැක්වීමේදී ඔවුන්ගේ මානසිකත්වය පිළිබඳව සැලකිලිමත් වීමේදී තමන් මෙන්ම දරුවන්ද වතු ශ්‍රමිකයන් ලෙස කටයුතු කිරීම උදෙසා ඔවුන්ගේ මනස සකස් වී ඇති බැවින් නිදහසින් වසර සීයකට ආසන්න වෙමින් පවතින කාල වකවානුවක වුවද මෙවැනි තත්ත්වයක් පැවතීම ගැටලු සහගත වේ. එනම් සංවර්ධනය මනින සෘජු ඒකකයක් ලෙස සාක්ෂරතා මට්ටම පවා අඩු වීමට යටත් යටත් විජිත යුගයේ යම් සිදුවීම් මෙන්ම එය පශ්චාත් යටත් විජිත යුගය තුළින් මෙන්ම අද වන විටත් හරියාකාරව සමථයකට පත් කර ගත නොහැකිව ඇත.

Great❤️
ReplyDelete💪👌❤️
ReplyDeleteSutaible article for this social problem and government should pay attention on this.
ReplyDeleteGreat🎉️🎉️
ReplyDelete👌👌👌
ReplyDelete👍👍
ReplyDelete👍👍
ReplyDeleteGood article
ReplyDeleteවැදගත් 👍👍
ReplyDelete