Skip to main content

ඔන්ලයින් විභාග වැලීඩ් නැද්ද?



ඔන්ලයින් විභාග වැලීඩ් නැද්ද ?

ලංකාවේ deegree ගත්තම වැලීඩ් වෙන පිළිවෙළක් තියෙනවා
උදාහරණයක් විදියට management ගත්තම
ජපුර ,කොළඹ, කැළනි etc එතකොට ලංකාවේ මේ විශ්වවිද්‍යාල හතරම  online පවත්වද්දි මේක සාමාන්‍ය වෙනවා.  කැළණිය විශ්වවිද්‍යාලයේ විභාග විතරක් online නැතුව තිබුනා කියලා අර රාමුව වෙනස් වෙන්නේ නෑ. 

ඒ වගේම ආර්ට් ගත්තම රටේම තියන්නේ කටපාඩම් කරන සිස්ටම් එකක් ඉතින් මේ සිස්ටම් එක අනුව පොත බලාගෙන ලියන එකෙයි කට පාඩම් කරන එකේ තියෙන්නේ ඉතාම සුළු  වෙනසක් විතරයි. අනිත් එක කෙනෙක් උගන්නපු කරුණු ටික පොත බලාගෙන ලිව්වට  A plus ගන්න කොහොමත්ම බැහැ. ලියන ශෛලිය කරුණු ගොනු කරන විදිහ තර්කානුකූලව පිළිතුරු ලියන විදියට තමයි ලකුණු ලැබෙන්නේ. Open book concept එක අනිත් හැම රටකම වැලීඩ් වෙද්දි ශ්‍රී ලංකාවේ  හැම කැම්පස් එකකම ඔන්ලයින් තියද්දී  ඒක සාමාන්‍යකරණය වීමක් වෙනවා මිසක් ඔන්ලයින් තිබුනා කියලා ඒ වැලීඩ් එක අඩුවෙන්නේ නෑ. එහෙම වෙන්න පුලුවන් මෙහෙම උනානම්. උදාහරණයක් විදියට ජපුරේ management එක සාමාන්‍ය විදියට විභාග පවත්වලා කැලණිය ඔන්ලයින් තිබුනනම් ඔහොම කතාවක් කියන්න පුලුවන් මොකද කොහොමත් ජපුරේ වැලීඩ් එක වැඩි නිසා දැන් කැලණියේ සාමාන්‍ය විදිහට විභාගය පවත්වලා japura ඔන්ලයින් තිබුණා කියලා කවදාවත් japura අවුරුදු ගාණක් හදාගත්ත management valid එකයි කැලණියේ management valid එකයි සමාන වෙන්නේ නැහැ. 

අනිත් එක තමයි online විභාග පැවැත්වීමේදි Cplus විතරලු දෙන්නෙ. දැනට විශ්වවිද්‍යාල විද්‍යාල ගණනාවක ඔන්ලයින් විභාග පවත්වා ඉවරයි ඒ වගේම ප්‍රතිඵල නිකුත් කරලත් ඉවරයි එහෙම කියන අය එම විශ්ව විද්‍යාලවල සිසුන් ගෙන්  ඒ පිළිබඳව විමසීමක් වත් සිදු කරනවානම් හොඳයි.

 
මොකද එවැනි මතයන්  online විභාග පැවැත්වීම  අනෙකුත් විශ්වවිද්‍යාල සාර්ථකව කරගෙන යද්දි කැලණිය විතරක් සාමාන්‍ය විභාග පැවැත්වීමක් අසාර්ථක කරගත්ත වැරදිකරුවන් වැරදි වසා ගැනීමට ගෙනෙන තර්ක මිසක් ප්‍රායෝගිකව කිසිදු වටිනාකමක් ඇති ඒවා නොවේ. Online ඩිග්‍රිය වැලීඩ් නොවෙනවනම් වැලීඩ් වෙන්නේ කාගෙද ප්‍රයිවට් ගවර්මන්ට් හැමෝම ඔන්ලයින් විභාග  පවත්වද්දි  කැළනියේ විතරක් සාමාන්‍ය විභාග පැවැත්තුවා. ඔව් දැන් අපේ ඩිගිරිය තමයි වැලීඩ්ම 😅 ජය වේවා

Comments

Post a Comment

Popular posts from this blog

කොවිඩ් දෙවැනි රැල්ල සහ මාධ්‍ය හැසිරීම

ගම්පහ දිස්ත්‍රික්කයේ ඇඟලුම් සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමඟ වඩාත් කාර්යක්ෂමව තොරතුරු ලබාදීමේ අරමුණෙන් ජනමාධ්‍ය සහ නව මාධ්‍ය යන සියලුම මාධ්‍යයන් ඉතා කඩිනමින් කටයුතු කරමින් සිටී. විශේෂයෙන්ම මාධ්‍ය ආචාරධර්ම, මානුෂීය සංවේදීත්වය යනාදී කාරණයන් පසෙකලා වාණිජ අරමුණු, වඩා ඉක්මනින් ප්‍රවෘත්ති සැපයීමේ හා ප්‍රතිරූපය ගොඩ නංවා ගැනීමේ අරමුණු සමග මාධ්‍ය ගැටෙමින් සිටින බව මේ දිනවල මාධ්‍ය නිරීක්ෂණය කිරීමෙන් පිළිඹිඹු වන කරුණකි. එහිදී වැරදි තොරතුරු භාවිතය බොහෝ දුරට අවම වීමක් දෙවන රැල්ලේදි දක්නට ලැබුනේ පළමු රැල්ලේදි නීතිය ක්‍රියාත්මක වීම නිසාවෙනි. විශේෂයෙන්ම එහිදී ඉස්මතු වෙන කරුණක් ලෙස මාධ්‍ය ආචාරධර්ම සමාජ මාධ්‍යයන්හි ජනමාධ්‍ය ආයතන වලට වඩා පැහැදිලි ලෙසම අඩුවීමක් දක්නට ලැබේ. එය අප කව්රුත් දන්නා සත්‍යකි. ඒ සදහා මුහුණු පොතේ මේ වන විටත් මොහොතින් මොහොත බෙදාහරිමින් සිටින බොහෝ දෑ නිදසුන් සපයයි. තව දුරටත් පාස්කු ප්‍රහාර අවස්ථාවේ ලේ විලක් බවට මුහුණු පොත පත්වූ අයුරු සදුසුම සාක්ශියයි. වගකීම් සහගත බවින් ඉතාම අඩු සමාජ මාධ්‍ය වැරදි තොරතුරු පැතිරවීමෙන් කොතරම් වැළකුණද ඇතිවි තිබෙන තත්වය දැඩි ලෙස විහිලුවට ලක...

බොහෝ අය දකින කෝවලන් වෙනස් ඇසකින්

බොහෝ අය  කියන්නෙම කන්නගී විතරයි හොද කියලා ඉතිං, මම සෙව්වා ඉතිහාසය හාරල ටිකක් මේ ගැන... කන්නගී සුපිරි චරිතයක් කියන අය පොඩ්ඩක් අහපල්ලා...නැවතිලා..." "ඉතින් අද වගේ තමා...දකුණ ද ඉන්දියාව ද කියලා නෑ කෝවලනුත් ගලපලා කරගත්තා...මගුලක්..මේ මගුලේ කෙල්ල කන්නගී... දැන් වගේ තමා...ප්‍රේමයෙන් වෙළිලා හිටියට.. පහු පහු වෙනකොට කොහු කොහු වෙන දේවල් අද වගේම ක්‍රිස්තු පූර්ව 2ත් වුණා...වෙනසක් නෑ ඔය කොයි කාට කාටත් වෙන සන්තැසියම තමා කෝවලන්ටත් වුණේ...කෝවලන් නාට්‍යකාරයෙක්,සල්ලාලයෙක් කිව්වට උඹෙයි මගෙයි වගේ ඇතුලේ ඉන්න රසවතා ආවද දන්නෙත් නෑ...එළියට...කොහොමහරි කෝවලන් කන්නගී ජීවිතේ තිරය මත ගලා යනවා... මේ අස්සේ උඹලට පේනවා ඇති මාධවී...උඹලා හිතන්නේ කන්නගීගෙයි කෝවලන්ගෙයි ආදර පළහිලව්ව කඩන්න ආපු වෙසගනක් මාධවී කියලා... හිතට වැදෙන වස්තු විෂය ,ගෝචර නොවූ භාවයන් ගැනා අර්ථාන්විත හීන ගැන මනෝමය මෙන්ම භාවමය පූරණයක් දෙන්න පුළුවන් බං මාධවීට...රහමෙරක් එක්ක හෝරා ගණනාවක් රගන්න පුළුවන් මාධවීට...හැගීම් දැනීම් ඇති ඉහළ පහළ යන ජීවිතේට අර්ථයක් දෙන්න මේ කෙල්ලට පුළුවන් කියලා කෝවලන්ට හිතෙන්න ඇති බං...උඹටයි මටයි වගේ... ආදරේ ත...

තවමත් නොවිසඳුණු වතු කම්කරු ගැටලු

  වතු කම්කරු ගැටලු       යටත් විජිත පාලන සමයට අයත් බ්‍රිතාන්‍ය පාලන යුගය තුළ වැවිලි බෝග වගාව ඔවුන් විසින් ආරම්භ කරනු ලැබූ අතර අඩු මුදලට වැඩි ශ්‍රමයක් ලබා ගැනීමේ ලබා ගැනීමේ අවශ්‍යතාවය මතුවිය. කෙසේ වුවද ශ්‍රී ලංකාවේ අනිවාර්ය සේවා රාජකාරි ක්‍රමය අහෝසි කිරීම නිසා ඔවුන්ට අවශ්‍ය ශ්‍රමය ශ්‍රී ලාංකිකයන්ගෙන් ලබා ගැනීම අපහසු වීම මත ඉන්දියාවේ පහත් කුල වලට අයත් ශ්‍රමිකයන් ගෙන්වා ගත්තේය. ඒ අනුව 1827 යෙදී  වතු කම්කරුවන් දහදාහක් ද  1946 වන විට  665855 ක පිරිසක් මෙරටට ගෙන්වනු ලැබීය. විශේෂයෙන්ම ඉන්දියානු ජනතාව මෙරටට ගෙන ඒම මෙරට සංවර්ධනයට බාධා පැමිණ භූ භූ විශාලතම ගැටලුවක් ලෙස හැඳින්වීමට පුළුවන. ඒවා නම වාර්ගික අර්බුද , දරිද්‍රතාවය අධ්‍යාපනය අහිමි වීම ඒක පුද්ගල ආදායම අවම වීම ජනග්‍රහන වර්ධනය යනාදී විශාල ගැටලු රැසකට මඟ පාදනු ලැබුවේය. මොවුන් තුළ පවත්නා වූ දිළිඳුකම විශාල ගැටළුවක් ලෙස සැලකීමට පුළුවන. එහිදී ජන හා සංඛ්‍යාලේඛන වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය පිළිබඳව අවධානය යොමු කිරීමේ දී ග්‍රාමීය හා නාගරික අංශයන්ට සාපේක්ෂව වතු අංශයේ දරිද්‍රතාවය  ඉහළ මට්ටමක් ගන්...