Skip to main content

Posts

Showing posts from August, 2021

නැහැදුණු සමාජයෙන් හැදුණු පරපුරක් හදමු.

  ලෝකය ගෝලාකාර , මිනිසුන් විවිධාකාර නමුදු ඉමක් කොනක් නැති සීමා මායිම් වලින් විවිධ සමාජයෙන් සමාජයට වෙනස් වන ගති පැවතුම් මධ්‍යයේ හැදී වැඩෙන්නට දරුවන්ට ඉඩ ඇත. ශ්‍රී ලාංකේය සමාජය ආසියාතික යැපුම් මානසිකත්වයෙන් හෙබි වෙනස් වූ සංස්කෘතියක් සහිත වන අතර සමාජීය වශයෙන් දැඩි ලෙස පිරිහීමක් ඇති බව වඩ වඩාත් ඉස්මතු වෙන බව මේ දිනවල හොඳින්ම පෙනෙන්නට තිබේ.  මල් වැනි දරුවන්  තලා පෙලා දමන සමාජයක  දරුවන්ගේ අනාගතය පිළිබඳව  අබමල් රේණුවකවත්  අහිතක් සැකයක්  නොමැතිව ජීවත් වන්නට නම් යහපත් සමාජානුයෝජනයක් ගොඩනැගිය යුතුමය. තමන්ගේ මව පියා සහෝදරයා සහෝදරිය නොහඳුනන දරුවන් සමාජයට උරුම වන්නට නම් එහි මුල් පුරුක පවුල බව සියලු දෙනා වටහා ගත යුතුය.  බටහිර සමාජයෙන් වෙන්වූ ආසියාතික සමාජය තුළ වයස අවුරුදු 12 න් පමණ පසු දරුවන් සමාජයට හැඩහුරු ගැසී දෙමාපියන්ගෙන් වෙන්ව වුවද ජීවත් විය හැකි සමාජානුයෝජනයකට පත් වෙයි. එහෙත් ශ්‍රී ලාංකීය සමාජයේ දියණියක් විවාහ වන තෙක් දෙමව්පියන් පසු පසින් සිටිය යුතුය. ඇය ආරක්ෂා කළ යුතුය . ආරක්ෂා ? කාගෙන්ද ? කොල්ලොන්ගෙන්ද ?  නැත්නන් කෙල්ලොන්ගෙන්ද ? වැඩිහිටියන් ග...