Skip to main content

අර්බුධ මධ්‍යයේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ගමන්මග


අර්බුධ මධ්‍යයේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ගමන්මග


    "ලොව සංචරණය සඳහා හොඳම රටවල් අතර පළමු රට ශ්‍රී ලංකාවයි -Lonely planet 2018-
                        

සැප්තැම්බර් 27. එනම් ලෝක සංචාරක දිනයයි. මිනිසාගේ මූලික අවශ්‍යතාවයක් බවට සංචරණය නම් විවේකය, විශ්‍රාන්තිය උදෙසා ගමන් කිරීම නම් ක්‍රියාදාමයක් බවට  පත් වෙමින් ඇති  සංචාරක කර්මාන්තය  කෙරෙහි සුවිශේෂී අවධානයක් යොමු කිරීමේ දී මුළු මහත් ලෝකයට ම අවාසනාවන්ත තත්ත්වයක් උදා වී ඇති කාල වකවානුවක එහි ශ්‍රී ලාංකීය පසු බිම විපරම් කිරීම වැදගත් වේ.

විධිමත් ලෙස 1966 සිට ඇරඹී ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය කර්මාන්තයක් වශයෙන් අද වන වන විට විශාල වර්ධනයක් හිමිකරගෙන සිටී. එහි දී අපේ රටේ විදේශ විනිමය අතින් 1999 වර්ෂයේදී හතර වන ස්ථානයත් අද වන විට තුන්වන ස්ථානයත් හිමිකර ගෙන සිටින්නේ සංචාරක කර්මාන්තයයි. මෙවැනි වර්ධනයකට හිමිකම් කීව ද  සංචාරක කර්මාන්තය මෙතෙක් දුර පැමිණ ඇත්තේ අවාසනාවන්ත ගමන් මගක් ඔස්සේ යැයි පැවසීම නිවැරදිය. අතීතය පිරික්සීම ඔස්සේ එය මැනවින් හඳුනාගත හැකිය.


යටත් විජිත යුගයකට හිමි කම් කියන ශ්‍රී ලංකාව තුළ  පැවතී ස්වයං පෝෂිත ආර්ථික ක්‍රමය ලිහිල් වීමත් සමග නව ආර්ථික ක්‍රමෝපායක් ලෙස සංචාරක කර්මාන්තය ඉදිරියට පැමිණෙන්නට විය. මෙකී ළදරු ආර්ථිකයත් සමඟ  1966 වර්ෂයේ සංචාරක මණ්ඩල පනත, හෝටල්  සංස්ථා පනත ආදිය ඉදිරියට පැමිණීම වැනි කාරණා ඔස්සේ  විධිමත් අයුරින් සංචාරක කර්මාන්තය ආරම්භ වීම සනිටුවහන් විය. එම වසර තුළ සංචාරක පැමිණීම 18000 ක් වාර්තා විය. එහිදී සංචාරක කර්මාන්තය තුළ යම් පිබිදීමක් වාර්තා වුණු අතරම පළමු අවාසනාවන්ත සිදුවීම ලෙස 1971 සිවිල් අර්බුදය ඇති කළ බලපෑම 1975 දක්වාම ඇති කළේය. ඒ ඔස්සේ නැගී එමින් පැවැති ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ප්‍රතිරූපය බිඳ වැටීමට ලක් විය. එය 1975 දක්වා යළි ගොඩ නැගිය නොහැකි වුවද 77 විවෘත ආර්ථිකයත් සමඟ යම් ආකාරයක යළි ගොඩ නැගීමක් දක්නට ලැබුණි. 77 න් පසුව කාලය තුළ ලක්ෂ තුනක් වැනි සංචාරක පැමිණීමක් වාර්තා වුණු අතරම 5% 6%ක වර්ධනයක් සමග 1982 වන විට සංචාරක කර්මාන්තයේ විශාල ජයග්‍රහණයක් එනම් ප්‍රථම වතාවට සංචාරක පැමිණීම ලක්ෂ හතරේ සීමාව පසු කිරීමට හැකි විය. 

එකී ජයග්‍රහණය පසු කිරීමත් සමඟම 1983 ඇති වූ දෙමළ සිංහල කෝලහලය  ඇති කළ බලපෑම සුළු පටු නොවේ. අත් කරගෙන  තිබූ වර්ධනය මුළුමනින්ම බිඳ දැමීමට මෙකී අර්බුදය සමත් විය. යම් සංසන්දනයක් සිදු කරන විට 1971 තත්වයට වඩා විශාල වශයෙන් බලපෑමක් 1983 අර්බුදය ඇති කළ බව පෙනේ. එහි දී 1983 දෙමළ ජනතාව විශාල වශයෙන් ජාත්‍යන්තර රටවල පදිංචි වීමත් සමඟ  ඔවුන් ජාත්‍යන්තරයට මත පළ කිරීම නිසා ලෝක ප්‍රචාරය 1971 ට වඩා විශාල වශයෙන් සිදු විය. ඒ ඔස්සේ සංචාරකයන් අප රටට පැමිණීමට මැලි කමක් දැක්වීම දැක ගත හැකි විය.  එමෙන් ම යම් විදියක නැවත ප්‍රතිසංස්කරණයක් 86,87 කාල වකවානුවේ දී දැකගත හැකි වුවද 88 89 කාලසීමාව තුළ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ඇතුළු තරුණ ප්‍රජාව ගෙන ගිය සන්නද්ධ අරගලය හේතුවෙන් ද විශාල කඩාවැටීමක් වාර්තා විය.  විශේෂයෙන්ම 1983 LTTE සංවිධානය සිදු කළ වැඩසටහන් නතර නොවීම මත මෙම සන්නද්ධ අරගලයන් සිදු වූ අතර යම්තාක් දුරට දකුණේ ඇතිවූ සිද්ධිය මර්දනය කරගත හැකි වුවද උතුරේ ඇති වූ තත්වය තිස් අවුරුදු යුද්ධයක් දක්වා වර්ධනය විය. 

මේ  හේතු කොටගෙන සංචාරක ව්‍යාපාරයට ඇති වූ බලපෑම පිළිබඳව සාකච්ඡා කිරීමේ දී 1982 සංචාරක පැමිණීම ලක්ෂ 4  සීමාව පසු කළ ද  2009 යුද්ධය අවසන් වන තුරුම කාල වකවානුව තුළ සංචාරක පැමිණීම සනිටුහන් වන්නේ ලක්ෂ 1/2 4 වැනි සුළු ප්‍රමාණයකි. ඒ අනුව පෙනී යන්නේ ඒ කාලය තුළ වුවද  යම්කිසි රඳවා ගැනීමක් පැවතුණ ද එකී ත්‍රස්තවාදය එල්ල කර බලපෑම සුළුපටු නොවන බවයි.  එකී රඳවා ගැනීමට බලපෑම් කළ තවත් හේතු සාධකයක් ලෙස 2004 සුනාමි තත්ත්වය ද දැක ගත හැකිය. එහිදී විශාල වශයෙන් විදෙස් සංචාරකයන් මිය යෑමද සිදුවිය. 

සිවිල් අර්බුද කෙරෙහි අවධානය යොමු කිරීමේ දී කිරීමේ දී අග්නි දිග ආසියාතික රටක් වන සිංගප්පූරුව  මිලියන 16 දාසයක් වැනි  වාර්ෂික සංචාරක පැමිණීමක් අත් කර ගනී. එමෙන් ම සංචාරක ක්ෂේත්‍රයේ විශාල වර්ධනයක් ඇති වීමට ප්‍රධානතම හේතුවක් ලෙස එම රටේ පවත්න සාමකාමී බව දැක ගත හැකිය.  ඒ අනුව ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට යුද්ධය අවසන් කිරීමෙන් පසුව ඇති වූ සාමකාමී තත්ත්වය බෙහෙවින් බලපා  සංඛ්‍යා දත්ත ඔස්සේ මනාව පිළිබිඹු වේ.

2013- 1,274,593
2014 -1,527,153
2015- 1,798,380
2017- 2,050,822
2018- 2,333,796 

ඒ අනුව යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාවේ පැවැති වාතාවරණයත් සමග සංචාරක කර්මාන්තය වේගවත් වර්ධනයක් සිදු වී ඇති බව පෙනී යයි.තව දුරටත් එකී  වර්ධනයට හේතු සාධකයක් ලෙස 2009 වන විට ආදායම් ඉපයීම අතින් ප්‍රමුඛ පෙළේ පසුවන මැද මැදපෙරදිග රැකියා හා නිමි ඇඳුම් කර්මාන්ත අර්බුදයන්ට ලක් වූ අතර මෙරට ආර්ථික වර්ධනය උදෙසා සංචාරක කර්මාන්තය දියුණු කිරීමට කටයුතු  කිරීමත්ය. ඒ අනුව 2018 වන විට විශාල වර්ධනයක් සනිටුහන් වී ඇති ආකාරය ඉහත දත්ත අනුව පෙනී යයි. විශේෂෙන්ම 2017 වර්ෂයේ සංචාරක පැමිණීම අනුව සංසන්දනය කිරීමේ දී එහි වර්ධනය 10.3කි. 

 2018 අපේක්ෂිත සංචාරක පැමිණීම වූයේ ලක්ෂ 25 ක් වුව ද අත් කරගත හැකි වූයේ ලක්ෂ විසි තුනක් පමණි.සංචාරක වේදීන්ගේ ප්‍රශ්න වලට අනුව ඊට හේතුව වූයේ 2018 ඔක්තෝබර් 26 වන දින නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරීමත් සමඟ ඇති වූ දේශපාලන අස්ථාවරත්වයයි. එහිදී ඇමරිකාව ,එංගලන්තය සංචාරක තහනම් පැනවුවේය.  විශේෂයෙන්ම  ඊට සති දෙකකට පෙර ලොව සංචාරක ගමනාන්තයන් අතර පළමු රට ලෙස lonely planet සඟරාව ශ්‍රී ලංකාව  ජාත්‍යන්තර අවධානයට ලක් කළ අතර එකී වාසි සහගත තත්ත්වය බිඳ දැමීමට දේශපාලන අස්ථාවර තත්ත්වයත් හේතු වීම අවාසනාවන්ත තත්වයකි. 

එමෙන්ම  2019 අප්‍රේල් 21 ඇතිවූ අන්තවාදී  ප්‍රහාරය සඟරාව අප රට ලෝක අවධානයට ලක් කිරීම හේතුවෙන් ඇති වූ වාසි සහගත තත්ත්වය මුළුමනින්ම බිඳ දැමීමට හේතු විය. එනම් 2019 වසරේ අපේක්ෂිත සංචාරක පැමිණීම  ලක්ෂ තිහක් වීමත් ජනවාරි පෙබරවාරි කාලය තුළ 5% 6%ක වර්ධනයක් ඇති වූ කාල වකවානුවක ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයට මෙන්ම ආර්ථිකයට ඇති කළේ ඉතාමත්ම අවාසනාවන්ත තත්ත්වයකි.  lonely planet සඟරාවේ ප්‍රකාශයත් සමඟ ඉතා දියුණුවක් කරා එනම් අපේක්ෂිත සංචාරක පැමිණීමට එහා වර්ධනයක් හිමි කර ගැනීමට  පසුබිම ජාත්‍යන්තරය විසින් අත්කර දුන් කාලවකවානුවක ගෝලීය ත්‍රස්තවාදය ශ්‍රී ලංකාව වැනි කුඩා රටවල් කෙරෙහි ඇති කරන බලපෑම ඉතා විශාල බව මැනවින් පෙන්වා දෙයි.

 එහි දී ඩෙන්මාර්කයේ ධනවත්ම පුද්ගලයා ගේ පවුල ඇතුළු විදෙස් සංචාරකයන් 42 ක් මියයාමත්, විදේශීය රටවල් සංචාරක තහනම් පැනවීමත්, විදෙස් සංචාරකයන් 90%ක් ගමන් අවලංගු කිරීමත්, ඍජු හා වක්‍ර රැකියා විශාල ප්‍රමාණයක් නැති වීමත්, ඇතුළු හේතු රැසක් පදනම් කොට ගෙන ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය  කිසි දාක නොවුණු ආකාරය කඩාවැටීමකට  පත් විය. 

කෙසේ වුවද එක්සත් ජාතීන්ගේ සංවිධානය දක්වන ආකාරයට ලොව රටවල්  අතරින්  සෑම රටකම වාගේ ගෝලීය ත්‍රස්තවාදය සිවිල් අර්බුද පවතියි. 2001 වර්ෂයේ බිලියන 12 ත් 15 ත් අතර ආර්ථික කඩාවැටීමකට ලක් වීමට හේතු වූ ඇමරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට අල්කයිඩා සංවිධානය විසින් එල්ල කල ප්‍රහාරය පවා ඇති කළ බලපෑම තාවකාලික වීම හේතු කොටගෙන  ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ද ඉදිරියට තවදුරටත් දියුණුව කරා ගෙන යාම අපහසු නොවූ බවට පාස්කු ප්‍රහාරයෙන් පසුව මාස කිහිපය සාක්ශී සපයයි.විශේෂයෙන්ම ම්ලිියන තුනක සංචාරක ප්‍රමාණයක් ගෙන්වා ගැනීමට වාර්ෂිකව  අපේක්ෂා කළ ද පාස්කු  ප්‍රහාර සිදුවීමෙන් පසුව මාස අටක කාලයක් තුළ සංචාරකයන් මිලියන 1.9 ක් ගෙන්වා ගැනීමට හැකි වීමද විශාල ජයග්‍රහණයකි.


කෙසේ වුව ද මෙ වන විට කොවිඩ් 19 හේතුවෙන් ඇති වී ඇති තත්වය අප රටට මෙන්ම මුළු මහත් ලෝකයම සංචාරක කර්මාන්තය දින නියමයකින් තොරව කිසිදා නො වුණු අයුරින් කඩා වැටීමට හේතුවක් වී ඇත. ගුවන් ගමන් තාවකාලිකව නතර කිරීම, සංසාරක සීමා පැනවීම තවමත් එලෙසම පවතී. අපේ රටේ ප්‍රධානතම ආර්ථීක ක්‍රමෝපායක් ලෙස දළු ලා වැඩෙමින් සිටි මෙම කර්මාන්තයේ කඩා වැටීම ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ඉතාමත් විශාල වශයෙන් කඩා වැටීමට හේතුවක් වී ඇත. 

විශේෂයෙන්ම මෙහිදී සලකා බැලිය යුතු කරුණක් නම් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩ නැංවිය හැකි එකම මාර්ගය ලෙස සංචාරක කර්මාන්තය හඳුනාගෙන ඇති වීමයි. තව දුරටත් ඇඟලුම් කර්මාන්තය, මැද පෙරදිග ශ්‍රමය වැනි ක්ෂේත්‍රයන් ද සීග්‍රයෙන් පහත වැටෙමින් පැවතීම ඊට පාදක වෙයි.

සංචාරක කර්මාන්තය උදෙසා අනෙක සෑම අවස්ථාවකටම වඩා ඉතා විශාල බලපෑමක් කෝ විට හේතුවෙන් අනෙක් සෑම රටකට මෙන් ම ශ්‍රී ලංකාව ටත් අත් වී ඇති බව පැහැදිලි වෙයි. කෙසේ වුව ද සිදුකළ යුත්තේ වැටුණු මග ගැන සිටීම නොව යළි පණ ගන්වන්නේ කෙසේ ද යන්න සිතා බැලීමයි. ඒ සදහා සුදුසු ප්‍රතිපත්ති ගොඩ නැංවීමයි. විශේෂයෙන්ම මේ හේතුවෙන් අහිමි වූ රැකියා ලක්ෂ පහකට ආසන්න සංඛ්‍යාවක් පවතින අතර ඔවුන් වෙනත් ක්ශේත්‍රයක් සොයා ගැනීමට පෙර ඔවුන්ට සහන සලසා දීම වැදගත් වේ. එමෙන් ම හෝටල් හිමියන් සඳහා ද සහන සලසා දී ඔවුන් දිරිමත් කිරීම වැදගත් වේ. 

තව දුරටත් පවතින කොරෝනා තත්වය බොහෝ දුරට සමනය වී ඇති තත්වයක විශේෂයෙන් ම චීනයේ "යිකායි" නම් ආයතනය කළ සමීක්ෂණයක අනුව කොරෝනා සාර්ථකව පරාජය කළ රටවල් අතර දෙවන ස්ථානය ශ්‍රී ලංකාවට හිමි වී ඇත. ඒ අනුව බලන විට විශාල වශයෙන් පිරිසක් සංචරණය උදෙසා ආරක්ෂිත රටක් සොයමින් සිටින කාල වකවානුවක එය අපට වාසිදායක තත්ත්වයකි. ඒ උදෙසා අප විසින් සුවිශේෂී ප්‍රචාරණයක් ලබා දීම ද වැදගත් වේ. 

තව දුරටත් පැහැදිලි කළ යුතු විශේෂිත කරුණක් ලෙස ලෝකය පුරාවට ම සංචාරක කර්මාන්තය විවිධ අර්බුදයන් වලට විවිධ කාල වකවානුවල දී ලක්වුවද කඩා බිඳ දැමිය හැකි කර්මාන්තයක් නොවේ. ඉදින් ශ්‍රී ලංකාව ද දිනකට ආදායම ලක්ෂ 30 -50 ත් අතර ප්‍රමාණයක්  උපයන සීගිරිය ඇතුළු ලෝක උරුම අටක්, මිරිස්ස, උණවටුන වැනි අලංකාර වෙරළ  තීරයන්, තව දුරටත් නව ප්‍රවණතා ලෙස තල්මසුන් නැරඹීම මෙන්ම ත්‍රාසජනක සංචරණයටත් අවකාශ හිමි අපේ රට ඉතා හොඳ දියුණුවක් කරා ගෙන යාම උදෙසා මින් ඉදිරියට මෙතෙක් සිදු වූ ආකාරයේ අර්බුද මැඬ පවත්වා ගනිමින් ස්ථාවර දිගු කාලීන  රාජ්‍ය ප්‍රතිපත්ති ඔස්සේ විශේෂ අවධානයක් සංචාරක කර්මාන්තය වෙත යොමු කරලීම වැදගත්  වේ.

-සිතුමිණි උපේක්ෂා ගුණවීර 


Comments

Post a Comment

Popular posts from this blog

කොවිඩ් දෙවැනි රැල්ල සහ මාධ්‍ය හැසිරීම

ගම්පහ දිස්ත්‍රික්කයේ ඇඟලුම් සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමඟ වඩාත් කාර්යක්ෂමව තොරතුරු ලබාදීමේ අරමුණෙන් ජනමාධ්‍ය සහ නව මාධ්‍ය යන සියලුම මාධ්‍යයන් ඉතා කඩිනමින් කටයුතු කරමින් සිටී. විශේෂයෙන්ම මාධ්‍ය ආචාරධර්ම, මානුෂීය සංවේදීත්වය යනාදී කාරණයන් පසෙකලා වාණිජ අරමුණු, වඩා ඉක්මනින් ප්‍රවෘත්ති සැපයීමේ හා ප්‍රතිරූපය ගොඩ නංවා ගැනීමේ අරමුණු සමග මාධ්‍ය ගැටෙමින් සිටින බව මේ දිනවල මාධ්‍ය නිරීක්ෂණය කිරීමෙන් පිළිඹිඹු වන කරුණකි. එහිදී වැරදි තොරතුරු භාවිතය බොහෝ දුරට අවම වීමක් දෙවන රැල්ලේදි දක්නට ලැබුනේ පළමු රැල්ලේදි නීතිය ක්‍රියාත්මක වීම නිසාවෙනි. විශේෂයෙන්ම එහිදී ඉස්මතු වෙන කරුණක් ලෙස මාධ්‍ය ආචාරධර්ම සමාජ මාධ්‍යයන්හි ජනමාධ්‍ය ආයතන වලට වඩා පැහැදිලි ලෙසම අඩුවීමක් දක්නට ලැබේ. එය අප කව්රුත් දන්නා සත්‍යකි. ඒ සදහා මුහුණු පොතේ මේ වන විටත් මොහොතින් මොහොත බෙදාහරිමින් සිටින බොහෝ දෑ නිදසුන් සපයයි. තව දුරටත් පාස්කු ප්‍රහාර අවස්ථාවේ ලේ විලක් බවට මුහුණු පොත පත්වූ අයුරු සදුසුම සාක්ශියයි. වගකීම් සහගත බවින් ඉතාම අඩු සමාජ මාධ්‍ය වැරදි තොරතුරු පැතිරවීමෙන් කොතරම් වැළකුණද ඇතිවි තිබෙන තත්වය දැඩි ලෙස විහිලුවට ලක...

බොහෝ අය දකින කෝවලන් වෙනස් ඇසකින්

බොහෝ අය  කියන්නෙම කන්නගී විතරයි හොද කියලා ඉතිං, මම සෙව්වා ඉතිහාසය හාරල ටිකක් මේ ගැන... කන්නගී සුපිරි චරිතයක් කියන අය පොඩ්ඩක් අහපල්ලා...නැවතිලා..." "ඉතින් අද වගේ තමා...දකුණ ද ඉන්දියාව ද කියලා නෑ කෝවලනුත් ගලපලා කරගත්තා...මගුලක්..මේ මගුලේ කෙල්ල කන්නගී... දැන් වගේ තමා...ප්‍රේමයෙන් වෙළිලා හිටියට.. පහු පහු වෙනකොට කොහු කොහු වෙන දේවල් අද වගේම ක්‍රිස්තු පූර්ව 2ත් වුණා...වෙනසක් නෑ ඔය කොයි කාට කාටත් වෙන සන්තැසියම තමා කෝවලන්ටත් වුණේ...කෝවලන් නාට්‍යකාරයෙක්,සල්ලාලයෙක් කිව්වට උඹෙයි මගෙයි වගේ ඇතුලේ ඉන්න රසවතා ආවද දන්නෙත් නෑ...එළියට...කොහොමහරි කෝවලන් කන්නගී ජීවිතේ තිරය මත ගලා යනවා... මේ අස්සේ උඹලට පේනවා ඇති මාධවී...උඹලා හිතන්නේ කන්නගීගෙයි කෝවලන්ගෙයි ආදර පළහිලව්ව කඩන්න ආපු වෙසගනක් මාධවී කියලා... හිතට වැදෙන වස්තු විෂය ,ගෝචර නොවූ භාවයන් ගැනා අර්ථාන්විත හීන ගැන මනෝමය මෙන්ම භාවමය පූරණයක් දෙන්න පුළුවන් බං මාධවීට...රහමෙරක් එක්ක හෝරා ගණනාවක් රගන්න පුළුවන් මාධවීට...හැගීම් දැනීම් ඇති ඉහළ පහළ යන ජීවිතේට අර්ථයක් දෙන්න මේ කෙල්ලට පුළුවන් කියලා කෝවලන්ට හිතෙන්න ඇති බං...උඹටයි මටයි වගේ... ආදරේ ත...

තවමත් නොවිසඳුණු වතු කම්කරු ගැටලු

  වතු කම්කරු ගැටලු       යටත් විජිත පාලන සමයට අයත් බ්‍රිතාන්‍ය පාලන යුගය තුළ වැවිලි බෝග වගාව ඔවුන් විසින් ආරම්භ කරනු ලැබූ අතර අඩු මුදලට වැඩි ශ්‍රමයක් ලබා ගැනීමේ ලබා ගැනීමේ අවශ්‍යතාවය මතුවිය. කෙසේ වුවද ශ්‍රී ලංකාවේ අනිවාර්ය සේවා රාජකාරි ක්‍රමය අහෝසි කිරීම නිසා ඔවුන්ට අවශ්‍ය ශ්‍රමය ශ්‍රී ලාංකිකයන්ගෙන් ලබා ගැනීම අපහසු වීම මත ඉන්දියාවේ පහත් කුල වලට අයත් ශ්‍රමිකයන් ගෙන්වා ගත්තේය. ඒ අනුව 1827 යෙදී  වතු කම්කරුවන් දහදාහක් ද  1946 වන විට  665855 ක පිරිසක් මෙරටට ගෙන්වනු ලැබීය. විශේෂයෙන්ම ඉන්දියානු ජනතාව මෙරටට ගෙන ඒම මෙරට සංවර්ධනයට බාධා පැමිණ භූ භූ විශාලතම ගැටලුවක් ලෙස හැඳින්වීමට පුළුවන. ඒවා නම වාර්ගික අර්බුද , දරිද්‍රතාවය අධ්‍යාපනය අහිමි වීම ඒක පුද්ගල ආදායම අවම වීම ජනග්‍රහන වර්ධනය යනාදී විශාල ගැටලු රැසකට මඟ පාදනු ලැබුවේය. මොවුන් තුළ පවත්නා වූ දිළිඳුකම විශාල ගැටළුවක් ලෙස සැලකීමට පුළුවන. එහිදී ජන හා සංඛ්‍යාලේඛන වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය පිළිබඳව අවධානය යොමු කිරීමේ දී ග්‍රාමීය හා නාගරික අංශයන්ට සාපේක්ෂව වතු අංශයේ දරිද්‍රතාවය  ඉහළ මට්ටමක් ගන්...