ද්විත්ව පුරවැසිභාවය!
(ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කිරීමට වඩා ලංකාවේ ව්‍යවසථාව වෙනස් කිරීම සුදුසු බව පසක් කොටගත් 157 අනුමත කළ එකී වගන්තිය.)
පුරවැසිභාවය පිළිබඳ නීතියට බොහෝ දෙනා තුළ පවතින කැමැත්ත වෙනුවෙන් ඔවුන් ගෙනහැර පාන තර්කවල කිසිදු පදනමක් නැත.
එම්.ඒ. සුමන්දිරන්, සී.වී. විග්නේෂ්වරන්, අනුර දිසානායක, රනිල් වික්‍රමසිංහ, රාජිත සේනාරත්න, මංගල සමරවීර, වේළුපිල්ලේ පිරපාහන්, සහරාන් හෂීම්, ආර්. සම්බන්ධන්, නිශාන්ත ද සිල්වා කන්දප්පා ආදී සියලු දෙනා මෙරට පුරවැසියන් ලෙස සිටිමින් රටට කළ හානියට වගකියන්නේ ද? ඔවුන් ද්විත්ව පුරවැසියන් වී සිටියේ නම් දැනට තිබෙන තත්ත්වයට වඩා ඇති වන වෙනස කුමක් ද?
මේ අතරින් ජීවතුන් අතර සිටින කිසිවෙකුට එරෙහිව රටට දෙුා්හී වූයේ යැයි දඬුවම් කළ හැකි ද? මොවුන්ට මෙරට පුරවැසියන් ලෙස සිටිමින් රටට කළ නොහැකි අපරාධයක් තිබී ඇද්ද? මොවුන් විසින් කරන ලද ද්‍රෝහීකම්වලට වඩා ද්‍රෝහීකම් ද්විත්ව පුරවැසියෙකුට කළ හැකි යැයි සිතීම ද විහිළුවකි. සිදුවන්නේ රටට වැඩදායක මිනිහෙකු පවා රටට ගෙන්වාගත නොහැකි වීම ම පමණි.
19 වන සංශෝධනයට පෙර නැතහොත් 2005ට පෙර මොවුන් ඉල්ලා සිටින පන්නයේ ද්විත්ව පුරවැසි නීතියක් තිබිණි නම් එවක ඇමරිකානු පුරවැසියෙකු වූ ගෝඨාභය රාජපක්ෂ මෙරට ආරක්ෂක ලේකම් ධුරයට නො එනු ඇත.
එසේ වී නම් අද සිංහනාද කරන බොහෝ දෙනා මෙරට ජීවත් වන්නේ ප්රභාකරන්ගේ ත්‍රස්තවාදය ඉදිරියෙහි දෙවැනි පන්තියේ පුරවැසියන් ලෙස ය.
අනෙක් අතට හුදෙක් දේශපාලන පුද්ගල පළිගැනීම් පිණිස ම ගෙන ආ ද්විත්ව පුරවැසි නීතිය පටු පුද්ගල පළිගැනීමක් උදෙසා ම තබා ගන්නා ලෙස ඉල්ලා සිටීම ද උත්ප්රාසජනකය. ඊටත් වඩා පුදුම 19ට පෙර මේ පිරිසට ද්විත්ව පුරවැසියන්ගෙන් රට රැක ගැනීමට නො සිතීම ද පුදුම සහගත ය.
කෙසේ වුව ද මෙම ප්‍රායෝගික නොවන නීතිය 20 ඔස්සේ අහෝසි වන්නේ නම් ඊට පසු බැසිල් පාර්ලිමේන්තුව නො පැමිණිය හොත් අද තලියේ කිඹුලන් මවන පිරිස නිරුවත් වනු ඇත.
එහෙයින් එවැනි තත්ත්වයක් උදා වූ විට පැවසීමට ද තව බොරු ටිකක් ගොතා ගෙන සිටීම නුවණට හුරුය.

Greate article ❤❤
ReplyDeleteGreat ❤️❤️
ReplyDeleteහොද ලිපියක් 👍👍
ReplyDeleteImportant 4 da people who interest 4 da gathering information .
ReplyDeleteGd job👌👌
ReplyDelete👌👌👌good
ReplyDeleteGood job😍🎉️🎉️🎉️
ReplyDelete🎉️🎉️🎉️
ReplyDeleteEla❤️
ReplyDeleteela❤️
ReplyDeletegood..
ReplyDeleteSuperb
ReplyDelete