ශ්‍රී ලංකාවට මෙන්ම මුළු මහත් ලෝකයේම විවිධ ක්ශේත්‍ර වල බිද වැටීමට තුඩුදුන් කොවිඩ් වසංගතය අධ්‍යාපනය කෙරෙහි ද ඇති කරන්න වූ බලපෑම එලෙසමය. අපේ රටේ අධ්‍යාපන රටාවට අනුව විශ්ව විද්‍යාල ශිෂ්‍යයකු රැකියාවක් ඒ සඳහා සුදුසුකම් ලබන්නේ වයස 25 ත් පසු වූ පසු විටය. එවැනි පසුබිමක් තුළ කොවිඩ් වසංගතය විශ්වවිද්‍යාල අධ්‍යාපන ක්‍රමයට විශාල බලපෑමක් එල්ල කළේය.
ඒ සඳහා පිළියමක් වශයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපන ක්‍රමය සඳහා ඔන්ලයින් දේශන පැවැත්වීම හා විභාග පැවැත්වීමේ ක්‍රම වේදය යම් තාක් දුරට ක්‍රියාත්මක වෙමින් පවතී.
ඔන්ලයින් දේශන පැවත්වීමේදි මුල් කාලීනව විශාල කතා බහක් ඇති උනත් එහි ප්‍රායොගික බවක් නැති බව කතා උනත් දැන් එය විශ්ව විද්‍යාල මට්ටමෙන් බොහෝ දුරට සිදු වෙමින් පවතී. මාස ගනන් අවුරුදු ගනන් නිවසට වී වටිනා ජීවිත කාලෙන් කාලය කා දැමීමට වඩා නම් මෙය සිය දහස් ගුණයක් වටියි. දේශන පැවැත්වීමේදිද යම් යම් ගැටලු විශේශයෙන්ම සම්බන්ධතාවය පිළිබද ගැටලු මතු උනත් අද වන විට බොහෝ දෙනා එය නිරාකරණය කර ගනිමින් සිටියි.
"පීනන්නට නම් දියට බැසිය යුතුමය."
විශ්ව විද්‍යාල සිසුන් ලෙස ප්‍රායෝගිකව පංති කාමරයේදි සිදු කරන සියල්ල මෙහිදී සිදු කිරීම අපහසුය. කෙසේ වුණත් පවතින තත්වය කෙසේ කවදා ඉවර වන්නේදැයි නිශ්චිත නොවන තත්වයකදී අවුරුදු ගණනක් නිවසේ නිකරුනේ කල් ගත කිරීමට වඩා දේශන සියල්ල නියමිත පරිදි ගැටලු මධ්‍යයේ සිදු කිරීම අනාගත තාක්ශන ලෝකයට ශ්‍රී ලාංකිකයන් ලෙස ඉදිරියට යෑමට අපිට මග පාදනව නොවේද? එම නිසා අපේ රටේ අධ්‍යාපන ක්‍රමයට අනුව බොහෝ දෙනා දරන මතයට අනුව කැම්පස් සිසුන් යනු ජීවිතේ නිකරුණේ අපතේ යවන වයසට ගිහින උපාධිය ගන්න බලාගෙන විශ්වව්ද්යාලයට යන පිරිසක් කදුලු ගෑස් කන නාලා ගෙදර එන නිකන්ම නිකන් පිරිසක් කියන්වට වඩා පවතින තත්වෙත් එක්ක මේ කාලයේ ඔන්ලයින් හෝ දේශන පැවැත්වීම වැදගත් වේ. කෙසේ වුවද අදටත් ස්මාට් දුරකතනයක් ජංගම දුරකතනයක් නොමැති සිසුන් විශ්වවිද්‍යාල වල සිටින අතර පවතින තත්වය සලකා බලමින් ඔවුන්ට පහසුකම් සැලසීමටද කටයුතු කිරීම වැදගත් වේ. එමෙන්ම ප්‍රධානතම ගැටලුවක් සම්බන්ධතාවය නිතර නිතර ඇන හිටීම වැනි ගැටලු බොහෝ පවතී. ඒ සදහාද අදාළ දේශනවල වීඩියෝ ආ දිය සිසුන්ට ලබා දීමට කටයුතු කිරීම ඉතා වැදගත් වේ .
මීලග කරුණ වෙන්නේ ඔන්ලයින් විභාග පැවැත්වීමයි.
මෙය බොහෝ දෙනාගේ විවේචනයට භාජනය වන කරුණකි. ඒ විවේචන වල ඇතැම් සත්‍ය තාවයක් පවති. විශේශයෙන්ම ඔන්ලයින් දේශන පැවැත්වීමට වඩා මෙය පැදිලිවම ප්රායෝගිකතාවයෙන් අඩු කරුණකි. විශේශයෙන්ම ඇදිරිනීතිය වැනි කාල වකවානුවක ගමේ සිග්නල් නැති කෙනෙකුට නගරයට යෑමට වත් හැකියාවක් නැත. කැලනිය විශ්ව විද්‍යාලයේ පවතින අද්යන ක්‍රමයට අනුව තවමත් අපි අවුරුද්දකින් පසු පසට ගිහින්ද නැත. එවැනි පසු බිමකදි අධ්‍යන වාරශිකය දේශන පවත්වා අවසන් කිරීම සුදුසු බව මගේ පුද්ගලික අදහසයි.
නමුත් ඇත්තෙන්ම මේ පවතින තත්වය වැනි කාලවානුවක අවුරුද්දකට අදික වැනි කාල සීමාවක විභාග නොපවත්වා දේශන සිදු කිරීමද ප්‍රායෝගික වන්නේ නැත. විශේශයෙන්ම බොහෝ සිසුන්ගේ සටහන් පොත් ආදිය නේවසිකාගාර තුළය. එය ඇත්තෙන්ම ගැටලුවකි. එමෙන් ම සියලු සිසුන් සඳහා මෙලෙස විභාග පැවැත්වීම මඟින් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය චීන වීමක් පැහැදිලිවම ඇත. එමෙන්ම උපාධියට ඇති වටිනාකම අඩු වීමට ද එය බලපාන බව හැඟේ. වෙනත් පෞද්ගලික හේතූන් මත විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ දී ගැටලුවක් ඇති වූ විට මෙය ප්‍රායෝගික ව ගත හැකිය. උදාහරණයක් ලෙස පුද්ගලික ගැටලුවක් මත පැපොල වැනි අසනීපයක් වැදුණු සිසුවෙකුට තමන්ගේ අධ්‍යන කාලය ආපස්සට යැවීමට වඩා මෙවැනි ක්‍රම භාවිතා කිරීම සුදුසු නොවේද?
ඉතින් මේ කාරණයෙදි ඉතා දීර්ඝකාලිනව විශ්ව විද්‍යාල විවෘත නොකීරීම තුළ මෙවැනි දෙයක් අපහසුවෙන් හෝ සිදු කිරීමටද සිදුවේ. නමුත් එක දිගට දේශන පවත්වා විශ්ව විද්‍යාලය ආරම්භ වන විට විභාග පවැත්වීම ප්‍රායෝගිකව වැදගත් වන්නකි. අවුරුදු දෙකක අධ්‍යන කාලයකින් පසුව විභාග පවත්වන උසස්පෙළ නිම කල විද්‍යාර්ථයෙකුට එය අපහසු වන්නේ නැත. කෙසේ වෙතත් ප්‍රශ්න පත්‍ර 15 ක් වැනි ප්‍රමාණයක් එක වර සිදු කිරීමට වඩා ඒ සඳහා වෙනත් ක්‍රමවේදයන් අනුගමනය කිරීම ද වැදගත් වේ. උදාහරණයක් ලෙස ඔන්ලයින් දේශන පැවැත්වීමේ ක්‍රම වේදයට වඩා උසස්පෙළ විභාගය පවා පැවැත්වූ බැවින් කණ්ඩායම් වශයෙන් සිසුන් සඳහා නාගරික වශයෙන් විභාග පැවැත්වීමේ ක්‍රමවේදයක් හෝ සිදු කිරීම ඉතා වැදගත් වේ. එමගින් අධ්‍යාපනයේ ගුණාත්මකභාවයද රැක ගනිමින් සිසුන්ට ඇතැම් විට ඇතිවන ඇතිවන පීඩාවන් ඇතිවන පීඩාවන් ද මඟහරවා ගනිමින් විශ්වවිද්‍යාල අධ්‍යාපනය බාධක මධ්‍යයේ නොකඩවා සිදු කරගෙන යෑමට හැකියාවක් ඇත.
✍️සිතුමිණි උපේක්ශා ගුණවීර

Important article
ReplyDeleteImportant article 👍💞
ReplyDelete🤟👌👌
ReplyDeleteHoda article ekak
ReplyDeleteGood ...❤️
ReplyDelete👌👌
ReplyDelete💛👌🤘
ReplyDeleteNiyamai
ReplyDeleteBest 👍👍
ReplyDeleteMaru
ReplyDeleteAla
ReplyDeleteniyamai
ReplyDeleteGood Article..
ReplyDelete