Skip to main content

කොවිඩ් වසංගතය හා විශ්ව විද්‍යාල අධ්‍යාපනය

 

ශ්‍රී ලංකාවට  මෙන්ම මුළු මහත් ලෝකයේම විවිධ ක්ශේත්‍ර වල බිද වැටීමට තුඩුදුන් කොවිඩ් වසංගතය අධ්‍යාපනය කෙරෙහි ද ඇති කරන්න වූ බලපෑම  එලෙසමය. අපේ රටේ අධ්‍යාපන රටාවට අනුව විශ්ව විද්‍යාල ශිෂ්‍යයකු රැකියාවක්  ඒ සඳහා සුදුසුකම් ලබන්නේ  වයස 25 ත් පසු වූ පසු විටය. එවැනි පසුබිමක් තුළ කොවිඩ් වසංගතය විශ්වවිද්‍යාල අධ්‍යාපන ක්‍රමයට විශාල බලපෑමක් එල්ල කළේය. 

ඒ සඳහා පිළියමක් වශයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපන ක්‍රමය සඳහා ඔන්ලයින් දේශන පැවැත්වීම හා  විභාග පැවැත්වීමේ ක්‍රම වේදය යම් තාක් දුරට ක්‍රියාත්මක වෙමින් පවතී.

ඔන්ලයින් දේශන පැවත්වීමේදි මුල් කාලීනව විශාල  කතා බහක් ඇති උනත් එහි ප්‍රායොගික බවක් නැති බව කතා උනත් දැන් එය විශ්ව විද්‍යාල මට්ටමෙන් බොහෝ දුරට සිදු වෙමින් පවතී. මාස ගනන් අවුරුදු ගනන් නිවසට වී වටිනා ජීවිත කාලෙන් කාලය කා දැමීමට වඩා නම් මෙය සිය දහස් ගුණයක් වටියි. දේශන පැවැත්වීමේදිද යම් යම් ගැටලු විශේශයෙන්ම සම්බන්ධතාවය පිළිබද ගැටලු මතු උනත් අද වන විට බොහෝ දෙනා එය නිරාකරණය කර ගනිමින් සිටියි.

"පීනන්නට නම් දියට බැසිය යුතුමය."

විශ්ව විද්‍යාල සිසුන් ලෙස ප්‍රායෝගිකව පංති කාමරයේදි සිදු කරන සියල්ල මෙහිදී සිදු කිරීම අපහසුය. කෙසේ වුණත් පවතින තත්වය කෙසේ කවදා ඉවර වන්නේදැයි නිශ්චිත නොවන තත්වයකදී අවුරුදු ගණනක් නිවසේ නිකරුනේ කල් ගත කිරීමට වඩා දේශන සියල්ල නියමිත පරිදි ගැටලු මධ්‍යයේ සිදු කිරීම අනාගත තාක්ශන ලෝකයට ශ්‍රී ලාංකිකයන් ලෙස ඉදිරියට යෑමට අපිට මග පාදනව නොවේද? එම නිසා අපේ රටේ අධ්‍යාපන ක්‍රමයට අනුව බොහෝ දෙනා දරන මතයට අනුව කැම්පස් සිසුන් යනු ජීවිතේ නිකරුණේ අපතේ යවන වයසට ගිහින උපාධිය ගන්න බලාගෙන විශ්වව්ද්‍යාලයට යන පිරිසක් කදුලු ගෑස් කන නාලා ගෙදර එන නිකන්ම නිකන් පිරිසක් කියන්වට වඩා පවතින තත්වෙත් එක්ක මේ කාලයේ ඔන්ලයින් හෝ දේශන පැවැත්වීම වැදගත් වේ. කෙසේ වුවද අදටත් ස්මාට් දුරකතනයක් ජංගම දුරකතනයක් නොමැති සිසුන් විශ්වවිද්‍යාල වල සිටින අතර පවතින තත්වය සලකා බලමින් ඔවුන්ට පහසුකම් සැලසීමටද කටයුතු කිරීම වැදගත් වේ. එමෙන්ම  ප්‍රධානතම ගැටලුවක් සම්බන්ධතාවය නිතර නිතර ඇන හිටීම වැනි ගැටලු බොහෝ පවතී. ඒ සදහාද අදාළ දේශනවල වීඩියෝ  ආ දිය සිසුන්ට ලබා දීමට කටයුතු කිරීම ඉතා වැදගත් වේ .

මීලග කරුණ වෙන්නේ  ඔන්ලයින් විභාග පැවැත්වීමයි. 

මෙය බොහෝ දෙනාගේ විවේචනයට භාජනය වන කරුණකි. ඒ විවේචන වල ඇතැම් සත්‍ය තාවයක් පවති. විශේශයෙන්ම ඔන්ලයින් දේශන පැවැත්වීමට වඩා මෙය පැදිලිවම ප්‍රායෝගිකතාවයෙන් අඩු කරුණකි. විශේශයෙන්ම ඇදිරිනීතිය වැනි කාල වකවානුවක ගමේ සිග්නල් නැති කෙනෙකුට නගරයට යෑමට වත් හැකියාවක් නැත. කැලනිය විශ්ව විද්‍යාලයේ පවතින අද්‍යන ක්‍රමයට අනුව තවමත් අපි අවුරුද්දකින් පසු පසට ගිහින්ද නැත. එවැනි පසු බිමකදි අධ්‍යන වාරශිකය දේශන පවත්වා අවසන් කිරීම සුදුසු බව මගේ පුද්ගලික අදහසයි.
නමුත් ඇත්තෙන්ම මේ පවතින තත්වය වැනි කාලවානුවක අවුරුද්දකට අදික වැනි කාල  සීමාවක විභාග නොපවත්වා දේශන සිදු කිරීමද ප්‍රායෝගික වන්නේ නැත. විශේශයෙන්ම බොහෝ සිසුන්ගේ සටහන් පොත් ආදිය නේවසිකාගාර තුළය. එය ඇත්තෙන්ම ගැටලුවකි. එමෙන් ම සියලු සිසුන් සඳහා මෙලෙස විභාග පැවැත්වීම මඟින් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය චීන වීමක් පැහැදිලිවම ඇත. එමෙන්ම උපාධියට ඇති වටිනාකම අඩු වීමට ද එය බලපාන බව හැඟේ. වෙනත් පෞද්ගලික හේතූන් මත විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ දී ගැටලුවක් ඇති වූ විට මෙය ප්‍රායෝගික ව ගත හැකිය. උදාහරණයක් ලෙස පුද්ගලික ගැටලුවක් මත පැපොල වැනි අසනීපයක් වැදුණු සිසුවෙකුට තමන්ගේ අධ්‍යන කාලය ආපස්සට යැවීමට වඩා මෙවැනි ක්‍රම භාවිතා කිරීම සුදුසු නොවේද?
ඉතින් මේ කාරණයෙදි ඉතා දීර්ඝකාලිනව විශ්ව විද්‍යාල විවෘත නොකීරීම තුළ මෙවැනි දෙයක් අපහසුවෙන් හෝ සිදු කිරීමටද සිදුවේ. නමුත් එක දිගට දේශන පවත්වා විශ්ව විද්‍යාලය ආරම්භ වන විට විභාග පවැත්වීම ප්‍රායෝගිකව වැදගත් වන්නකි.  අවුරුදු දෙකක අධ්‍යන කාලයකින් පසුව විභාග  පවත්වන උසස්පෙළ නිම කල විද්‍යාර්ථයෙකුට එය අපහසු වන්නේ නැත. කෙසේ වෙතත් ප්‍රශ්න පත්‍ර 15 ක් වැනි ප්‍රමාණයක් එක වර සිදු කිරීමට වඩා  ඒ සඳහා වෙනත් ක්‍රමවේදයන් අනුගමනය කිරීම ද වැදගත් වේ. උදාහරණයක් ලෙස   ඔන්ලයින් දේශන පැවැත්වීමේ ක්‍රම වේදයට වඩා උසස්පෙළ විභාගය පවා  පැවැත්වූ බැවින් කණ්ඩායම් වශයෙන් සිසුන් සඳහා නාගරික වශයෙන් විභාග පැවැත්වීමේ ක්‍රමවේදයක් හෝ සිදු කිරීම ඉතා වැදගත් වේ. එමගින් අධ්‍යාපනයේ ගුණාත්මකභාවයද රැක ගනිමින් සිසුන්ට ඇතැම් විට ඇතිවන ඇතිවන පීඩාවන් ඇතිවන පීඩාවන් ද මඟහරවා ගනිමින් විශ්වවිද්‍යාල අධ්‍යාපනය බාධක මධ්‍යයේ නොකඩවා සිදු කරගෙන යෑමට හැකියාවක් ඇත.
✍️සිතුමිණි උපේක්ශා ගුණවීර

Comments

Post a Comment

Popular posts from this blog

කොවිඩ් දෙවැනි රැල්ල සහ මාධ්‍ය හැසිරීම

ගම්පහ දිස්ත්‍රික්කයේ ඇඟලුම් සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමඟ වඩාත් කාර්යක්ෂමව තොරතුරු ලබාදීමේ අරමුණෙන් ජනමාධ්‍ය සහ නව මාධ්‍ය යන සියලුම මාධ්‍යයන් ඉතා කඩිනමින් කටයුතු කරමින් සිටී. විශේෂයෙන්ම මාධ්‍ය ආචාරධර්ම, මානුෂීය සංවේදීත්වය යනාදී කාරණයන් පසෙකලා වාණිජ අරමුණු, වඩා ඉක්මනින් ප්‍රවෘත්ති සැපයීමේ හා ප්‍රතිරූපය ගොඩ නංවා ගැනීමේ අරමුණු සමග මාධ්‍ය ගැටෙමින් සිටින බව මේ දිනවල මාධ්‍ය නිරීක්ෂණය කිරීමෙන් පිළිඹිඹු වන කරුණකි. එහිදී වැරදි තොරතුරු භාවිතය බොහෝ දුරට අවම වීමක් දෙවන රැල්ලේදි දක්නට ලැබුනේ පළමු රැල්ලේදි නීතිය ක්‍රියාත්මක වීම නිසාවෙනි. විශේෂයෙන්ම එහිදී ඉස්මතු වෙන කරුණක් ලෙස මාධ්‍ය ආචාරධර්ම සමාජ මාධ්‍යයන්හි ජනමාධ්‍ය ආයතන වලට වඩා පැහැදිලි ලෙසම අඩුවීමක් දක්නට ලැබේ. එය අප කව්රුත් දන්නා සත්‍යකි. ඒ සදහා මුහුණු පොතේ මේ වන විටත් මොහොතින් මොහොත බෙදාහරිමින් සිටින බොහෝ දෑ නිදසුන් සපයයි. තව දුරටත් පාස්කු ප්‍රහාර අවස්ථාවේ ලේ විලක් බවට මුහුණු පොත පත්වූ අයුරු සදුසුම සාක්ශියයි. වගකීම් සහගත බවින් ඉතාම අඩු සමාජ මාධ්‍ය වැරදි තොරතුරු පැතිරවීමෙන් කොතරම් වැළකුණද ඇතිවි තිබෙන තත්වය දැඩි ලෙස විහිලුවට ලක...

බොහෝ අය දකින කෝවලන් වෙනස් ඇසකින්

බොහෝ අය  කියන්නෙම කන්නගී විතරයි හොද කියලා ඉතිං, මම සෙව්වා ඉතිහාසය හාරල ටිකක් මේ ගැන... කන්නගී සුපිරි චරිතයක් කියන අය පොඩ්ඩක් අහපල්ලා...නැවතිලා..." "ඉතින් අද වගේ තමා...දකුණ ද ඉන්දියාව ද කියලා නෑ කෝවලනුත් ගලපලා කරගත්තා...මගුලක්..මේ මගුලේ කෙල්ල කන්නගී... දැන් වගේ තමා...ප්‍රේමයෙන් වෙළිලා හිටියට.. පහු පහු වෙනකොට කොහු කොහු වෙන දේවල් අද වගේම ක්‍රිස්තු පූර්ව 2ත් වුණා...වෙනසක් නෑ ඔය කොයි කාට කාටත් වෙන සන්තැසියම තමා කෝවලන්ටත් වුණේ...කෝවලන් නාට්‍යකාරයෙක්,සල්ලාලයෙක් කිව්වට උඹෙයි මගෙයි වගේ ඇතුලේ ඉන්න රසවතා ආවද දන්නෙත් නෑ...එළියට...කොහොමහරි කෝවලන් කන්නගී ජීවිතේ තිරය මත ගලා යනවා... මේ අස්සේ උඹලට පේනවා ඇති මාධවී...උඹලා හිතන්නේ කන්නගීගෙයි කෝවලන්ගෙයි ආදර පළහිලව්ව කඩන්න ආපු වෙසගනක් මාධවී කියලා... හිතට වැදෙන වස්තු විෂය ,ගෝචර නොවූ භාවයන් ගැනා අර්ථාන්විත හීන ගැන මනෝමය මෙන්ම භාවමය පූරණයක් දෙන්න පුළුවන් බං මාධවීට...රහමෙරක් එක්ක හෝරා ගණනාවක් රගන්න පුළුවන් මාධවීට...හැගීම් දැනීම් ඇති ඉහළ පහළ යන ජීවිතේට අර්ථයක් දෙන්න මේ කෙල්ලට පුළුවන් කියලා කෝවලන්ට හිතෙන්න ඇති බං...උඹටයි මටයි වගේ... ආදරේ ත...

තවමත් නොවිසඳුණු වතු කම්කරු ගැටලු

  වතු කම්කරු ගැටලු       යටත් විජිත පාලන සමයට අයත් බ්‍රිතාන්‍ය පාලන යුගය තුළ වැවිලි බෝග වගාව ඔවුන් විසින් ආරම්භ කරනු ලැබූ අතර අඩු මුදලට වැඩි ශ්‍රමයක් ලබා ගැනීමේ ලබා ගැනීමේ අවශ්‍යතාවය මතුවිය. කෙසේ වුවද ශ්‍රී ලංකාවේ අනිවාර්ය සේවා රාජකාරි ක්‍රමය අහෝසි කිරීම නිසා ඔවුන්ට අවශ්‍ය ශ්‍රමය ශ්‍රී ලාංකිකයන්ගෙන් ලබා ගැනීම අපහසු වීම මත ඉන්දියාවේ පහත් කුල වලට අයත් ශ්‍රමිකයන් ගෙන්වා ගත්තේය. ඒ අනුව 1827 යෙදී  වතු කම්කරුවන් දහදාහක් ද  1946 වන විට  665855 ක පිරිසක් මෙරටට ගෙන්වනු ලැබීය. විශේෂයෙන්ම ඉන්දියානු ජනතාව මෙරටට ගෙන ඒම මෙරට සංවර්ධනයට බාධා පැමිණ භූ භූ විශාලතම ගැටලුවක් ලෙස හැඳින්වීමට පුළුවන. ඒවා නම වාර්ගික අර්බුද , දරිද්‍රතාවය අධ්‍යාපනය අහිමි වීම ඒක පුද්ගල ආදායම අවම වීම ජනග්‍රහන වර්ධනය යනාදී විශාල ගැටලු රැසකට මඟ පාදනු ලැබුවේය. මොවුන් තුළ පවත්නා වූ දිළිඳුකම විශාල ගැටළුවක් ලෙස සැලකීමට පුළුවන. එහිදී ජන හා සංඛ්‍යාලේඛන වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය පිළිබඳව අවධානය යොමු කිරීමේ දී ග්‍රාමීය හා නාගරික අංශයන්ට සාපේක්ෂව වතු අංශයේ දරිද්‍රතාවය  ඉහළ මට්ටමක් ගන්...