කාලේ හරි ඉක්මනට ගෙවිලා යනවා. කාලේ ගෙවෙනවත් එක්කම ජීවිතේ සමහර දේවල් මගහැරෙනවා නොදැනුවත්වම. සමහර වෙලාවට කාලෙත් එක්ක එහෙම නැත්නම් අවස්ථාව නිසා නැත්නම්, අවදානමක් ගන්න බැරි නිසා එහෙමත් නැත්නම් ජීවිතේ අද්දැකීම් අඩු නිසා සමහර දේවල් අපෙන් ගිලිහෙන්න පුලුවන්.
අපි ගොඩක් දේවල් ඉගෙන ගන්නේ අද්දැකීම් එක්ක.අද්දැකීම වැඩි වෙන තරමට ඊළග පියවර සාර්ථක වෙන්න තියන ඉඩ වැඩියි. ඉතින් අපෙන් ගිලිහුණ දේවල් වලට දුක් විදිනවට වඩා මේ මොහොත ගැන හිතන එක තමයි හොදම දේ.
මොකද එක වතාවක් නැති උණු දෙයක් ආයෙත් ලබා ගන්න අවස්ථා ගොඩක් එන්න පුලුවන්.ඉතින් ඒකට මුහුණ දෙන්න නම්.අපි දැන් කරන්න ඕනි ශක්තිමත් පෞරුෂයක් හදාගන්න එක. එහෙම නැත්නම් ඒ ගිලිහුණු අවස්තාව ආය කවදාවත් ආවේ නැත්නම් ඊට වඩා ගොඩක් හොද දේවල් ඉස්සරහට මුණ ගැහේවි.
ඉතින් ඒකටත් අපි කරන්න ඕනි වර්තමානය සුබවාදිව හිතමින් ගත කරන එක. දෙයක් නැති කරගන්නවට වඩා අත් හැරුණු දෙයක් අත් හරිනවට වඩා ඒක අනාගතයෙදි හරි ලබා ගන්න නම් උත්සහය කියන දේ තමයි ගොඩක්ම වටින්නේ. දෙයක් අත්හරින්න යන හැම වෙලාවකම උත්සාහ කරනවනම් ඒ දේ ලබා ගන්න අනිවාර්යෙන්ම පුලුවන්.
අද කොරෝනා වසංගතයක් එක්ක මුළු ලෝකයම පීඩා විඳිනවා අපිට අපේ ඒ හීන වලට යන්න මහැරිලා තියෙනවා. නමුත් වසංගතය ඇතුළෙම ජීවිතය ජයගන්න මගක් හදාගත්ත මිනිස්සු ඕන තරම් ඉන්නවා. අවශ්‍ය වෙන්නේ උත්සාහය කැපවීම විතරමයි.
අතීතයේ නැති උණු සතුට ගැන හිත හිත වර්තමානයෙත් කටයුතු කරනවනම් වෙන්නේ අනාගතයත් අදුරු වෙන එක. ඒ නිසා ඒ සතුට වෙනුවෙන් අද කටයුතු කිරිම තමයි වැදගත්ම
ගත කරන හැම මොහොතක්ම
ගිලිහුණු දේවල් ගැන හිතනවට වඩා සුභවාදිව ඉදිරිය ගැන හිතනවනම් අනාගතයත් ලස්සන වේවි.
අතීතයේ නැති උණු සතුට ගැන හිත හිත වර්තමානයෙත් කටයුතු කරනවනම් වෙන්නේ අනාගතයත් අදුරු වෙන එක. ඒ නිසා ඒ සතුට වෙනුවෙන් අද කටයුතු කිරිම තමයි වැදගත්ම
ගත කරන හැම මොහොතක්ම
ගිලිහුණු දේවල් ගැන හිතනවට වඩා සුභවාදිව ඉදිරිය ගැන හිතනවනම් අනාගතයත් ලස්සන වේවි.
සිතුමිණි ගුණවීර

ඔබේ ආකල්ප පරාර්ථකාමී වන තාක් ඔබේ සුබවාදි අදහස් මිය නොයාවි...
ReplyDeleteඉදිරිය ඈත බව දුටුවත්...ඔබ ඊට ලං වන විට එකතු වූ අත්දැකීම් එක්ක පාර පැහැදිලි වී තියේවි...
Good luck
Great Article...
ReplyDeleteBest
ReplyDeleteGreat😍😍😍🤗❤️
ReplyDeleteGreat 👍👍👍❤️
ReplyDeleteBest article👌
ReplyDeleteBest
ReplyDelete👌👌👌👌👌
ReplyDeleteBest ❤
ReplyDelete❤🎗️💛
ReplyDeleteSuper 👍
ReplyDeleteGood Article..
ReplyDelete