Skip to main content

විඳීමම විඳවීමක් කරගත් ඇය..

 


ගැහැණිය,..

"ගැහැණිය,
වේදනාව කඳුළු ආස්වාස කර
කැපකිරීම් දරාගැනීම් වලට මැදිව
මහ මෙරක් වන් සෙනහස
ප්‍රාස්වාස කරමින්
කටුක දිවියක් ගෙවයි
රෝස මල් යහනාවකින් වටවුණු..."

ඇගේ මුළු ජීවිතේම තියන්නේ දරාගැනීම්, කැපකිරීම් සමාජයේ කව්රුත් නොහිතන අසධාරණත්වය හමුවේ ඇය පීඩාවට හිංසාවට , ගැරහුම් වලට ලක් වෙනවා.

ඇය සියුමැලියි. සුන්දරයි. නමුත් ඒ ජීව්තේ බොහෝ තැන් අමිහිරියි. කටුකයි. සමාජයේ අවමන් මැද ගැහැණුන් කොයි තරම් නම් අසරණ වෙනවද පීඩා විදිනවද?

ගැහැණියක් ඉපදෙන්නෙම වේදනාව කිය්න දේ උරුම කරගෙන. ඒ විතරක්ම නෙමෙයි ලෝකය තුළ ආරක්ශාව රැකවරණය අහිමි වීම තුළින්  ගැහැණියක් කොයි තරම් පීඩා විදිනවද? ගැහැණියක් ලෝකේ කොයි තරම් ආරක්ෂා විය යුතුද ?  කො‍යි තරම් අනාරක්ශිතද?

ඇගේ ජීවිතේ රෝස මල් යහනාවක් වගේ පිටට පෙනුනට මේ ලෝකේ හැම ගැහැණියකගේම පිටතින් පෙනෙන ජීවිතය පිටුපස  සුන්දරත්වයට එහා ගිය කටුක අමිහිරි සංකීර්ණ ජීවිතයක් තියනවා. 

කිසිවකුත් ගැඹුරින් නොදකින නමුදු ගැඹුරින් දැකිය යුතු දකින රෝස මල් යහන තුළට කාවැද බැලිය යුතු විදීමම විදවීමක් කරගත් හදවතක් ඇයට තියනවා ලොවක් වෙනුවෙන්ම ගොළු වුණු..


සිතුමිණි ගුණවීර

Comments

  1. Great article 👍

    ReplyDelete
  2. 💜️💜️💜️💜️💜️💜️💜️

    ReplyDelete
  3. 😕ඒ ඉවසීම කා හින්දද කියලා හිතලා බැලුවොත්...අඩන්නෙ නෑ කියන සේරම ඇස් දන්නෙම නැතිව තෙත්වේවි

    ReplyDelete

Post a Comment