වර්ථමානයේ සමාජ දේශපාලන ආර්ථික ආගමික සංස්කෘතික යනාදී වශයෙන් පුළුල් වෙනසක් අදවන විට සමාජ ජාල මාධ්‍ය එනම් ශ්‍රී ලංකාවේ බහුලව භාවිතා වන ෆේස්බුක් මාධ්‍ය සිදු කර තිබේ.
විශේෂයෙන්ම මැතිවරණ ක්‍රියාවලියේ දී පවා දේශපාලනයට සෘජුවම දායකත්වයක් සපයන්නේ ෆේස්බුක් මාධ්‍යයි. උදාහරණයක් ලෙස 2015 ජනාධිපති වරණය සෘජුවම ගත හැකිය. ෆේස්බුක් සමාජ මාධ්‍ය පවත්නා වූ විශාලතම ගැටලු සහගත ම කාර්යයක් නම් නිසි අධ්‍යාපනයෙන් තොර බොහෝ දෙනා අද වනවිට ෆේස්බුක් මාධ්‍යයේ ආධිපත්‍ය ගෙන සිටීමයි.
විශේෂයෙන් ම ලක්ෂ ගණනින් වූ ප්‍රේක්ෂක පිරිසක් සහිත ෆේස්බුක් පිටු ඇඩ්මින් වරුන් ඇතැම් විට නිසි සමාජ දැනුමක්, අධ්‍යාපනයක් නොමැති අය වීම මත ඔවුන් ගේ අදහස් ආකල්ප සමාජ ගත වීම බොහෝ දුරට සිදු වේ. තවත් දෙයක් නම් දෙයක්නම් රීච් ලබා ගැනීමේ අරමුණෙන් හිතාමතාම අනවශ්‍ය ආකල්ප මිනිසුන්ගේ මනසට කාන්දු කිරීමට අද වන විට ෆේස්බුක් මාධ්‍ය සමත්ව තිබේ. එනම් නොයා සිටීම ඔවුන්ට අවාසියක් වන බව සිතා කටයුතු කිරීමෙන් විශාල තරගයක් සමග වැරදි ආකල්ප බොහොමයක් බොහෝමයක් සමාජගත වීම සිදුවේ.
රටක සංවර්ධනයට විශේෂයෙන්ම බලපාන මිනිසුන්ගේ මානසිකත්වය වෙනස් කිරීමේ ක්‍රියාදාමය සිදු කිරීමේ පූර්ණ බලයක් ෆේස්බුක් මාධ්‍ය සතුව පවතින නමුදු එය යහපත් ආකාරයෙන් ඉටු නොවීම අද වන විට සමාජයේ විශේෂ ගැටලුවක් බවට පත්ව තිබේ.
ෆේස්බුක් මාධ්‍ය පිළිබඳව කතාබහ කිරීමේදී කතා බහ කිරීමේ දී මේ දිනවල වඩාත් ප්‍රචලිත තේමාවක් ඒ හා සංසන්දනය කිරීම වැදගත් වන්නකි.පෙබරවාරි 14 යනු ලෝක ආදරවන්තයන්ගේ දිනයයි. ඒ සඳහා තව දින කිහිපයක් ඇති නමුත් මෙම මාසය පටන් ගත් දිනයේ පටන් ෆේස්බුක් සමාජ මාධ්‍ය තුළ රැල්ලක් ලෙසට බෙදාහැරෙන පිළිකුල් සහගත පෝස්ට් රාශියක් දක්නට ලැබේ. ආදරවන්තයන්ගේ දිනයේ සැබෑ අර්ථය නොදත් ඔවුන් සමාජගත කරන්නට උත්සහ දරන්නේ පෙබරවාරි 14 ආදරවන්තයින් ලෙස ලිංගික කෘත්‍යන් ඉටු කරගන්නා දිනයක් බවයි.
මෙම රැල්ල ෆේස්බුක් මාධ්‍ය ජාලයේ අවුරුද්දෙන් අවුරුද්දට සෑම අවස්ථාවකම දකින්නට සැලසෙන දෙයකි. ජාත්‍යන්තරයට විහිළුවක් වන මේ සමාජ රැල්ල ඇත්තෙන්ම මේ දිනවල සමාජ මාධ්‍ය වල සැරිසරන බොහෝ දෙනාට පිළිකුල් සහගත සිදු වීමකි. සත්‍ය වශයෙන්ම ඔවුන් ආදරවන්තයන්ගේ දිනයේ යථාර්ථය අවබෝධ නොකොට මෙවැනි ආකාරයෙන් සමාජ රැල්ලක් ඇති කිරීම සහ සමාජයට දුර්මත බෙදා හැරීම ඉතාමත්ම ශ්‍රී ලංකාවේ ඉදිරි දියුණුවට විශාල බාධාවකි.
මේ ආකාරයෙන් සමාජයට විහිලු සපයමින් අසභ්‍ය , යථාර්ථයක් නොමැති දුර්මත ඉදිරිපත් කිරීමට වඩා අර්ථවත් දෙයක් සමාජ ගත කරලීම ඉතාම වැදගත්වේ. මෙවැනි දෑ විදෙස් මාධ්‍ය දන්නේ නම් මේ සැබැවින්ම ඔවුන්ට සිනහවට කරුණක් පමණි. සමාජයේ මේ දිනවල බෙහෙවින් ම පැතිර යන කොවිඩ් වෛරස් නිසා වත් එයින් මුදා හැරෙමින් ආදරවන්තයන්ගේ දිනයේ පැවැත්වෙන වැඩසටහන් ආදිය නැවතීමට පවා කටයුතු කර ඇති තත්ත්වයක දී එයින් ආරක්ෂා වන්නේ කෙසේ ද යන්න සමාජගත කරලීම මේ මොහොතේ වැදගත්ම දෙයක් බව සිහියට ගත යුතු වේ. විහිළු සැපයීම විනෝදාස්වාදය සමාජයට අත්‍යවශ්‍ය දෙයක් නමුදු පිළිකුල් සහගතව විහිලු පමණක් සැපයීම ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්රයේ මෙන්ම නව මාධ්‍ය ක්ෂේත්රයේද අනාගතය අඳුරු බව පසක් කරන්නක් බව මතක තබා යුතු ගත යුතු කරුණකි


කාලිනයි💛
ReplyDelete👍👍
ReplyDeleteBest one👌👌❤️❤️
ReplyDeleteවැදගත්
ReplyDeleteGreat🎉️🎉️
ReplyDeleteGreat 💖
ReplyDeleteGreat artical
ReplyDeleteවැදගත්...❤️
ReplyDelete👍👍👍
ReplyDeleteHoda Article ekak
ReplyDeleteMaru
ReplyDeleteකාලීනයි💫❤️
ReplyDeleteරතු කට්ට.😑
ReplyDeleteGood
ReplyDeleteGood article 👍
ReplyDeleteGreat article 💛🥂
ReplyDeleteNiyamai
ReplyDeleteGreat 👌
ReplyDeleteGodak wadagath article ekk.obata jaya
ReplyDeleteවැදගත් 👍
ReplyDeleteඒකනම් ඇත්ත තමා , තරුණ ළම්යින්ට කිසිම බරපතළ කමක් තේරෙන්නෑ
ReplyDeleteGood Article
ReplyDeleteBest artical 👌👌
ReplyDeleteNiyamai
ReplyDeleteකාලීන සාකච්ඡාවක්
ReplyDeleteවැදගත් ලිපියක්
ReplyDeleteBest Article
ReplyDelete