Skip to main content

යටත් විජිතවාදයෙන් ශ්‍රී ලංකාවට අඳුරු දායාදයක් වූ වාර්ගික ගැටුම්

 


මිනිසා තුළ ස්වාභාවයෙන්ම උරුම වූ අනන්‍ය ගති ලක්ෂණ පවත්නා අතර ඒවා කිසිසේත්ම තවත් පුද්ගලයකුට සම නොවේ. නෛතිකව සිරුරේ සුදු කළු වර්ණ අනුවද හැඩරුව අනුව ද බාහිර ගති ලක්ෂණ අනුව ද අදහන ආගම් ජාතීන් අනුව ද පුද්ගලයා තවත් කෙනෙකුගෙන් වෙනස් වේ. කෙසේ වුව ද සමාජය තුළ තමන්ට ආවේනික සමාන ගති ලක්ෂණ හා බාහිර සංකල්ප මත පදනම් පදනම් ව සමාජය බෙදෙන ආකාරය පෙනී යයි. උදාහරණ ලෙස  ඇමරිකානු සමාජයේ සුදු කළු වර්ණ භේදය පවතී. තවදුරටත් බොහෝ රටවල ජාති ආගම් මත පදනම්ව වර්ග භේදය පවතී. මේ සඳහා මූලිකම හේතුව වන්නේ පුද්ගලයාගේ සිතේ ඇතිවන ඇතිවන තවකෙකු අනෙකා යන සිතිවිල්ලයි. මෙකී කරුණ එඩ්වඩ් සයිඩ් ගේ ප්‍රාචීනවාදී නියායෙන් තවත් ඉස්මතු වේ.

ශ්‍රී ලංකාව බහුවාර්ගිකත්වයකින් යුක්ත රටක් වන අතර යම් යම් අවස්ථා වලදී ප්‍රධාන වශයෙන් සිංහල හින්දු , සිංහල මුස්ලිම් යනාදී වශයෙන් ගැටුම් ඇති ව තිබේ. ශ්‍රී ලංකාවේ වාර්ගික ගැටුම් ඉතිහාසය වෙත ගමන් කිරීමේ දී ඒ සඳහා මූලිකම හේතුව වන්නේ බ්‍රිතාන්‍යයන්ගේ බෙදා පාලනය කිරීමේ ක්‍රමවේදයයි. ප්‍රථමයෙන්ම වාර්ගික ලෙස බෙදීමක් සිදු වුයේ වූයේ වුයේ 1833 ප්‍රතිසංස්කරණ අනුව වාර්ගික නියෝජන ක්‍රමයයි. මෙකී ක්‍රමවේදය අහිතකර ප්‍රතිඵල පශ්චාත් යටත් විජිත සමයේ මෙන්ම අද වන විට ද බලපායි. මෙහිදී එඩ්වඩ් සයිඩ් ගේ ප්‍රාචීන වාදී න්‍යාය කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් වේ වර්ගවාදයක් ඇති වීමට ඇති වීමට මූලිකම සිද්ධාන්තය නම් අනෙකා ලෙස සිතා කටයුතු කිරීමයි එම මූල බීජය මෙරට වැපිරීමට මෙම වාර්ගික නියෝජනය ප්‍රබලව දායක වූ බව නොඅනුමානය. ඒ මෙරට ගැටුම් ඉතිහාසය කෙරෙහි අවධානය දී යටත් විජිත සමය පුරාවට සහ ඉන්පසු  යම් යම් අවස්ථාවන්හිදී ජාතීන් අතර විවිධ ඝට්ටන ඝට්ටන මතභේද ඇති වුණි.

1915 සිංහල මුස්ලිම් කෝලහාලය

1915 මැයි මස 28 දින පොලිසියේ හා අදාළ බලධාරීන්ගේ අවසරය මත තූර්යවාදක කණ්ඩායමක් කාසල්හිල් වීදියේ ගමන් කරන අතර ඒ වන විට මාර්‍ගයේ ආරක්ෂාවට සිටි කුරේ නම් පොලිස් නිලධාරියා වාදන කණ්ඩායම්වලට ඒ වීදියෙන් ගමන් කිරීම තහනම් බව පවසා හරවා යැවීය.ඒ යන ගමනේයාර 120ක් පමණ එහා යෝනක පල්ලියක සිටින ජනයා මෙම බැති ගී කණ්ඩායමට සහ තූර්ය වාදකයන්ට කළ සරදම් ඉවසා ගත නොහී හරවා යැවූ කණ්ඩායමක් නැවත පෙර ගිය දෙසටම ගමන් කරන්නට විය.බැති ගී කණ්ඩායම පසු පස ගිය බෞද්ධයන්ට මරක්කලයන් ගල් ගැසීමට පටන් ගත් ‍‍‍හෙයින් උදහසට පත් වූ බෞද්ධයන් ද මුවර්වරුන්ගේ පල්ලියට හානි ක‍‍ළේය.මෙය හේතුව කර ගනිමින් රාත‍්‍රියේ ද ඇති වූ ගැටුම් දින දෙකක් පුරා මැයි මස 30 වන දින දක්වා පැවතුණි.එයින් ඇතැම් අය අත්අඩංගුවට පත් වු අතර තවත් අය සිරගත විය.පොලීසියට කෝලාහලය සංසිදවාගත නොහැකි වූයෙන් පංජාබ් හමුදාව කැඳවන ලදී.ජූලි 01 වන දින එය කොළඹ එනම්, බස්නාහිර පළතට පැතිරුණු අතර ඊළග දිනයෙහි දකුණ,මධ්‍යම,උතුර මැඳ,සබරගමුව ආදී පළාත්වලට ද පැතිර ගියේය.අවසානයේ දින 09කට පසු ජූනි 06 වැනි දින කෝලාහලය පාලනය කළ ද පැන වු යුධ නිතිය ඉවත් කරන ලද්දේ අගෝස්තු මස 30 වැනිදාය.

මෙම ගැටුම හේතුව හානි වලට ගොදුරු වූ මුස්ලිම් පල්ලි 86 ක්, පුළුස්සනු ලැබූ මුස්ලිම් පල්ලි 17 ක්ද කොල්ලකනු ලැබූ කඩ  4075ක්  ද මරනු ලැබූ මුස්ලිම්වරු 35 ක්ද තුවාල ලැබුවන් 189 ස්ත්‍රී දූෂණ හතරක් ද ද යනාදී වශයෙන් විශාල දේපළ හා මිනිස් ජීවිත හානි සිදුවිය.

1983 සිංහල දෙමළ කළු ජූලිය

ප්‍රථමයෙන්ම මෙකී කාරණය සඳහා පසුබිම සැකසෙන්නේ කෙසේද යන්න සොයා බැලීම වැදගත් වේ. බ්‍රිතාන්‍ය යටත් විජිතවාදි පාලකයින් විසින් ශ්‍රි ලංකාවේ පාලන කටයුතුවලදී මෙන්ම අධ්‍යාපනික, ආර්ථික පාලනය වැනි කටයුතුවලදී ද දෙමළ ජනතාවට වැඩි සැලකිල්ලක් දැක්වූහ. මෙසේ කිරිමට බ්‍රිතාන්‍යයන්ගේ බෙදා වෙන් කොට පාලනය කිරිමේ ප්‍රතිපත්තිය මුල් විය. දෙමළ සුළු ජනතාව සහ සිංහල මහ ජාතිය අතර ප්‍රචණ්ඩකාරි අර්බුදයක් ඉක්මණින් ඇති වීමට හේතු වුයේ එයයි. 1956 දි ඉදිරිපත් කරන ලද සිංහල පමණයි පනත මගින් ඉංග්‍රිසි සහ දෙමළ භාෂාව පාවිච්චි කිරිමේ සාධාරණ අයිතියට සීමාවන් පන වන ලදි. මෙම ක්‍රියාවලියට එරෙහිව දෙමළ ජනතාව දැක්වූ විරෝධතාවලට ප්‍රචණ්ඩකාරි පිරිස්වලින් පහර ඵල්ල විය. මෙවැනි සිද්ධීන් ක්‍රම ක්‍රමයෙන් වැඩි වී 1958 දී ඇති වූ කැරැල්ලක් දක්වා එම තත්ත්වය වර්ධනය විය.

1960 දශකය පුරා පැවති විරෝධතා ව්‍යාපාර සහ ඒවා වැළැක්විමට රජය ගත් ක්‍රියා මාර්ගද දෙපාර්ශවය අතර ද්වේශය වර්ධනය වීමට හේතු විය. 1971 දි දෙමළ සිසුන් ඉලක්ක කර ගත් ප්‍රමිතිකරණ ප්‍රතිපත්තිය සහ වෙනත් සීමාකිරිම් හඳුන්වා දෙන ලදි. එයින් වඩාත් තහවුරු කරන ලද්දේ සිංහල සහ මුස්ලිම් සිසුන්ට පමණක් ඉඩදෙන ක්‍රියා පිළිවෙලකි. මෙහි ප්‍රතිඵලය වූයේ දෙමළ සිසුන් වැඩි පිරිසක් සන්නද්ධ කණ්ඩායම් කරා යොමු විමයි. මෙම නැගී ගෙන එන අංකුර තත්ත්වයන් සම්බන්ධයෙන් පොලීසිය ගත් ක්‍රියාමාර්ගයන්හි ප්‍රතිඵලය වූයේ දෙමළ ජනතාව සහ රජය අතර විරසකය තව තවත් වැඩි වීමයි.

ඉන්පසුව 1977 දී එක්සත් ජාතික පක්ෂය බලයට පැමිණිමෙන් පසු "1977 කැරලි" යන නමින් හැඳින්වෙන කැරළි කීපයක් ඇති වුනි. 1981 දි ප්‍රචණ්ඩකාරි පිරිසක් විසින් ඉතා ප්‍රසිද්ධියක් ඉසිලු යාපනය පුස්තකාලය ගිනි තබන ලදි. 1983 දක්වා ඒ හා සමාන කුඩා පරිමාණයේ ප්‍රචණ්ඩකාරි ක්‍රියාවන් රජයත් හතු පිපෙන්නාක් මෙන් බිහිවු දෙමළ සන්නද්ධ කණ්ඩායම් අතරත් ඇතිවුණි. සැළකිය යුතු සංඛ්‍යාවක් වූ මිනිමැරුම්, පැහැරගෙන යාම්, හිරිහැර කිරිම්, අතුරුදන් කිරිම් පිළිබඳව එම දෙපාර්ශවයට චෝදනා ඵල්ල විය.


මෙම ගැටුමට අදාළ ව අදාළව රජයේ නිල ලේඛන අනුව මියගිය සංඛ්‍යාව 407 එකක් වන අතර නිල නොවන සංඛ්‍යාව 1500 ක් පමණ වූ බව සඳහන් වේ
තුවාල ලැබූවන් 3769 ක් වන අතර මංකොල්ලකෑම් 3,835 කි මේ සඳහා විශාල ලෙස පශ්චාත් යටත් විජිත සමයේ බොහෝ කරුණු බලපානු ලැබුවේය.
ප්‍රබලවම ඉහත සඳහන් ගැටුම් සඳහන් කළ හැකි අතර ඊට අමතරව මෑත කාලේ තෙල්දෙණියෙ සිදුවූ තත්ත්වය ද උදාහරණ ලෙස දැක්විය හැකිය. මෙම ගැටුම් පිළිබඳව අවධානය  ව අවධානය යොමු කිරීමේ දී විශේෂයෙන්ම සංවර්ධනය සඳහා සෘජුව බලපාන සාධකයක් ලෙස මෙම තත්වයන් දැකිය හැකි ය විශේෂයෙන්ම 1983 කළු ජූලිය අවස්ථාවට පෙර මෙරට නව ආර්ථිකයක් ලෙස ඉදිරියට එමින් පැවැති සංචාරක ව්‍යාපාරය එනම් ඊට පෙර 6% ක වර්ධනයක් බව භවති සංචාරක පැමිණීම  විශාල වශයෙන් අඩුවිය එමෙන්ම මෙරට සංවර්ධනය විශාල බලපෑමක් සිදු වූ එල්ටීටීඊ ත්‍රස්තවාදී බලපෑම මෙන්ම වසර ගණනාවක යුද්ධය ද කළු ජූලිය හේතුවෙන් ඇති වූ අඳුරු සිදුවීම් ය .
ඒ අනුව පැහැදිලි වන්නේ වාර්ගික ගැටුම් ශ්‍රී ලංකාවේ විශාල සංවර්ධනයේ අඩාල භාවයකට මුල පිරීමක්  සිදුව ඇති බවතයි. ගැටුම් ඇතිවන කාල සීමාවන් තුළ බොහෝසෙයින්ම අලාභ හානි සිදු වූ අතර අදටත් පවතින මත ගැටුම් හේතුවෙන් යම් යම් අයුරින් ඒ සඳහා අවධානය යොමු කිව යුතු බැවින් වෙනත් සංවර්ධන ව්‍යාපෘති සඳහා යොදවන කාලය සහ අවධානය යොමු කිරීමට සිදුවේ. යටත් විජිත සමයේ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ මත හා ඔවුන් මානසික අනෙකා යන සංකල්පය මත බිහිවන ප්‍රාචීනවාදය අදටත් විශාල වශයෙන් බලපාන බවයි.

Comments

Post a Comment

Popular posts from this blog

කොවිඩ් දෙවැනි රැල්ල සහ මාධ්‍ය හැසිරීම

ගම්පහ දිස්ත්‍රික්කයේ ඇඟලුම් සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමඟ වඩාත් කාර්යක්ෂමව තොරතුරු ලබාදීමේ අරමුණෙන් ජනමාධ්‍ය සහ නව මාධ්‍ය යන සියලුම මාධ්‍යයන් ඉතා කඩිනමින් කටයුතු කරමින් සිටී. විශේෂයෙන්ම මාධ්‍ය ආචාරධර්ම, මානුෂීය සංවේදීත්වය යනාදී කාරණයන් පසෙකලා වාණිජ අරමුණු, වඩා ඉක්මනින් ප්‍රවෘත්ති සැපයීමේ හා ප්‍රතිරූපය ගොඩ නංවා ගැනීමේ අරමුණු සමග මාධ්‍ය ගැටෙමින් සිටින බව මේ දිනවල මාධ්‍ය නිරීක්ෂණය කිරීමෙන් පිළිඹිඹු වන කරුණකි. එහිදී වැරදි තොරතුරු භාවිතය බොහෝ දුරට අවම වීමක් දෙවන රැල්ලේදි දක්නට ලැබුනේ පළමු රැල්ලේදි නීතිය ක්‍රියාත්මක වීම නිසාවෙනි. විශේෂයෙන්ම එහිදී ඉස්මතු වෙන කරුණක් ලෙස මාධ්‍ය ආචාරධර්ම සමාජ මාධ්‍යයන්හි ජනමාධ්‍ය ආයතන වලට වඩා පැහැදිලි ලෙසම අඩුවීමක් දක්නට ලැබේ. එය අප කව්රුත් දන්නා සත්‍යකි. ඒ සදහා මුහුණු පොතේ මේ වන විටත් මොහොතින් මොහොත බෙදාහරිමින් සිටින බොහෝ දෑ නිදසුන් සපයයි. තව දුරටත් පාස්කු ප්‍රහාර අවස්ථාවේ ලේ විලක් බවට මුහුණු පොත පත්වූ අයුරු සදුසුම සාක්ශියයි. වගකීම් සහගත බවින් ඉතාම අඩු සමාජ මාධ්‍ය වැරදි තොරතුරු පැතිරවීමෙන් කොතරම් වැළකුණද ඇතිවි තිබෙන තත්වය දැඩි ලෙස විහිලුවට ලක...

බොහෝ අය දකින කෝවලන් වෙනස් ඇසකින්

බොහෝ අය  කියන්නෙම කන්නගී විතරයි හොද කියලා ඉතිං, මම සෙව්වා ඉතිහාසය හාරල ටිකක් මේ ගැන... කන්නගී සුපිරි චරිතයක් කියන අය පොඩ්ඩක් අහපල්ලා...නැවතිලා..." "ඉතින් අද වගේ තමා...දකුණ ද ඉන්දියාව ද කියලා නෑ කෝවලනුත් ගලපලා කරගත්තා...මගුලක්..මේ මගුලේ කෙල්ල කන්නගී... දැන් වගේ තමා...ප්‍රේමයෙන් වෙළිලා හිටියට.. පහු පහු වෙනකොට කොහු කොහු වෙන දේවල් අද වගේම ක්‍රිස්තු පූර්ව 2ත් වුණා...වෙනසක් නෑ ඔය කොයි කාට කාටත් වෙන සන්තැසියම තමා කෝවලන්ටත් වුණේ...කෝවලන් නාට්‍යකාරයෙක්,සල්ලාලයෙක් කිව්වට උඹෙයි මගෙයි වගේ ඇතුලේ ඉන්න රසවතා ආවද දන්නෙත් නෑ...එළියට...කොහොමහරි කෝවලන් කන්නගී ජීවිතේ තිරය මත ගලා යනවා... මේ අස්සේ උඹලට පේනවා ඇති මාධවී...උඹලා හිතන්නේ කන්නගීගෙයි කෝවලන්ගෙයි ආදර පළහිලව්ව කඩන්න ආපු වෙසගනක් මාධවී කියලා... හිතට වැදෙන වස්තු විෂය ,ගෝචර නොවූ භාවයන් ගැනා අර්ථාන්විත හීන ගැන මනෝමය මෙන්ම භාවමය පූරණයක් දෙන්න පුළුවන් බං මාධවීට...රහමෙරක් එක්ක හෝරා ගණනාවක් රගන්න පුළුවන් මාධවීට...හැගීම් දැනීම් ඇති ඉහළ පහළ යන ජීවිතේට අර්ථයක් දෙන්න මේ කෙල්ලට පුළුවන් කියලා කෝවලන්ට හිතෙන්න ඇති බං...උඹටයි මටයි වගේ... ආදරේ ත...

තවමත් නොවිසඳුණු වතු කම්කරු ගැටලු

  වතු කම්කරු ගැටලු       යටත් විජිත පාලන සමයට අයත් බ්‍රිතාන්‍ය පාලන යුගය තුළ වැවිලි බෝග වගාව ඔවුන් විසින් ආරම්භ කරනු ලැබූ අතර අඩු මුදලට වැඩි ශ්‍රමයක් ලබා ගැනීමේ ලබා ගැනීමේ අවශ්‍යතාවය මතුවිය. කෙසේ වුවද ශ්‍රී ලංකාවේ අනිවාර්ය සේවා රාජකාරි ක්‍රමය අහෝසි කිරීම නිසා ඔවුන්ට අවශ්‍ය ශ්‍රමය ශ්‍රී ලාංකිකයන්ගෙන් ලබා ගැනීම අපහසු වීම මත ඉන්දියාවේ පහත් කුල වලට අයත් ශ්‍රමිකයන් ගෙන්වා ගත්තේය. ඒ අනුව 1827 යෙදී  වතු කම්කරුවන් දහදාහක් ද  1946 වන විට  665855 ක පිරිසක් මෙරටට ගෙන්වනු ලැබීය. විශේෂයෙන්ම ඉන්දියානු ජනතාව මෙරටට ගෙන ඒම මෙරට සංවර්ධනයට බාධා පැමිණ භූ භූ විශාලතම ගැටලුවක් ලෙස හැඳින්වීමට පුළුවන. ඒවා නම වාර්ගික අර්බුද , දරිද්‍රතාවය අධ්‍යාපනය අහිමි වීම ඒක පුද්ගල ආදායම අවම වීම ජනග්‍රහන වර්ධනය යනාදී විශාල ගැටලු රැසකට මඟ පාදනු ලැබුවේය. මොවුන් තුළ පවත්නා වූ දිළිඳුකම විශාල ගැටළුවක් ලෙස සැලකීමට පුළුවන. එහිදී ජන හා සංඛ්‍යාලේඛන වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය පිළිබඳව අවධානය යොමු කිරීමේ දී ග්‍රාමීය හා නාගරික අංශයන්ට සාපේක්ෂව වතු අංශයේ දරිද්‍රතාවය  ඉහළ මට්ටමක් ගන්...