Skip to main content

කාන්තා දිනය කියන්නෙම කාන්තාවකට කරන අසාධාරණයක්_



කාන්තා දිනය කියන්නෙම කාන්තාවකට කරන අසාධාරණයක්_

ලෝක කාන්තා දිනය ඒ වචන ටිකම  කාන්තාවට අසාධාරණාක් කරලා ඉවරයි.. ඇයි මොකටද පිරිමින්ට නැති දිනයක් කාන්තාවන්ට විතරක්ම.. පිරිමි උසස් , පිරිමින්ට පුලුවන් කියන මානසිකත්වය තමයි ස්ත්‍රී  දූශනේකට ප්‍රධාන හේතුව. කාන්තා දිනය කියන්නේ අභිමානයෙන් සැමරිය යුතු දෙයක් කියලා කව්රු හරි හිතනවනම් එතන තමයි වැරදුනේ.

මෙහෙම දිනයක් වෙන් කිරීම තුළම තියන්නේ ස්ත්‍රිය හැම තැනදිම පත් වෙන දරුණු ඉරණමක අර්බුධය.
තව දෙයක් අද දවසෙම හැමෝම ලියනවා කතා කරනවා 'ඇය නැති ලොවක් තිබිය හැකිද " මේ කියන්නේ ලෝකේ පැවැත්ම ගැන නම් ඇය නැතුව විතරද ලෝකයක් පවතින්න බැරි කියන ප්‍රශ්නේ ඇතිවෙනවා. ලෝකේ පැවැත්මට ගැහැණියක් වගේම පිරිමියෙකුත් ඕනි. ඉතින් ඇයි ඔහු නැති  ලෝකයක් නැති ලෝකයක් පවතින්නවත් පුලුවන්ද කියන්න බැරි.. ඒ කියන්නේ කාන්තාව නැතුව ගෙදර ළමයි බලා ගන්න , රෙදි හෝදන්න , උයන්න වගේ දේවල් කරගන්න බෑ කියන එක මිසක් පැවැතමක් නෑ කියන එක නෙමෙයි. ළමයින්ට දිනයක් වෙන් කරද්දි, වැඩිහිටියන්ට දිනයක් වෙන් කරද්දි පිරිමි වෙනුවෙන් දිනයක් වෙන් කරලා සමරන්නේ නැති කාරණය තුළම තියන්නේ අර්බුධයක්.  සමාජයේ අසාධාරණයන්ට ලක් වන සහ නිසි තැනක් හිමි නොවන අය වෙනුවෙන් එලෙස දිනයක් වෙන් කරද්දී කාන්තාවට මෙලෙස දිනයක් වෙන් කිරීම පිළිබඳව සතුටු වෙනවා කියන්නෙම ඒක ඇතුලේ තියන්නේ ලොකු අර්බුධයක්.

දිනයක් වෙන් කරලා මේ කරන්නෙත් අසාධාරණයක්. මොකද හැම දේකින්ම සමාජයේ පිරිමින්ට වඩා ස්ත්‍රිය පහත් කියන මානසිකත්වය ඇති කරන තවත් එක දවසක් තමයි අද දිනය. දික්කසාද වලින් ඇයි කාන්තාවට වන්දියක් ලැබෙන්නේ ඇයි පිරිමියාට වන්දියක් ගෙවන්න කියන්න බැරි. ඇයි කාන්තාවකට මුදල් උපයන්න ජීවත් වෙන්න ශක්තියක් නැද්ද. තවත් ලස්සන කතාවක් කිව්වා මේ ලගදි මන්ත්‍රීවරයෙක් ගවුම් අදින රිලවුන් ට කියන්නේ පිරිමි වෙයල්ලා කියලා. අනුන්ගේ කුණු අවුස්සන එක ඇයි පිරිමින්ට මදි කමක් වෙන්නේ ඕනි තරම් එහෙම දේවල් කරන කේලම් කියන පිරිමි සමාජයේ නැද්ද? ලෝකේ ඕනි තරම් අඬන සංවේදි පිරිමි ඉන්නවා. නමුත් ඇයි කෙල්ලෙක් වගේ අඬන්න එපා කියන්නේ ඇයි පිරිමින්ට අඬන එක ලැජ්ජාවක් වෙන්නේ.  ස්ත්‍රිය මෙනවිය , මහත්මිය වෙද්දි ඇයි පිරිමියාව මහත්මයා කියලා විතරක් හදුන්වන්නේ? ආසියානු සමාජ වල අම්මා කෙනෙක් මොකටද තමන්ගේ පුතා පිරිසිදුයිද කියලා බලන්නේ නැත්තේ ඇයි කාන්තාවකගේ පමණක් කන්‍යාභාවය පරීක්ශා කරන්නේ?  ඕනි තරම් පිරිමි වගේ අදින කාන්තාවො ඉන්නවා ඇයි පිරිමියෙක් ගව්මක් , සායක් අදින එක ලැජ්ජාවක් වෙන්නේ. ඇයි ගැහැණියක් රැකියාවට යද්දි පිරිමියා ගෙදර ළමයි බලාගෙන ගෙදර වැඩ කරන එක ලැජ්ජාවක් වෙන්නේ. මේ මානසිකත්වය කව්ද ඇති කලේ කියන එක ලොකු අර්බුධයක්.
ජීව විද්‍යාත්මකව ගැහැණියට වඩා සාපෙක්ශ කායික ශක්තියක් පමණක් පිරිමියාට හිමි වීම මත කාන්තාව පිරිමියාට වඩා පහත් කොට සැලකීම කොතරම් දුරට සාධාරණද. අද දිනය තුළ හැමෝම කතා කරනවා ස්ත්‍රී දූශන , කාන්තා හිංසන ගැන මේකෙන් වෙන්නේ පිරිමියාට පුලුවන් ස්ත්‍රියක් දූශනය කරන්න, පිරිමියාට පුලුවන් කාන්තාවකට හින්සනයක් කරන්න කියන මානසිකත්වය එක්ක පිරිමියා උසස් කිරීම සහ කාන්තාව පහත් කිරීම. එවන් මානසිකත්වයක් තවත් ඇති කරන කතා කරන අද වගේ දිනයක් කියන්නෙම කාන්තාවකට කරන අසාධාරනයක් නොවේද? 

සිතුමිණි උපේක්ශා ගුණවීර

Comments

  1. මාත් ඉන්නෙ මේ මතය උඩ. ඔව් වෙනම දවසක් ඕන නැහැ. එතනින්ම අර ආබාධිත අය සඳහා විශේෂ සැළකීම , වගේ විශේෂ ටයිප් එකකට ගෙනල්ලා.. ස්වයංක්‍රීය ම පහත් කරනවා.

    ReplyDelete
  2. කාලීන වැදගත් ලිපියක් 👍

    ReplyDelete
  3. අපි මිනිස්සු කියන තැනින් බැලුව නම් ලෝකය ගොඩක් ලස්සන තැනක් වේවි 🌼🌼

    ReplyDelete
  4. ඇත්ත ඇතිසැටියෙන්💛

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කොවිඩ් දෙවැනි රැල්ල සහ මාධ්‍ය හැසිරීම

ගම්පහ දිස්ත්‍රික්කයේ ඇඟලුම් සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමඟ වඩාත් කාර්යක්ෂමව තොරතුරු ලබාදීමේ අරමුණෙන් ජනමාධ්‍ය සහ නව මාධ්‍ය යන සියලුම මාධ්‍යයන් ඉතා කඩිනමින් කටයුතු කරමින් සිටී. විශේෂයෙන්ම මාධ්‍ය ආචාරධර්ම, මානුෂීය සංවේදීත්වය යනාදී කාරණයන් පසෙකලා වාණිජ අරමුණු, වඩා ඉක්මනින් ප්‍රවෘත්ති සැපයීමේ හා ප්‍රතිරූපය ගොඩ නංවා ගැනීමේ අරමුණු සමග මාධ්‍ය ගැටෙමින් සිටින බව මේ දිනවල මාධ්‍ය නිරීක්ෂණය කිරීමෙන් පිළිඹිඹු වන කරුණකි. එහිදී වැරදි තොරතුරු භාවිතය බොහෝ දුරට අවම වීමක් දෙවන රැල්ලේදි දක්නට ලැබුනේ පළමු රැල්ලේදි නීතිය ක්‍රියාත්මක වීම නිසාවෙනි. විශේෂයෙන්ම එහිදී ඉස්මතු වෙන කරුණක් ලෙස මාධ්‍ය ආචාරධර්ම සමාජ මාධ්‍යයන්හි ජනමාධ්‍ය ආයතන වලට වඩා පැහැදිලි ලෙසම අඩුවීමක් දක්නට ලැබේ. එය අප කව්රුත් දන්නා සත්‍යකි. ඒ සදහා මුහුණු පොතේ මේ වන විටත් මොහොතින් මොහොත බෙදාහරිමින් සිටින බොහෝ දෑ නිදසුන් සපයයි. තව දුරටත් පාස්කු ප්‍රහාර අවස්ථාවේ ලේ විලක් බවට මුහුණු පොත පත්වූ අයුරු සදුසුම සාක්ශියයි. වගකීම් සහගත බවින් ඉතාම අඩු සමාජ මාධ්‍ය වැරදි තොරතුරු පැතිරවීමෙන් කොතරම් වැළකුණද ඇතිවි තිබෙන තත්වය දැඩි ලෙස විහිලුවට ලක...

බොහෝ අය දකින කෝවලන් වෙනස් ඇසකින්

බොහෝ අය  කියන්නෙම කන්නගී විතරයි හොද කියලා ඉතිං, මම සෙව්වා ඉතිහාසය හාරල ටිකක් මේ ගැන... කන්නගී සුපිරි චරිතයක් කියන අය පොඩ්ඩක් අහපල්ලා...නැවතිලා..." "ඉතින් අද වගේ තමා...දකුණ ද ඉන්දියාව ද කියලා නෑ කෝවලනුත් ගලපලා කරගත්තා...මගුලක්..මේ මගුලේ කෙල්ල කන්නගී... දැන් වගේ තමා...ප්‍රේමයෙන් වෙළිලා හිටියට.. පහු පහු වෙනකොට කොහු කොහු වෙන දේවල් අද වගේම ක්‍රිස්තු පූර්ව 2ත් වුණා...වෙනසක් නෑ ඔය කොයි කාට කාටත් වෙන සන්තැසියම තමා කෝවලන්ටත් වුණේ...කෝවලන් නාට්‍යකාරයෙක්,සල්ලාලයෙක් කිව්වට උඹෙයි මගෙයි වගේ ඇතුලේ ඉන්න රසවතා ආවද දන්නෙත් නෑ...එළියට...කොහොමහරි කෝවලන් කන්නගී ජීවිතේ තිරය මත ගලා යනවා... මේ අස්සේ උඹලට පේනවා ඇති මාධවී...උඹලා හිතන්නේ කන්නගීගෙයි කෝවලන්ගෙයි ආදර පළහිලව්ව කඩන්න ආපු වෙසගනක් මාධවී කියලා... හිතට වැදෙන වස්තු විෂය ,ගෝචර නොවූ භාවයන් ගැනා අර්ථාන්විත හීන ගැන මනෝමය මෙන්ම භාවමය පූරණයක් දෙන්න පුළුවන් බං මාධවීට...රහමෙරක් එක්ක හෝරා ගණනාවක් රගන්න පුළුවන් මාධවීට...හැගීම් දැනීම් ඇති ඉහළ පහළ යන ජීවිතේට අර්ථයක් දෙන්න මේ කෙල්ලට පුළුවන් කියලා කෝවලන්ට හිතෙන්න ඇති බං...උඹටයි මටයි වගේ... ආදරේ ත...

තවමත් නොවිසඳුණු වතු කම්කරු ගැටලු

  වතු කම්කරු ගැටලු       යටත් විජිත පාලන සමයට අයත් බ්‍රිතාන්‍ය පාලන යුගය තුළ වැවිලි බෝග වගාව ඔවුන් විසින් ආරම්භ කරනු ලැබූ අතර අඩු මුදලට වැඩි ශ්‍රමයක් ලබා ගැනීමේ ලබා ගැනීමේ අවශ්‍යතාවය මතුවිය. කෙසේ වුවද ශ්‍රී ලංකාවේ අනිවාර්ය සේවා රාජකාරි ක්‍රමය අහෝසි කිරීම නිසා ඔවුන්ට අවශ්‍ය ශ්‍රමය ශ්‍රී ලාංකිකයන්ගෙන් ලබා ගැනීම අපහසු වීම මත ඉන්දියාවේ පහත් කුල වලට අයත් ශ්‍රමිකයන් ගෙන්වා ගත්තේය. ඒ අනුව 1827 යෙදී  වතු කම්කරුවන් දහදාහක් ද  1946 වන විට  665855 ක පිරිසක් මෙරටට ගෙන්වනු ලැබීය. විශේෂයෙන්ම ඉන්දියානු ජනතාව මෙරටට ගෙන ඒම මෙරට සංවර්ධනයට බාධා පැමිණ භූ භූ විශාලතම ගැටලුවක් ලෙස හැඳින්වීමට පුළුවන. ඒවා නම වාර්ගික අර්බුද , දරිද්‍රතාවය අධ්‍යාපනය අහිමි වීම ඒක පුද්ගල ආදායම අවම වීම ජනග්‍රහන වර්ධනය යනාදී විශාල ගැටලු රැසකට මඟ පාදනු ලැබුවේය. මොවුන් තුළ පවත්නා වූ දිළිඳුකම විශාල ගැටළුවක් ලෙස සැලකීමට පුළුවන. එහිදී ජන හා සංඛ්‍යාලේඛන වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය පිළිබඳව අවධානය යොමු කිරීමේ දී ග්‍රාමීය හා නාගරික අංශයන්ට සාපේක්ෂව වතු අංශයේ දරිද්‍රතාවය  ඉහළ මට්ටමක් ගන්...