කාන්තා දිනය කියන්නෙම කාන්තාවකට කරන අසාධාරණයක්_ ලෝක කාන්තා දිනය ඒ වචන ටිකම කාන්තාවට අසාධාරණාක් කරලා ඉවරයි.. ඇයි මොකටද පිරිමින්ට නැති දිනයක් කාන්තාවන්ට විතරක්ම.. පිරිමි උසස් , පිරිමින්ට පුලුවන් කියන මානසිකත්වය තමයි ස්ත්‍රී දූශනේකට ප්‍රධාන හේතුව. කාන්තා දිනය කියන්නේ අභිමානයෙන් සැමරිය යුතු දෙයක් කියලා කව්රු හරි හිතනවනම් එතන තමයි වැරදුනේ.
මෙහෙම දිනයක් වෙන් කිරීම තුළම තියන්නේ ස්ත්‍රිය හැම තැනදිම පත් වෙන දරුණු ඉරණමක අර්බුධය.
තව දෙයක් අද දවසෙම හැමෝම ලියනවා කතා කරනවා 'ඇය නැති ලොවක් තිබිය හැකිද " මේ කියන්නේ ලෝකේ පැවැත්ම ගැන නම් ඇය නැතුව විතරද ලෝකයක් පවතින්න බැරි කියන ප්‍රශ්නේ ඇතිවෙනවා. ලෝකේ පැවැත්මට ගැහැණියක් වගේම පිරිමියෙකුත් ඕනි. ඉතින් ඇයි ඔහු නැති ලෝකයක් නැති ලෝකයක් පවතින්නවත් පුලුවන්ද කියන්න බැරි.. ඒ කියන්නේ කාන්තාව නැතුව ගෙදර ළමයි බලා ගන්න , රෙදි හෝදන්න , උයන්න වගේ දේවල් කරගන්න බෑ කියන එක මිසක් පැවැතමක් නෑ කියන එක නෙමෙයි. ළමයින්ට දිනයක් වෙන් කරද්දි, වැඩිහිටියන්ට දිනයක් වෙන් කරද්දි පිරිමි වෙනුවෙන් දිනයක් වෙන් කරලා සමරන්නේ නැති කාරණය තුළම තියන්නේ අර්බුධයක්. සමාජයේ අසාධාරණයන්ට ලක් වන සහ නිසි තැනක් හිමි නොවන අය වෙනුවෙන් එලෙස දිනයක් වෙන් කරද්දී කාන්තාවට මෙලෙස දිනයක් වෙන් කිරීම පිළිබඳව සතුටු වෙනවා කියන්නෙම ඒක ඇතුලේ තියන්නේ ලොකු අර්බුධයක්.
දිනයක් වෙන් කරලා මේ කරන්නෙත් අසාධාරණයක්. මොකද හැම දේකින්ම සමාජයේ පිරිමින්ට වඩා ස්ත්‍රිය පහත් කියන මානසිකත්වය ඇති කරන තවත් එක දවසක් තමයි අද දිනය. දික්කසාද වලින් ඇයි කාන්තාවට වන්දියක් ලැබෙන්නේ ඇයි පිරිමියාට වන්දියක් ගෙවන්න කියන්න බැරි. ඇයි කාන්තාවකට මුදල් උපයන්න ජීවත් වෙන්න ශක්තියක් නැද්ද. තවත් ලස්සන කතාවක් කිව්වා මේ ලගදි මන්ත්‍රීවරයෙක් ගවුම් අදින රිලවුන් ට කියන්නේ පිරිමි වෙයල්ලා කියලා. අනුන්ගේ කුණු අවුස්සන එක ඇයි පිරිමින්ට මදි කමක් වෙන්නේ ඕනි තරම් එහෙම දේවල් කරන කේලම් කියන පිරිමි සමාජයේ නැද්ද? ලෝකේ ඕනි තරම් අඬන සංවේදි පිරිමි ඉන්නවා. නමුත් ඇයි කෙල්ලෙක් වගේ අඬන්න එපා කියන්නේ ඇයි පිරිමින්ට අඬන එක ලැජ්ජාවක් වෙන්නේ. ස්ත්‍රිය මෙනවිය , මහත්මිය වෙද්දි ඇයි පිරිමියාව මහත්මයා කියලා විතරක් හදුන්වන්නේ? ආසියානු සමාජ වල අම්මා කෙනෙක් මොකටද තමන්ගේ පුතා පිරිසිදුයිද කියලා බලන්නේ නැත්තේ ඇයි කාන්තාවකගේ පමණක් කන්‍යාභාවය පරීක්ශා කරන්නේ? ඕනි තරම් පිරිමි වගේ අදින කාන්තාවො ඉන්නවා ඇයි පිරිමියෙක් ගව්මක් , සායක් අදින එක ලැජ්ජාවක් වෙන්නේ. ඇයි ගැහැණියක් රැකියාවට යද්දි පිරිමියා ගෙදර ළමයි බලාගෙන ගෙදර වැඩ කරන එක ලැජ්ජාවක් වෙන්නේ. මේ මානසිකත්වය කව්ද ඇති කලේ කියන එක ලොකු අර්බුධයක්.
ජීව විද්‍යාත්මකව ගැහැණියට වඩා සාපෙක්ශ කායික ශක්තියක් පමණක් පිරිමියාට හිමි වීම මත කාන්තාව පිරිමියාට වඩා පහත් කොට සැලකීම කොතරම් දුරට සාධාරණද. අද දිනය තුළ හැමෝම කතා කරනවා ස්ත්‍රී දූශන , කාන්තා හිංසන ගැන මේකෙන් වෙන්නේ පිරිමියාට පුලුවන් ස්ත්‍රියක් දූශනය කරන්න, පිරිමියාට පුලුවන් කාන්තාවකට හින්සනයක් කරන්න කියන මානසිකත්වය එක්ක පිරිමියා උසස් කිරීම සහ කාන්තාව පහත් කිරීම. එවන් මානසිකත්වයක් තවත් ඇති කරන කතා කරන අද වගේ දිනයක් කියන්නෙම කාන්තාවකට කරන අසාධාරනයක් නොවේද?
සිතුමිණි උපේක්ශා ගුණවීර


Good ❤
ReplyDeleteWenasak thiye
ReplyDeleteBest 👍
ReplyDeleteමාත් ඉන්නෙ මේ මතය උඩ. ඔව් වෙනම දවසක් ඕන නැහැ. එතනින්ම අර ආබාධිත අය සඳහා විශේෂ සැළකීම , වගේ විශේෂ ටයිප් එකකට ගෙනල්ලා.. ස්වයංක්‍රීය ම පහත් කරනවා.
ReplyDeleteකාලීන වැදගත් ලිපියක් 👍
ReplyDeleteBest👌👍
ReplyDeleteඅපි මිනිස්සු කියන තැනින් බැලුව නම් ලෝකය ගොඩක් ලස්සන තැනක් වේවි 🌼🌼
ReplyDeleteGood article
ReplyDeleteඇත්ත ඇතිසැටියෙන්💛
ReplyDeleteGreat🎉️
ReplyDeleteඇත්තමයි 👍
ReplyDelete👍👍👍
ReplyDelete