Skip to main content

සුදු වෑන් භීශනයේ ජීවමාන සාක්ශිය පෝද්දල ජයන්ත

 


" මම ඇණ හයක් එක්ක යකඩ පතුරු දෙකක් මත ඉන්නේ.දැන්මම අහන්න ආසයි මම අවි දරන් සටන් කරන්න ගියාද? නෑ.මම පෑන විතරයි පාවිච්චි කලේ ඇතැම් අවස්ථාවල පිකට් එකකදී නැතිනම් වාචිකව අදහස් ප්‍රකාශ කළා පමණි. මම කළ එකම වරද පසුගිය රාජපක්ෂ පාලනය මේ රටේ අහිංසක ජනතාවගේ බදු මුදල් කෝටි ප්‍රකෝටි ගණනින් මංකොල්ලකෑම හා දූෂණ ගැන ලිවීම පමණයි." (පෝද්දල ජයන්ත) 

බොහෝදෙනා නොදන්න දෙයක් උනත් ශ්‍රී ලංකාවේ දැනට සිදුවී ඇති විශාලතම වංචාව වෙන්නේ මහ බැංකු බැදුම්කර වංචාව.
ඒ වගේම දකුණු ආසියාවේ විශාලතම වංචාව වැට් බදු වංචාව.
මේ පිළිබදව ප්‍රථමයෙන්ම හෙළි කරනු ලැබුවේ සිලුමිණ පුවත් පතට ලිපියක් යොමි කරමින් පෝද්දල ජයන්තයි. ඒ සදහා අන් කිසිවකුට නොලැබෙන ආකාරයේ අපූරු ත්‍යාගයක් ඔහුට හිමි විය. ඒ ඔහුගේ දෙපා අහිමි කිරීමයි. ඔහුව 2009 දී සුදු වෑන් රියකින් පැහැරගෙන ගොස් ඉතා විශාල වද හිංසා පැමිණවීමයි.

"මම නැගිට්ටා මම කිව්වා මගේ අම්මයි තාත්තයි කුඹුරු කොටනවා තේ දළු කඩනවා, අපි දුප්පත් ඒත් අපි මැදමුලනේ වළං හෝදල නැහැ කියලා. අපි යමු යන්න සනත් මෙයත් එක්ක කතාවක් නැහැ කිව්වා. සනතුත් නැගිට්ටා. අපි එළියට බැස්සා. එකෙන් පස්සෙ අපි කොටුව පොලිසියට පැමිණිල්ලක් කරන්න ගියා. ඒ පැමිණිල්ල බාරගත්තේ වත් නැහැ.ඒ සිද්දියෙන් මාස කිහිපයකට පස්සේ තමයි මාව පැහැර ගත්තේ "


පසුව ඔහු 2010 ජීවිත ආරක්ශාව සදහා රටින් පිටව යන්නට විය. කෙසේ වුවද අදටත් ඔහුට සිදුවූ සධාරණයක් නැත.
සුදු වෑන් සංස්කෘතියක් අභියස මාධ්‍යවේදියකුට සිදුවන ඉරණම එලෙස නම් තොරතුරු දැනගැනීමේ අයිතිය ඇතුළු ප්‍රජාතන්ත්‍රීය මූලධර්මයන් වචනයට සීමා නොවේද?
මාධ්‍ය නිදහස නම් නමට යොදා ගත් මූළධර්මයක් වෙනුවට ශ්‍රී ලංකාවේ නැවතත් භාශන නිදහස අහිමි වී වචන ගිලින සමාජයක් බිහි වන්නට මත්තෙන් සුවිශේශි වූත් සමාජ කතිකාවතක් නිර්මාණය කිරීම අවැසිමය.

සිතුමිණි උපේක්ශා ගුණවීර



Comments

Post a Comment

Popular posts from this blog

කොවිඩ් දෙවැනි රැල්ල සහ මාධ්‍ය හැසිරීම

ගම්පහ දිස්ත්‍රික්කයේ ඇඟලුම් සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමඟ වඩාත් කාර්යක්ෂමව තොරතුරු ලබාදීමේ අරමුණෙන් ජනමාධ්‍ය සහ නව මාධ්‍ය යන සියලුම මාධ්‍යයන් ඉතා කඩිනමින් කටයුතු කරමින් සිටී. විශේෂයෙන්ම මාධ්‍ය ආචාරධර්ම, මානුෂීය සංවේදීත්වය යනාදී කාරණයන් පසෙකලා වාණිජ අරමුණු, වඩා ඉක්මනින් ප්‍රවෘත්ති සැපයීමේ හා ප්‍රතිරූපය ගොඩ නංවා ගැනීමේ අරමුණු සමග මාධ්‍ය ගැටෙමින් සිටින බව මේ දිනවල මාධ්‍ය නිරීක්ෂණය කිරීමෙන් පිළිඹිඹු වන කරුණකි. එහිදී වැරදි තොරතුරු භාවිතය බොහෝ දුරට අවම වීමක් දෙවන රැල්ලේදි දක්නට ලැබුනේ පළමු රැල්ලේදි නීතිය ක්‍රියාත්මක වීම නිසාවෙනි. විශේෂයෙන්ම එහිදී ඉස්මතු වෙන කරුණක් ලෙස මාධ්‍ය ආචාරධර්ම සමාජ මාධ්‍යයන්හි ජනමාධ්‍ය ආයතන වලට වඩා පැහැදිලි ලෙසම අඩුවීමක් දක්නට ලැබේ. එය අප කව්රුත් දන්නා සත්‍යකි. ඒ සදහා මුහුණු පොතේ මේ වන විටත් මොහොතින් මොහොත බෙදාහරිමින් සිටින බොහෝ දෑ නිදසුන් සපයයි. තව දුරටත් පාස්කු ප්‍රහාර අවස්ථාවේ ලේ විලක් බවට මුහුණු පොත පත්වූ අයුරු සදුසුම සාක්ශියයි. වගකීම් සහගත බවින් ඉතාම අඩු සමාජ මාධ්‍ය වැරදි තොරතුරු පැතිරවීමෙන් කොතරම් වැළකුණද ඇතිවි තිබෙන තත්වය දැඩි ලෙස විහිලුවට ලක...

බොහෝ අය දකින කෝවලන් වෙනස් ඇසකින්

බොහෝ අය  කියන්නෙම කන්නගී විතරයි හොද කියලා ඉතිං, මම සෙව්වා ඉතිහාසය හාරල ටිකක් මේ ගැන... කන්නගී සුපිරි චරිතයක් කියන අය පොඩ්ඩක් අහපල්ලා...නැවතිලා..." "ඉතින් අද වගේ තමා...දකුණ ද ඉන්දියාව ද කියලා නෑ කෝවලනුත් ගලපලා කරගත්තා...මගුලක්..මේ මගුලේ කෙල්ල කන්නගී... දැන් වගේ තමා...ප්‍රේමයෙන් වෙළිලා හිටියට.. පහු පහු වෙනකොට කොහු කොහු වෙන දේවල් අද වගේම ක්‍රිස්තු පූර්ව 2ත් වුණා...වෙනසක් නෑ ඔය කොයි කාට කාටත් වෙන සන්තැසියම තමා කෝවලන්ටත් වුණේ...කෝවලන් නාට්‍යකාරයෙක්,සල්ලාලයෙක් කිව්වට උඹෙයි මගෙයි වගේ ඇතුලේ ඉන්න රසවතා ආවද දන්නෙත් නෑ...එළියට...කොහොමහරි කෝවලන් කන්නගී ජීවිතේ තිරය මත ගලා යනවා... මේ අස්සේ උඹලට පේනවා ඇති මාධවී...උඹලා හිතන්නේ කන්නගීගෙයි කෝවලන්ගෙයි ආදර පළහිලව්ව කඩන්න ආපු වෙසගනක් මාධවී කියලා... හිතට වැදෙන වස්තු විෂය ,ගෝචර නොවූ භාවයන් ගැනා අර්ථාන්විත හීන ගැන මනෝමය මෙන්ම භාවමය පූරණයක් දෙන්න පුළුවන් බං මාධවීට...රහමෙරක් එක්ක හෝරා ගණනාවක් රගන්න පුළුවන් මාධවීට...හැගීම් දැනීම් ඇති ඉහළ පහළ යන ජීවිතේට අර්ථයක් දෙන්න මේ කෙල්ලට පුළුවන් කියලා කෝවලන්ට හිතෙන්න ඇති බං...උඹටයි මටයි වගේ... ආදරේ ත...

තවමත් නොවිසඳුණු වතු කම්කරු ගැටලු

  වතු කම්කරු ගැටලු       යටත් විජිත පාලන සමයට අයත් බ්‍රිතාන්‍ය පාලන යුගය තුළ වැවිලි බෝග වගාව ඔවුන් විසින් ආරම්භ කරනු ලැබූ අතර අඩු මුදලට වැඩි ශ්‍රමයක් ලබා ගැනීමේ ලබා ගැනීමේ අවශ්‍යතාවය මතුවිය. කෙසේ වුවද ශ්‍රී ලංකාවේ අනිවාර්ය සේවා රාජකාරි ක්‍රමය අහෝසි කිරීම නිසා ඔවුන්ට අවශ්‍ය ශ්‍රමය ශ්‍රී ලාංකිකයන්ගෙන් ලබා ගැනීම අපහසු වීම මත ඉන්දියාවේ පහත් කුල වලට අයත් ශ්‍රමිකයන් ගෙන්වා ගත්තේය. ඒ අනුව 1827 යෙදී  වතු කම්කරුවන් දහදාහක් ද  1946 වන විට  665855 ක පිරිසක් මෙරටට ගෙන්වනු ලැබීය. විශේෂයෙන්ම ඉන්දියානු ජනතාව මෙරටට ගෙන ඒම මෙරට සංවර්ධනයට බාධා පැමිණ භූ භූ විශාලතම ගැටලුවක් ලෙස හැඳින්වීමට පුළුවන. ඒවා නම වාර්ගික අර්බුද , දරිද්‍රතාවය අධ්‍යාපනය අහිමි වීම ඒක පුද්ගල ආදායම අවම වීම ජනග්‍රහන වර්ධනය යනාදී විශාල ගැටලු රැසකට මඟ පාදනු ලැබුවේය. මොවුන් තුළ පවත්නා වූ දිළිඳුකම විශාල ගැටළුවක් ලෙස සැලකීමට පුළුවන. එහිදී ජන හා සංඛ්‍යාලේඛන වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය පිළිබඳව අවධානය යොමු කිරීමේ දී ග්‍රාමීය හා නාගරික අංශයන්ට සාපේක්ෂව වතු අංශයේ දරිද්‍රතාවය  ඉහළ මට්ටමක් ගන්...