" මම ඇණ හයක් එක්ක යකඩ පතුරු දෙකක් මත ඉන්නේ.දැන්මම අහන්න ආසයි මම අවි දරන් සටන් කරන්න ගියාද? නෑ.මම පෑන විතරයි පාවිච්චි කලේ ඇතැම් අවස්ථාවල පිකට් එකකදී නැතිනම් වාචිකව අදහස් ප්‍රකාශ කළා පමණි. මම කළ එකම වරද පසුගිය රාජපක්ෂ පාලනය මේ රටේ අහිංසක ජනතාවගේ බදු මුදල් කෝටි ප්‍රකෝටි ගණනින් මංකොල්ලකෑම හා දූෂණ ගැන ලිවීම පමණයි." (පෝද්දල ජයන්ත)
බොහෝදෙනා නොදන්න දෙයක් උනත් ශ්‍රී ලංකාවේ දැනට සිදුවී ඇති විශාලතම වංචාව වෙන්නේ මහ බැංකු බැදුම්කර වංචාව.ඒ වගේම දකුණු ආසියාවේ විශාලතම වංචාව වැට් බදු වංචාව.
මේ පිළිබදව ප්‍රථමයෙන්ම හෙළි කරනු ලැබුවේ සිලුමිණ පුවත් පතට ලිපියක් යොමි කරමින් පෝද්දල ජයන්තයි. ඒ සදහා අන් කිසිවකුට නොලැබෙන ආකාරයේ අපූරු ත්‍යාගයක් ඔහුට හිමි විය. ඒ ඔහුගේ දෙපා අහිමි කිරීමයි. ඔහුව 2009 දී සුදු වෑන් රියකින් පැහැරගෙන ගොස් ඉතා විශාල වද හිංසා පැමිණවීමයි.
"මම නැගිට්ටා මම කිව්වා මගේ අම්මයි තාත්තයි කුඹුරු කොටනවා තේ දළු කඩනවා, අපි දුප්පත් ඒත් අපි මැදමුලනේ වළං හෝදල නැහැ කියලා. අපි යමු යන්න සනත් මෙයත් එක්ක කතාවක් නැහැ කිව්වා. සනතුත් නැගිට්ටා. අපි එළියට බැස්සා. එකෙන් පස්සෙ අපි කොටුව පොලිසියට පැමිණිල්ලක් කරන්න ගියා. ඒ පැමිණිල්ල බාරගත්තේ වත් නැහැ.ඒ සිද්දියෙන් මාස කිහිපයකට පස්සේ තමයි මාව පැහැර ගත්තේ "
පසුව ඔහු 2010 ජීවිත ආරක්ශාව සදහා රටින් පිටව යන්නට විය. කෙසේ වුවද අදටත් ඔහුට සිදුවූ සධාරණයක් නැත.
සුදු වෑන් සංස්කෘතියක් අභියස මාධ්‍යවේදියකුට සිදුවන ඉරණම එලෙස නම් තොරතුරු දැනගැනීමේ අයිතිය ඇතුළු ප්රජාතන්ත්රීය මූලධර්මයන් වචනයට සීමා නොවේද?
මාධ්‍ය නිදහස නම් නමට යොදා ගත් මූළධර්මයක් වෙනුවට ශ්‍රී ලංකාවේ නැවතත් භාශන නිදහස අහිමි වී වචන ගිලින සමාජයක් බිහි වන්නට මත්තෙන් සුවිශේශි වූත් සමාජ කතිකාවතක් නිර්මාණය කිරීම අවැසිමය.
සිතුමිණි උපේක්ශා ගුණවීර


👍👍👍👍👍👍
ReplyDeletegreat❤
ReplyDeleteGood 👍
ReplyDeleteGood job💛
ReplyDeleteGood👍✌️
ReplyDelete👍👍👍👍👍👍👍
ReplyDeleteWell done
ReplyDeleteThanks all
ReplyDelete