Skip to main content

බොහෝ අය දකින කෝවලන් වෙනස් ඇසකින්

බොහෝ අය 
කියන්නෙම කන්නගී විතරයි හොද කියලා ඉතිං, මම සෙව්වා ඉතිහාසය හාරල ටිකක් මේ ගැන...
කන්නගී සුපිරි චරිතයක් කියන අය පොඩ්ඩක් අහපල්ලා...නැවතිලා..."

"ඉතින් අද වගේ තමා...දකුණ ද ඉන්දියාව ද කියලා නෑ කෝවලනුත් ගලපලා කරගත්තා...මගුලක්..මේ මගුලේ කෙල්ල කන්නගී...

දැන් වගේ තමා...ප්‍රේමයෙන් වෙළිලා හිටියට..
පහු පහු වෙනකොට කොහු කොහු වෙන දේවල් අද වගේම ක්‍රිස්තු පූර්ව 2ත් වුණා...වෙනසක් නෑ ඔය කොයි කාට කාටත් වෙන සන්තැසියම තමා කෝවලන්ටත් වුණේ...කෝවලන් නාට්‍යකාරයෙක්,සල්ලාලයෙක් කිව්වට උඹෙයි මගෙයි වගේ ඇතුලේ ඉන්න රසවතා ආවද දන්නෙත් නෑ...එළියට...කොහොමහරි කෝවලන් කන්නගී ජීවිතේ තිරය මත ගලා යනවා...

මේ අස්සේ උඹලට පේනවා ඇති මාධවී...උඹලා හිතන්නේ කන්නගීගෙයි කෝවලන්ගෙයි ආදර පළහිලව්ව කඩන්න ආපු වෙසගනක් මාධවී කියලා...

හිතට වැදෙන වස්තු විෂය ,ගෝචර නොවූ භාවයන් ගැනා අර්ථාන්විත හීන ගැන මනෝමය මෙන්ම භාවමය පූරණයක් දෙන්න පුළුවන් බං මාධවීට...රහමෙරක් එක්ක හෝරා ගණනාවක් රගන්න පුළුවන් මාධවීට...හැගීම් දැනීම් ඇති ඉහළ පහළ යන ජීවිතේට අර්ථයක් දෙන්න මේ කෙල්ලට පුළුවන් කියලා කෝවලන්ට හිතෙන්න ඇති බං...උඹටයි මටයි වගේ...

ආදරේ තියෙන්නේ පුදුම තැන්වල බං...ජීවිතේ කියන්නේ භාව පූර්ණයක්‍ ය,අසම්මතයෙන් ඔබ්බට ගියපු තැනක්‍ ය කියලා..කෝවලන්ට හිතෙන්න ඇති බං මාධවීගෙන්...
කන්නගී දැන ගන්නවා මාධවීගෙයි...කෝවලන්ගෙයි ආදර පළහිලව්ව.ඒ හින්දා කන්නගී බිද වැටිලා.පව් සමා කරගන්න කියලා කෝවලන් කන්නගී ගාවට යන්නේ මාධවීට දරුවෙකුත් දීලා...ඒ දරුවා මේ ලෝකේ එළිය දකින්න කලින් කළුවරේම කෝවලන් පිට වෙනවා...

පර්සන්ගේ පොත් කියනවනකොට...මාධවීටත් එයාගේ ලැබෙන්න ඉන්න දරුවටත් කන්නගී කලේ සමාව ගතයුතු වැරැද්දක් කියලා තේරෙනවා...මේවා සසරේ එන බැදීම්...කියලා කෝවලන් කන්නගී එක්ක ආයෙත් මදුරා පුරයට යනවා අලුතෙන් ජීවිතේ පටන් ගන්න...

මදුරා පුරයේ රජ කරපු පාන්ඩ්‍යය රජුගේ රන් සිළංඹුවත්, කන්නගී කෝවලන්ට දෙන රන් සිළංඹුවත් යන දෙකම නැති වුණේ එක දවසේ...ඕක තමා කියන්නේ දෙවියන්ගේ මෝළේ කැරකෙනවා කුඩු වෙන්නම කියලා බං...
අන්තිමේ රජු සොරාව මරණවා...

තමන්ට වෙච්චි අසාධාරණේට..කන්නගී මුළු වීදි පුරාම ගිනි තියනවා..බලපං...ඒ කන්නගීගේ අසංවේදීකම...බලපන් කන්නගී උඹ වගේද මාධවී....

කන්නගී උඹෙන් වෙච්චි අසාධාරණයට මාධවී සාධාරණේ ඉල්ලන් පාරේ ගියෙත් නෑ...
කෝවලන් පව් සමා කරගන්න ආපහු ආවෙත් නෑ...තමන්ට වෙච්චි අසාධාරණයට මුළු නගරයක මිනිසුන්ව ගිණි තිබ්බෙත් නෑ...

තමන් රැකපු පතිවෘත්තා බලයෙන් පව්කාරයෝට දඩුවම් දෙන්න ගියෙත් නෑ බං...
තමන්ගේ හොද සමාජ ගත කරන්න අනුන්ගේ පව් ගිණි තිබ්බෙත් නෑ...

දැන්වත් හිතෙන්නේ නැද්ද?... බං...පතිවෘත්තාවේ දෙවගන කන්නගී කියලා..

ඒත් බලපන්...සමාජේ උත්කර්ෂයට නංවන්නේ කන්නගීලා...සමාජ සාධාරණය කොච්චර සාපේක්ෂ ද?...ප්රහර්ෂය කොච්චර මායාකාරද?...එක් අතකට කන්නගීලා ජීවිතේ උගනින්න දෙන්නේ සැර පාඩම් බං...

මේ කොහොම කිව්වත් මට හිතෙන්නේ...මේ ලෝකේ පවතින්නේ සාධාරණේ ඉල්ලලා...ගිණි තියන කන්නගීලා හින්දා නෙව ගිණි නිවන මාධවීලා හින්දා කියලා......

Comments

Post a Comment

Popular posts from this blog

කොවිඩ් දෙවැනි රැල්ල සහ මාධ්‍ය හැසිරීම

ගම්පහ දිස්ත්‍රික්කයේ ඇඟලුම් සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමඟ වඩාත් කාර්යක්ෂමව තොරතුරු ලබාදීමේ අරමුණෙන් ජනමාධ්‍ය සහ නව මාධ්‍ය යන සියලුම මාධ්‍යයන් ඉතා කඩිනමින් කටයුතු කරමින් සිටී. විශේෂයෙන්ම මාධ්‍ය ආචාරධර්ම, මානුෂීය සංවේදීත්වය යනාදී කාරණයන් පසෙකලා වාණිජ අරමුණු, වඩා ඉක්මනින් ප්‍රවෘත්ති සැපයීමේ හා ප්‍රතිරූපය ගොඩ නංවා ගැනීමේ අරමුණු සමග මාධ්‍ය ගැටෙමින් සිටින බව මේ දිනවල මාධ්‍ය නිරීක්ෂණය කිරීමෙන් පිළිඹිඹු වන කරුණකි. එහිදී වැරදි තොරතුරු භාවිතය බොහෝ දුරට අවම වීමක් දෙවන රැල්ලේදි දක්නට ලැබුනේ පළමු රැල්ලේදි නීතිය ක්‍රියාත්මක වීම නිසාවෙනි. විශේෂයෙන්ම එහිදී ඉස්මතු වෙන කරුණක් ලෙස මාධ්‍ය ආචාරධර්ම සමාජ මාධ්‍යයන්හි ජනමාධ්‍ය ආයතන වලට වඩා පැහැදිලි ලෙසම අඩුවීමක් දක්නට ලැබේ. එය අප කව්රුත් දන්නා සත්‍යකි. ඒ සදහා මුහුණු පොතේ මේ වන විටත් මොහොතින් මොහොත බෙදාහරිමින් සිටින බොහෝ දෑ නිදසුන් සපයයි. තව දුරටත් පාස්කු ප්‍රහාර අවස්ථාවේ ලේ විලක් බවට මුහුණු පොත පත්වූ අයුරු සදුසුම සාක්ශියයි. වගකීම් සහගත බවින් ඉතාම අඩු සමාජ මාධ්‍ය වැරදි තොරතුරු පැතිරවීමෙන් කොතරම් වැළකුණද ඇතිවි තිබෙන තත්වය දැඩි ලෙස විහිලුවට ලක...

තවමත් නොවිසඳුණු වතු කම්කරු ගැටලු

  වතු කම්කරු ගැටලු       යටත් විජිත පාලන සමයට අයත් බ්‍රිතාන්‍ය පාලන යුගය තුළ වැවිලි බෝග වගාව ඔවුන් විසින් ආරම්භ කරනු ලැබූ අතර අඩු මුදලට වැඩි ශ්‍රමයක් ලබා ගැනීමේ ලබා ගැනීමේ අවශ්‍යතාවය මතුවිය. කෙසේ වුවද ශ්‍රී ලංකාවේ අනිවාර්ය සේවා රාජකාරි ක්‍රමය අහෝසි කිරීම නිසා ඔවුන්ට අවශ්‍ය ශ්‍රමය ශ්‍රී ලාංකිකයන්ගෙන් ලබා ගැනීම අපහසු වීම මත ඉන්දියාවේ පහත් කුල වලට අයත් ශ්‍රමිකයන් ගෙන්වා ගත්තේය. ඒ අනුව 1827 යෙදී  වතු කම්කරුවන් දහදාහක් ද  1946 වන විට  665855 ක පිරිසක් මෙරටට ගෙන්වනු ලැබීය. විශේෂයෙන්ම ඉන්දියානු ජනතාව මෙරටට ගෙන ඒම මෙරට සංවර්ධනයට බාධා පැමිණ භූ භූ විශාලතම ගැටලුවක් ලෙස හැඳින්වීමට පුළුවන. ඒවා නම වාර්ගික අර්බුද , දරිද්‍රතාවය අධ්‍යාපනය අහිමි වීම ඒක පුද්ගල ආදායම අවම වීම ජනග්‍රහන වර්ධනය යනාදී විශාල ගැටලු රැසකට මඟ පාදනු ලැබුවේය. මොවුන් තුළ පවත්නා වූ දිළිඳුකම විශාල ගැටළුවක් ලෙස සැලකීමට පුළුවන. එහිදී ජන හා සංඛ්‍යාලේඛන වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය පිළිබඳව අවධානය යොමු කිරීමේ දී ග්‍රාමීය හා නාගරික අංශයන්ට සාපේක්ෂව වතු අංශයේ දරිද්‍රතාවය  ඉහළ මට්ටමක් ගන්...