![]() |
විශේෂයෙන්ම එහිදී ඉස්මතු වෙන කරුණක් ලෙස මාධ්‍ය ආචාරධර්ම සමාජ මාධ්‍යයන්හි ජනමාධ්‍ය ආයතන වලට වඩා පැහැදිලි ලෙසම අඩුවීමක් දක්නට ලැබේ. එය අප කව්රුත් දන්නා සත්‍යකි. ඒ සදහා මුහුණු පොතේ මේ වන විටත් මොහොතින් මොහොත බෙදාහරිමින් සිටින බොහෝ දෑ නිදසුන් සපයයි. තව දුරටත් පාස්කු ප්‍රහාර අවස්ථාවේ ලේ විලක් බවට මුහුණු පොත පත්වූ අයුරු සදුසුම සාක්ශියයි. වගකීම් සහගත බවින් ඉතාම අඩු සමාජ මාධ්‍ය වැරදි තොරතුරු පැතිරවීමෙන් කොතරම් වැළකුණද ඇතිවි තිබෙන තත්වය දැඩි ලෙස විහිලුවට ලක් කරමින් කටයුතු කරන බව හොදින්ම පෙනී යයි.
විශේශයෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සෘජු දායකත්වයක් ලබාදෙන විදේශ විනිමය අතින් පළමු ස්ථාන තුන අතර රැඳී සිටින ඇඟලුම් ක්ෂේත්රයට විශාල සේවයක් සපයන "බ්‍රැන්ඩික්ස්" ආයතනය ආයතනික වශයෙන් හෑල්ලූවට ලක් කිරිමට නව මාධ්‍ය මෙන්ම ජනමාධ්‍ය පවා කටයුතු කරමින් සිටීම කණගාටුවට කරුණකි.
රටම අවදානමකට පත්වී ඇති මෙවන් මොහොතක එම ආයතනය හෑල්ලුවට ලක් කරමින් කොරෝනා වෛරසය පවා විහිළුවට ගනිමින් මෙලෙස සමාජ මාධ්‍ය අශීලාචාර ලෙස කටයුතු කිරීම සැබැවින්ම කණගාටුවට කරුණකි. එනම් මාධ්‍ය නිදහස උපරිම අයුරෙන් ලබා ගැනීමට වඩා එය හෑල්ලූවට ලක් කිරීම ඉතා හොඳින් සිදු කරන බව පෙනී යන්නකි.
තව දුරටත් ප්‍රසිද්ධ මාධ්‍ය ආයතන පවා පවතින අවදානම විහිළුවක් බවට පත් කර ගෙන සිටියි. එය රටේ ජනමාධ්‍ය සංස්කෘතියේ පිරිහීම උපරිම අයුරින් කියා පායි.
අද උදෑසන fm දෙරණ ගුවන් විදුලියේ විකාශය වූ "අනූපමා කෝච්චිය" වැඩ සටහනේ පහත සංවාදය ඒ සඳහා කදිම සාක්ෂියකි.
නිවේදකයා - ඇඟලුම් කර්මාන්ත සේවිකාවන් ඉස්සරත් දැනුත් බියෙන් සිටින්නේ කුමක් සම්බන්ධයෙන්ද
නිවේදිකාව - පොසිටිව් වීම
රටේ පවත්නා තත්වය ජනතාවට අවබෝධ කළ යුතු වගකිව යුතු මාධ්‍ය මෙලෙස හැසිරීම අනුමත කළ හැකිද? එයින් පිළිඹිඹු වන්නේ ඔවුන්ගේ සැබෑ ප්‍රතිරූපයයි. ලොවක් කම්පා වන සිදුවීමක්, රටේ මව්වරුන් තරුණියන් අවදානමක සිටින මොහොතක්, විහිලුවක් වන එම හැසිරීම එලෙස නම් මනුසත් දෙරණ වැනි හුදු රංගනයන් හි තේරුම කුමක්ද යන්න ප්‍රශ්න කළ යුතු වේ.
තවදුරටත් නව මාධ්‍ය මෙන්ම ප්‍රසිද්ධ මාධ්‍යන් වල පවා රාගම රෝහලිින් පැන ගිය පුද්ගලයාගේ ඡායා රූපය ඔහු සොයා ගත් පසුව ද ප්‍රදර්ශනය කිරීම අවශ්‍ය දෙයක් නොවුණ ද සිදු වෙමින් පවතී. මේ වන විට ඔහු මුහුණු පොතේ ප්‍රධානම විහිළුව බවට පත් වෙමින් සිටී.
තව දුරටත් ආයතනය නම භාවිතා කිරීමේ දී කිසිදු මාධ්‍ය ආයතනයක් ආචාරධර්ම පිළිබඳ තැකීමක් නොකළ බැවින් එම ආයතන ජාලයෙ අනිකුත් ශාඛාවන් වල සිටින සේවිකාවන් පවා අපහසුතාවයට හා අවමානයට ලක් වෙමින් සිටී.
එමෙන්ම රාජ්‍ය නාලිකාවක් වන ITN නාලිකාව සිය වෙබ් අඩවියේ සිය වෙබ් අඩවියේ දෙවනි රැල්ලේ පළමු කොවිඩ් ආසාදිත කාන්තාව පිළිබදව පළ කළ පුවත ඉතාමත් පිළිකුල් සහගතව සමාජ මාධ්‍ය ඔස්සේ දැඩිව විවේචනය විය.
රටේ සිදු වන කුමන හෝ ව්‍යසනයක දී ප්‍රධානතම කාර්යයක් ඉටු කරනු ලබන්නේ මාධ්‍යයි. කෙසේවුවද එම කාර්යභාරය මාධ්‍ය ආචාර ධර්ම වලට ප්රමුඛත්වයක් ලබා දෙමින් බුද්ධිමත්ව සිදු කිරීම මේ මොහොතේ ප්රමුඛ අවශ්‍යතාවයක් බවට පත්වෙමින් සිටී. විශේෂෙන්ම නොවිය යුතුදේ වාරණයට ලක් කිරීමට වඩා එය සමාජය තුළින් වලක්වා ගැනීම ඉතාම වැදගත් වේ. ඒ සඳහා මෙරට සියලු මාධ්‍ය ආයතන වල බුද්ධිමත් ක්‍රියාකාරීත්වය ඉතාම වැදගත් වේ.එමෙන්ම නව මාධ්‍ය ක්‍රියාකාරීන් පවා මේ මොහොතේ බුද්ධිමත්ව ක්‍රියා කිරීම වැදගත් වේ.



👊👍👍👍
ReplyDeleteSuperb
ReplyDelete💪💪
ReplyDeleteGreat 😍😍
ReplyDelete😍😍
ReplyDelete❤️❤️❤️❤️👍👍👍
ReplyDeleteGood job dr
ReplyDeleteGreat..
ReplyDeleteGreat❤️
ReplyDelete❤❤
ReplyDelete👍
ReplyDeleteNiyamai 👐
ReplyDelete👍👍
ReplyDelete👍👍
ReplyDeleteGreat...👌
ReplyDelete👍👍
ReplyDelete❤️❤️❤️👉💪
ReplyDeleteටච් එකේ ඉන්න සහෝදරී
ReplyDelete👍👍
ReplyDelete👌👌
ReplyDeleteThanks all
ReplyDeleteniyamai
ReplyDeleteවටිනා ලිපියක්
ReplyDelete