Skip to main content

ශ්‍රී ලංකාවට ගෙන්වූ පළමු කොවිඩ් මර්ධන එන්නත


කොවිඩ් දෙවන රැල්ලෙන් අනතුරුව ඉතා දරුණු අතකට හැරුනු ශ්‍රී ලංකාවේ covid ව්‍යාප්තිය නිසාවෙන් දෛනික ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට 800 ඉක්මවමින් ඇති මොහොතක සමස්ත මරණ සංඛ්‍යාව 297 කට ළඟා වෙමින් ඇත. මෙකී තත්ත්වය මත ශ්‍රී ලංකාවට ලංකාවටද එන්නතක් ගෙන්වීම පිළිබඳව දිගින් දිගටම සාකච්ඡා පැවතුණු අතර ඉන්දීය රජය විසින් covid එන්නතක් මෙරටට ප්‍රදානය කර තිබේ. 

මෙම එන්නත රටපුරා අවශ්‍යතාවයන්ට අනුව ලබාදීමට ලබා දීමට කටයුතු කර ඇති මොහොතක ඒ පිළිබඳව දැනුවත් භාවයක් ලබා ගැනීම වැදගත් වේ.

ශ්‍රී ලංකාවට මේ වන විට ලැබී ඇති සහ භාවිතයට ගැනීමට සූදානමින් සිටින එන්නත  එංගලන්තයෙ  ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ Astrazenecea සමාගම මගින් නිර්මාණය කර ලොව පුරා රටවල් අටක මේ වන විට නිෂ්පාදනය සිදුකරන එන්නතකි. එං

ගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ AstraZenecea සමාගම මගින් නිර්මාණය කරන ලද ඉන්දියාව තුළ නිෂ්පාදනය කරනු ලබන CoviShield යන නමින් වෙළඳපලට නිකුත් කරන Oxford-Astrazeneca එන්නත වේ.


මෙම එන්නතේ ගුණාත්මකභාවය පිළිබඳව අවධානය යොමු කිරීමේ දී  

මෙම එන්නත ලබා ගැනීම මගින්,

①  covid ආසාදනය වීමේ අවධානම සැලකිය යුතු  ලෙස අඩු වේ. (පර්යේෂණ වාර්තා වලට අනුව මෙම අගය 62% සිට 90% දක්වා වන බව තහවුරු කර ඇත)


②  ඊට අමතරව රෝගය කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝවීමේ අවදානම ද විශාල ලෙස අඩුවන බව සොයාගෙන ඇත.


③  මෙම එන්නත ලබා ගැනීමෙන් පසු රෝගය වැළඳුණ ද එමගින් සංකූලතා ඇතිවීම, දරුණු රෝගී තත්ත්වයක් ඇතිවීම ඉතා විශාල ලෙස අඩු වීමක් පෙන්නුම් කර ඇත. (පර්යේෂණ වාර්තා වලට අනුව පර්යේෂණයට භාජනය කළ 10,000 කට අධික පිරිසගෙන් කිසිම කෙනෙකුට රෝහල් ගත කර ප්‍රතිකාර කිරීමට අවශ්‍ය වන තරම් රෝගී තත්ත්වයක් වැළඳී නැති බව වාර්තා වනවා)


මේ සියලුම වාසි ලැබුණත්, මෙම එන්නත සහ දැනට ලෝක වෙළඳපොලේ අනුමත අනෙකුත් එන්නත් සියල්ලම භාවිතය සඳහා අනුමත කර ඇත්තේ දැනට කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට අප ගන්නා සියලු ක්‍රියාමාර්ගවලට අමතරව රෝගය පැතිරීම වැළැක්වීමට නව ජවයක් එකතු කිරීමට මිස එම ආරක්ෂක විධිවිධාන සියල්ල අතහැර දමා එන්නත මත පමණක් යැපීමට උනන්දු කරවීමට නොවේ. 



මෙම එන්නත් ලබාදීම සිදුකරනුයේ රෝගය වැළදීමට ඇති අවදානම මුල්කරගෙන නිර්මාණය කරන ලද ප්‍රමුඛතා ලයිස්තුවකට අනුකූලවයි.


මුලින්ම එන්නත් ලබා දෙනුයේ කොරෝනා ආසාදිතයන් සමග ගැටෙන පළමු පෙළ සෞඛ්‍ය, ආරක්ෂක සහ අනෙකුත් හඳුනාගත් අංශවල සිටින පුද්ගලයින්.


දෙවනුව අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ටත් ඉන්පසු අඩු වන වයස් පිලිවෙලට, අවදානම් සාධක ද සලකා බලා, පියවරෙන් පියවර එන්නත ලබාදීමට තීරණය කර ඇත.


මේ පිළිබඳව ඇති ඊළඟ පැනය නම් මෙම එන්නත ලබාදෙන්නේ කාටද යන්නයි. 


‣  වයස අවුරුදු 18ට අඩු පුද්ගලයින්ට


‣  ගර්භනී මව්වරුන්ට සහ මව් කිරි දෙන මව්වරුන්ට


‣  එන්නත් සදහා දැඩි අසාත්මිකතා පෙන්වා ඇති පුද්ගලයින්.


‣  මේ කරුණු වලට අමතරව සෞඛ්‍ය කාර්යය මණ්ඩලය මගින් සෑම පුද්ගලයෙකුම එන්නත ලබා ගැනීමට ඇති යෝග්යතාවය සලකා බැලීමෙන් පසුව පමණක් එන්නත් ලබා දීම සිදු කරනු ඇත.



මෙම වෛරස් ඒ වැළඳුනු කෙනෙකුට මෙම වෛරසය ලබා දිය හැකිද යන්න පිළිබඳව සාකච්ඡා කිරීමේ දී ,

රෝගය කලින් වැළඳී ඇත්ද නැද්ද යන්න එන්නත් කරනය සඳහා බාධාවක් නොවේ. එම නිසා ඉහත සඳහන් කළ කාණ්ඩ වලට අයත් නොවන සියලු දෙනාටම මෙම එන්නත එන්නත් කළ හැක.

තොරතුරු -  සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල Fb පිටුවෙනි. 

Comments

Post a Comment

Popular posts from this blog

කොවිඩ් දෙවැනි රැල්ල සහ මාධ්‍ය හැසිරීම

ගම්පහ දිස්ත්‍රික්කයේ ඇඟලුම් සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමඟ වඩාත් කාර්යක්ෂමව තොරතුරු ලබාදීමේ අරමුණෙන් ජනමාධ්‍ය සහ නව මාධ්‍ය යන සියලුම මාධ්‍යයන් ඉතා කඩිනමින් කටයුතු කරමින් සිටී. විශේෂයෙන්ම මාධ්‍ය ආචාරධර්ම, මානුෂීය සංවේදීත්වය යනාදී කාරණයන් පසෙකලා වාණිජ අරමුණු, වඩා ඉක්මනින් ප්‍රවෘත්ති සැපයීමේ හා ප්‍රතිරූපය ගොඩ නංවා ගැනීමේ අරමුණු සමග මාධ්‍ය ගැටෙමින් සිටින බව මේ දිනවල මාධ්‍ය නිරීක්ෂණය කිරීමෙන් පිළිඹිඹු වන කරුණකි. එහිදී වැරදි තොරතුරු භාවිතය බොහෝ දුරට අවම වීමක් දෙවන රැල්ලේදි දක්නට ලැබුනේ පළමු රැල්ලේදි නීතිය ක්‍රියාත්මක වීම නිසාවෙනි. විශේෂයෙන්ම එහිදී ඉස්මතු වෙන කරුණක් ලෙස මාධ්‍ය ආචාරධර්ම සමාජ මාධ්‍යයන්හි ජනමාධ්‍ය ආයතන වලට වඩා පැහැදිලි ලෙසම අඩුවීමක් දක්නට ලැබේ. එය අප කව්රුත් දන්නා සත්‍යකි. ඒ සදහා මුහුණු පොතේ මේ වන විටත් මොහොතින් මොහොත බෙදාහරිමින් සිටින බොහෝ දෑ නිදසුන් සපයයි. තව දුරටත් පාස්කු ප්‍රහාර අවස්ථාවේ ලේ විලක් බවට මුහුණු පොත පත්වූ අයුරු සදුසුම සාක්ශියයි. වගකීම් සහගත බවින් ඉතාම අඩු සමාජ මාධ්‍ය වැරදි තොරතුරු පැතිරවීමෙන් කොතරම් වැළකුණද ඇතිවි තිබෙන තත්වය දැඩි ලෙස විහිලුවට ලක...

බොහෝ අය දකින කෝවලන් වෙනස් ඇසකින්

බොහෝ අය  කියන්නෙම කන්නගී විතරයි හොද කියලා ඉතිං, මම සෙව්වා ඉතිහාසය හාරල ටිකක් මේ ගැන... කන්නගී සුපිරි චරිතයක් කියන අය පොඩ්ඩක් අහපල්ලා...නැවතිලා..." "ඉතින් අද වගේ තමා...දකුණ ද ඉන්දියාව ද කියලා නෑ කෝවලනුත් ගලපලා කරගත්තා...මගුලක්..මේ මගුලේ කෙල්ල කන්නගී... දැන් වගේ තමා...ප්‍රේමයෙන් වෙළිලා හිටියට.. පහු පහු වෙනකොට කොහු කොහු වෙන දේවල් අද වගේම ක්‍රිස්තු පූර්ව 2ත් වුණා...වෙනසක් නෑ ඔය කොයි කාට කාටත් වෙන සන්තැසියම තමා කෝවලන්ටත් වුණේ...කෝවලන් නාට්‍යකාරයෙක්,සල්ලාලයෙක් කිව්වට උඹෙයි මගෙයි වගේ ඇතුලේ ඉන්න රසවතා ආවද දන්නෙත් නෑ...එළියට...කොහොමහරි කෝවලන් කන්නගී ජීවිතේ තිරය මත ගලා යනවා... මේ අස්සේ උඹලට පේනවා ඇති මාධවී...උඹලා හිතන්නේ කන්නගීගෙයි කෝවලන්ගෙයි ආදර පළහිලව්ව කඩන්න ආපු වෙසගනක් මාධවී කියලා... හිතට වැදෙන වස්තු විෂය ,ගෝචර නොවූ භාවයන් ගැනා අර්ථාන්විත හීන ගැන මනෝමය මෙන්ම භාවමය පූරණයක් දෙන්න පුළුවන් බං මාධවීට...රහමෙරක් එක්ක හෝරා ගණනාවක් රගන්න පුළුවන් මාධවීට...හැගීම් දැනීම් ඇති ඉහළ පහළ යන ජීවිතේට අර්ථයක් දෙන්න මේ කෙල්ලට පුළුවන් කියලා කෝවලන්ට හිතෙන්න ඇති බං...උඹටයි මටයි වගේ... ආදරේ ත...

තවමත් නොවිසඳුණු වතු කම්කරු ගැටලු

  වතු කම්කරු ගැටලු       යටත් විජිත පාලන සමයට අයත් බ්‍රිතාන්‍ය පාලන යුගය තුළ වැවිලි බෝග වගාව ඔවුන් විසින් ආරම්භ කරනු ලැබූ අතර අඩු මුදලට වැඩි ශ්‍රමයක් ලබා ගැනීමේ ලබා ගැනීමේ අවශ්‍යතාවය මතුවිය. කෙසේ වුවද ශ්‍රී ලංකාවේ අනිවාර්ය සේවා රාජකාරි ක්‍රමය අහෝසි කිරීම නිසා ඔවුන්ට අවශ්‍ය ශ්‍රමය ශ්‍රී ලාංකිකයන්ගෙන් ලබා ගැනීම අපහසු වීම මත ඉන්දියාවේ පහත් කුල වලට අයත් ශ්‍රමිකයන් ගෙන්වා ගත්තේය. ඒ අනුව 1827 යෙදී  වතු කම්කරුවන් දහදාහක් ද  1946 වන විට  665855 ක පිරිසක් මෙරටට ගෙන්වනු ලැබීය. විශේෂයෙන්ම ඉන්දියානු ජනතාව මෙරටට ගෙන ඒම මෙරට සංවර්ධනයට බාධා පැමිණ භූ භූ විශාලතම ගැටලුවක් ලෙස හැඳින්වීමට පුළුවන. ඒවා නම වාර්ගික අර්බුද , දරිද්‍රතාවය අධ්‍යාපනය අහිමි වීම ඒක පුද්ගල ආදායම අවම වීම ජනග්‍රහන වර්ධනය යනාදී විශාල ගැටලු රැසකට මඟ පාදනු ලැබුවේය. මොවුන් තුළ පවත්නා වූ දිළිඳුකම විශාල ගැටළුවක් ලෙස සැලකීමට පුළුවන. එහිදී ජන හා සංඛ්‍යාලේඛන වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය පිළිබඳව අවධානය යොමු කිරීමේ දී ග්‍රාමීය හා නාගරික අංශයන්ට සාපේක්ෂව වතු අංශයේ දරිද්‍රතාවය  ඉහළ මට්ටමක් ගන්...