කොවිඩ් දෙවන රැල්ලෙන් අනතුරුව ඉතා දරුණු අතකට හැරුනු ශ්‍රී ලංකාවේ covid ව්‍යාප්තිය නිසාවෙන් දෛනික ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට 800 ඉක්මවමින් ඇති මොහොතක සමස්ත මරණ සංඛ්‍යාව 297 කට ළඟා වෙමින් ඇත. මෙකී තත්ත්වය මත ශ්‍රී ලංකාවට ලංකාවටද එන්නතක් ගෙන්වීම පිළිබඳව දිගින් දිගටම සාකච්ඡා පැවතුණු අතර ඉන්දීය රජය විසින් covid එන්නතක් මෙරටට ප්රදානය කර තිබේ.
මෙම එන්නත රටපුරා අවශ්‍යතාවයන්ට අනුව ලබාදීමට ලබා දීමට කටයුතු කර ඇති මොහොතක ඒ පිළිබඳව දැනුවත් භාවයක් ලබා ගැනීම වැදගත් වේ.
ශ්‍රී ලංකාවට මේ වන විට ලැබී ඇති සහ භාවිතයට ගැනීමට සූදානමින් සිටින එන්නත එංගලන්තයෙ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ Astrazenecea සමාගම මගින් නිර්මාණය කර ලොව පුරා රටවල් අටක මේ වන විට නිෂ්පාදනය සිදුකරන එන්නතකි. එං
ගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ AstraZenecea සමාගම මගින් නිර්මාණය කරන ලද ඉන්දියාව තුළ නිෂ්පාදනය කරනු ලබන CoviShield යන නමින් වෙළඳපලට නිකුත් කරන Oxford-Astrazeneca එන්නත වේ.
මෙම එන්නතේ ගුණාත්මකභාවය පිළිබඳව අවධානය යොමු කිරීමේ දී
මෙම එන්නත ලබා ගැනීම මගින්,
① covid ආසාදනය වීමේ අවධානම සැලකිය යුතු ලෙස අඩු වේ. (පර්යේෂණ වාර්තා වලට අනුව මෙම අගය 62% සිට 90% දක්වා වන බව තහවුරු කර ඇත)
② ඊට අමතරව රෝගය කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝවීමේ අවදානම ද විශාල ලෙස අඩුවන බව සොයාගෙන ඇත.
③ මෙම එන්නත ලබා ගැනීමෙන් පසු රෝගය වැළඳුණ ද එමගින් සංකූලතා ඇතිවීම, දරුණු රෝගී තත්ත්වයක් ඇතිවීම ඉතා විශාල ලෙස අඩු වීමක් පෙන්නුම් කර ඇත. (පර්යේෂණ වාර්තා වලට අනුව පර්යේෂණයට භාජනය කළ 10,000 කට අධික පිරිසගෙන් කිසිම කෙනෙකුට රෝහල් ගත කර ප්‍රතිකාර කිරීමට අවශ්‍ය වන තරම් රෝගී තත්ත්වයක් වැළඳී නැති බව වාර්තා වනවා)
මේ සියලුම වාසි ලැබුණත්, මෙම එන්නත සහ දැනට ලෝක වෙළඳපොලේ අනුමත අනෙකුත් එන්නත් සියල්ලම භාවිතය සඳහා අනුමත කර ඇත්තේ දැනට කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට අප ගන්නා සියලු ක්‍රියාමාර්ගවලට අමතරව රෝගය පැතිරීම වැළැක්වීමට නව ජවයක් එකතු කිරීමට මිස එම ආරක්ෂක විධිවිධාන සියල්ල අතහැර දමා එන්නත මත පමණක් යැපීමට උනන්දු කරවීමට නොවේ.
මෙම එන්නත් ලබාදීම සිදුකරනුයේ රෝගය වැළදීමට ඇති අවදානම මුල්කරගෙන නිර්මාණය කරන ලද ප්‍රමුඛතා ලයිස්තුවකට අනුකූලවයි.
මුලින්ම එන්නත් ලබා දෙනුයේ කොරෝනා ආසාදිතයන් සමග ගැටෙන පළමු පෙළ සෞඛ්‍ය, ආරක්ෂක සහ අනෙකුත් හඳුනාගත් අංශවල සිටින පුද්ගලයින්.
දෙවනුව අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ටත් ඉන්පසු අඩු වන වයස් පිලිවෙලට, අවදානම් සාධක ද සලකා බලා, පියවරෙන් පියවර එන්නත ලබාදීමට තීරණය කර ඇත.
මේ පිළිබඳව ඇති ඊළඟ පැනය නම් මෙම එන්නත ලබාදෙන්නේ කාටද යන්නයි.
‣ වයස අවුරුදු 18ට අඩු පුද්ගලයින්ට
‣ ගර්භනී මව්වරුන්ට සහ මව් කිරි දෙන මව්වරුන්ට
‣ එන්නත් සදහා දැඩි අසාත්මිකතා පෙන්වා ඇති පුද්ගලයින්.
‣ මේ කරුණු වලට අමතරව සෞඛ්‍ය කාර්යය මණ්ඩලය මගින් සෑම පුද්ගලයෙකුම එන්නත ලබා ගැනීමට ඇති යෝග්‍යතාවය සලකා බැලීමෙන් පසුව පමණක් එන්නත් ලබා දීම සිදු කරනු ඇත.
මෙම වෛරස් ඒ වැළඳුනු කෙනෙකුට මෙම වෛරසය ලබා දිය හැකිද යන්න පිළිබඳව සාකච්ඡා කිරීමේ දී ,
රෝගය කලින් වැළඳී ඇත්ද නැද්ද යන්න එන්නත් කරනය සඳහා බාධාවක් නොවේ. එම නිසා ඉහත සඳහන් කළ කාණ්ඩ වලට අයත් නොවන සියලු දෙනාටම මෙම එන්නත එන්නත් කළ හැක.
තොරතුරු - සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල Fb පිටුවෙනි.

ගොඩක් වැදගත් ලිපියක්
ReplyDeleteBest one👌👌👌
ReplyDeleteGood ❤️👌👌
ReplyDeleteGreat 👍👍
ReplyDeleteGreat💛
ReplyDeleteBest 👍
ReplyDelete👍👍👍👍
ReplyDelete👍👍
ReplyDeleteGood article 👍👍
ReplyDeletewedagath lipiyak
ReplyDeleteGreat one 💓🥂
ReplyDeleteVery important
ReplyDeleteGood Article
ReplyDelete💪👊
ReplyDeleteGood article ✌
ReplyDeleteKeep it up ❤
වැදගත් ලිපියක් 👌
ReplyDelete