අදට අවුරුදු 73 යි. සැබැ අභිමානයෙන් සමරන නිදහස් දිනයේ රටේ තත්වය අනුව සැබෑ අභිමානයෙන් සැමරිය හැකිදැයි. පිරික්සිය යුතුම වූ මොහොතකි මේ.
ලංකා ඉතිහාසයේ දරුණුම විදේශ විනිමය අර්බුදයට ලංකාව 2021 අවුරුද්දෙ දී මුහුණ දෙන්න නියමිතයි. මේ අර්බුදය සහ මේ වෙනකොට ලංකාවේ සමස්ත ආර්ථික අර්බුදය කොච්චර දරුණු ද කියලා පෙන්නන්න පුළුවන් කරුණු කීපයක් තියෙනවා.
1.ඩොලර් බිලියන 7 කට ආසන්න විදේශ ණය වාරිකයක් මේ අවුරුද්දෙ දී ගෙවන්න තියෙනවා.
2.ලංකාව සතුව මේ වෙද්දී තියෙන සමස්ත විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 5 ක් විතර.ඒ කියන්නෙ මේ අවුරුද්දෙ ණය වාරිකය ගෙවාගන්න තරම් විදේශ විනිමය ලංකාව ළඟ නෑ.
3.කිසිම රටක් තමන්ගේ විදේශ සංචිත ටික අන්තිම රුපියල වෙනකම්ම ණය ගෙවන්න පාවිච්චි කරන්නෙ නෑ.හදිසියේ කරන්න වෙන ආනයන වලට සල්ලි ඉතුරු කර ගන්න අවශ්‍යයි.
4.ඒ නිසා ඉදිරියෙදී ලංකාවට කරන්න ඉතුරු වෙලා තියෙන්නේ "ණය ගෙවීම වෙනුවෙන් ණය ගන්න."ඒක ලංකාවට අලුත් දෙයක් නෙමෙයි.අපි කාලයක් තිස්සෙ බොහෝ ණය ගෙව්වෙ අලුතෙන් ණය අරගෙන.
5.දැන් එතකොට අපිට අලුතෙන් ණය ගන්න වෙනවනෙ.ඒකට ලොකු බාධාවක් තියෙනවා.ඒ තමයි ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන ලංකාවේ ණය ශ්‍රේණිය ඒ කිව්වෙ credit rating එක C මට්ටම වෙනකම් පහළ දාලා තියෙනවා.ඒ කියන්නෙ ලංකාවට ණය දෙන එක "සැළකිය යුතු අවදානම් සහගත" වැඩක් බව අනිත් රටවල් වලට අනතුරු අඟවලා තියෙනවා.
6.ඒ නිසා ලෝක බැංකුව,ජාත්‍යන්තර මූල්‍ය අරමුදල,ආසියානු සංවර්ධන බැංකුව වගේ සම්ප්‍රදායික ණය දෙන ආයතන වලින් ණය ගන්න ඉතා අපහසු වෙලා තියෙනවා.ඒ කියන්නෙ අඩු පොළියකට,දීර්ඝ ආපසු ගෙවීමේ කාලයක් එක්ක ණය ගන්න අමාරු වෙලා තියෙනවා.
7.ඉදිරි මාස වල දී ලංකාවට විරුද්ධව ජිනීවා වල දී නැවතත් මානව හිමිකම් චෝදනා එල්ල වෙන්න නියමිතයි.ඒ චෝදනා එතනින් එහාට ගිහින් ආර්ථික වශයෙන් ලංකාව හුදෙකලා කිරීමේ වෑයමක් දක්වා මේ පාර වැඩේ ඉස්සරහට යන්න පුළුවන්.
8.සුපුරුදු පරිදි අපේ උදව්වට එන්න නියමිත චීනය සහ ඉන්දියාව.එයාලා අපිට ණය දෙන එක සහ ජාත්‍යන්තර වේදිකා වල දී අපි වෙනුවෙන් පෙනී ඉන්න එක කළොත් ඒ වෙනුවෙන් හිලව්වට අපෙන් බලාපොරොත්තු වෙන්නෙ මොනාද කියලා පහුගිය දවස් වල වරාය සම්බන්ධව ඇති වුණ අර්බුදයෙන් තේරුම් ගන්න පුළුවන්.
9.ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අපේ රුපියල ඉතා වේගයෙන් කඩා වැටෙමින් තියෙන නිසා අපිට ආපසු ගෙවන්න තියෙන ණය වල රුපියල් වටිනාකම සීඝ්රයෙන් වැඩි වෙමින් තියෙනවා.සරලව කිව්වොත් ඩොලර් 1 = රු.100 වෙනකොට අපි ඩොලර් දාහක ණයක් ගත්තොත් අපිට ලැබෙන්නෙ රු.100,000 යි.හැබැයි අපි ආයෙත් ඒ ණය ගෙවන්න යන කොට ඩොලර් 1 = රු.200 වෙලා තිබ්බොත් අපිට රු.200,000 ක් ආයෙත් ගෙවන්න වෙනවා.අමතර රු.100,000 ක් (සහ පොළිය) ගෙවන්න වෙනවා.
10.ඉතාම සරලව කිව්වොත් රුපියල කඩාගෙන වැටෙන එක නවත්තන්න පුළුවන් ක්‍රම 2 යි තියෙන්නේ.
i. ලංකාවට පිට රටවල් වලින් ලැබෙන විදේශ විනිමය ප්‍රමාණය වැඩි කිරීම.
ii.ලංකාවෙන් පිට රටවල් වලට ගලාගෙන යන විදේශ විනිමය ප්‍රමාණය ප්‍රමාණය අඩු කිරීම.
11.උඩින් කියපු (i) ළඟා කර ගන්න ලංකාවට හොඳ වැඩ පිළිවෙලක් තියෙන බව පේන්නෙ නෑ.ඒ නිසා ලංකාව මේ මොහොතේ කරන්නෙ (ii) වෙනි එක.ඒ කියන්නෙ කිසිම සොයා බැලීමක් නැතුව ක්ෂේත්‍ර ගණනාවක ආනයන නවත්තලා තියෙන එක.
12.මේ ආනයන තහනම ඉතාම දරුණුවට ලංකාවට දැනෙමින් තියෙනවා.මේ මොහොතේ අපේ එදිනෙදා ජීවිතයට සෘජු බලපෑමක් නෑ වගේ දැනුනට ඉතාම ඉක්මණට ඒ බලපෑම දැනෙන්නෙ ගන්නවා.දැනට තත්ත්වය ගත්තොත්,
i.ඉදි කිරීම් ක්ෂේත්රයේ සියළුම අමුද්‍රව්‍ය වල මිල,
ii.ඔන්ලයින් අධ්‍යාපනය අත්‍යවශ්‍යය වෙලා තියෙන කාලයක ජංගම දුරකථන සහ ලැප්ටොප්ස් මිල,
iii.වාහන මිල සහ සියළුම වාහන අමතර කොටස් මිල,
iv.ආනයනය කරන බොහෝ ආහාර ද්‍රව්‍ය වල මිල,
සහ තවත් ක්ෂේත්‍ර ගණනාවක භාණ්ඩ හා සේවා මිල ඉතා සීඝ්රයෙන් වැඩි වෙමින් තියෙනවා.
13.ආනයන තහනම බොහොම භයානක වෙන හේතු දෙකක් තියෙනවා.
i.මේ භාණ්ඩ මිල ඉහළ යාම අවසානයේ දරාගන්න වෙන්නෙ පාරිභෝගිකයන්ට.ඒ කියන්නෙ ඔබට සහ මට.රට ඇතුළේ උද්ධමනය ඉතා සීඝ්රයෙන් වැඩිවෙන කොට මිනිස්සුන්ගෙ ඉවසීමේ සීමාව බොහොම ඉක්මණට පනිනවා.
ii.කාලයක් පුරාවට ආනයන තහනම් කරගෙන ඉඳලා එක වර ආනයන තහනම ඉවත් කළොත් අපේ රුපියල ඉතා වේගයෙන් කඩාගෙන වැටෙන්න පුළුවන්.අද අපි ඩොලර් එකක් රු.200 ක් විදියට දකින එක බොහොම ලේසියෙන් රු.220-230 පරාසයට "දින කීපයක් ඇතුළත" යන්න පුළුවන්.මුදල් ඒකකයක් හෙමින් හෙමින් කඩා වැටීමට වඩා එක වර කඩා වැටීම භයානක වෙන්නෙ ව්‍යාපාර වලට ඒ කඩා වැටීමට හැඩ ගැහෙන්න තියෙන කාලය ඉතා අඩු නිසා.
14.ආර්ථික විද්‍යාව නොදන්න කෙනෙක්ට වුණත් තේරෙනවා අපි හිර වෙන්න පුළුවන් හැම පැත්තකින්ම හිර වෙලා ඉවරයි කියලා.ඉතිං මේ මොහොතේ ආර්ථික විද්‍යා තියරි වලින් එළියට ගිහින් "නීත්‍යානුකූල ක්‍රම වලින්" රට ඇතුළට විදේශ විනිමය අරගෙන එන්නෙ කොහොමද කියලා හිතන්න වෙනවා.එහෙම නොවුණොත් අපි ඉතාම දරුණු ආර්ථික ආගාධයකට වැටෙන එක නවත්තන්න බැරි වෙයි.
සුබ නිදහස් දිනයක් වේවා

කාලීනව වැදගත් ලියමනක් 💫❤️
ReplyDeleteකාලීනව වැදගත් ලියමනක් 💫❤️
ReplyDeleteNiyamai
ReplyDeleteNiyamai
ReplyDeleteGreat
ReplyDelete🙏
ReplyDelete👍👍
ReplyDeleteVeleuble
ReplyDeletewedagath lipiyak
ReplyDeleteSuper 👍
ReplyDeleteSuperb
ReplyDelete