Skip to main content

නිදහස සැබෑ අභිමානයෙන් සැමරිය හැකිද

 




අදට අවුරුදු 73 යි. සැබැ අභිමානයෙන් සමරන නිදහස් දිනයේ රටේ තත්වය අනුව සැබෑ අභිමානයෙන් සැමරිය හැකිදැයි. පිරික්සිය යුතුම වූ මොහොතකි මේ.

ලංකා ඉතිහාසයේ දරුණුම විදේශ විනිමය අර්බුදයට ලංකාව 2021 අවුරුද්දෙ දී මුහුණ දෙන්න නියමිතයි. මේ අර්බුදය සහ මේ වෙනකොට ලංකාවේ සමස්ත ආර්ථික අර්බුදය කොච්චර දරුණු ද කියලා පෙන්නන්න පුළුවන් කරුණු කීපයක් තියෙනවා.


1.ඩොලර් බිලියන 7 කට ආසන්න විදේශ ණය වාරිකයක් මේ අවුරුද්දෙ දී ගෙවන්න තියෙනවා.


2.ලංකාව සතුව මේ වෙද්දී තියෙන සමස්ත විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 5 ක් විතර.ඒ කියන්නෙ මේ අවුරුද්දෙ ණය වාරිකය ගෙවාගන්න තරම් විදේශ විනිමය ලංකාව ළඟ නෑ.


3.කිසිම රටක් තමන්ගේ විදේශ සංචිත ටික අන්තිම රුපියල වෙනකම්ම ණය ගෙවන්න පාවිච්චි කරන්නෙ නෑ.හදිසියේ කරන්න වෙන ආනයන වලට සල්ලි ඉතුරු කර ගන්න අවශ්‍යයි.


4.ඒ නිසා ඉදිරියෙදී ලංකාවට කරන්න ඉතුරු වෙලා තියෙන්නේ "ණය ගෙවීම වෙනුවෙන් ණය ගන්න."ඒක ලංකාවට අලුත් දෙයක් නෙමෙයි.අපි කාලයක් තිස්සෙ බොහෝ ණය ගෙව්වෙ අලුතෙන් ණය අරගෙන.


5.දැන් එතකොට අපිට අලුතෙන් ණය ගන්න වෙනවනෙ.ඒකට ලොකු බාධාවක් තියෙනවා.ඒ තමයි ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන ලංකාවේ ණය ශ්‍රේණිය ඒ කිව්වෙ credit rating එක C මට්ටම වෙනකම් පහළ දාලා තියෙනවා.ඒ කියන්නෙ ලංකාවට ණය දෙන එක "සැළකිය යුතු අවදානම් සහගත" වැඩක් බව අනිත් රටවල් වලට අනතුරු අඟවලා තියෙනවා.


6.ඒ නිසා ලෝක බැංකුව,ජාත්‍යන්තර මූල්‍ය අරමුදල,ආසියානු සංවර්ධන බැංකුව වගේ සම්ප්‍රදායික ණය දෙන ආයතන වලින් ණය ගන්න ඉතා අපහසු වෙලා තියෙනවා.ඒ කියන්නෙ අඩු පොළියකට,දීර්ඝ ආපසු ගෙවීමේ කාලයක් එක්ක ණය ගන්න අමාරු වෙලා තියෙනවා.


7.ඉදිරි මාස වල දී ලංකාවට විරුද්ධව ජිනීවා වල දී නැවතත් මානව හිමිකම් චෝදනා එල්ල වෙන්න නියමිතයි.ඒ චෝදනා එතනින් එහාට ගිහින් ආර්ථික වශයෙන් ලංකාව හුදෙකලා කිරීමේ වෑයමක් දක්වා මේ පාර වැඩේ ඉස්සරහට යන්න පුළුවන්.


8.සුපුරුදු පරිදි අපේ උදව්වට එන්න නියමිත චීනය සහ ඉන්දියාව.එයාලා අපිට ණය දෙන එක සහ ජාත්‍යන්තර වේදිකා වල දී අපි වෙනුවෙන් පෙනී ඉන්න එක කළොත් ඒ වෙනුවෙන් හිලව්වට අපෙන් බලාපොරොත්තු වෙන්නෙ මොනාද කියලා පහුගිය දවස් වල වරාය සම්බන්ධව ඇති වුණ අර්බුදයෙන් තේරුම් ගන්න පුළුවන්.


9.ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අපේ රුපියල ඉතා වේගයෙන් කඩා වැටෙමින් තියෙන නිසා අපිට ආපසු ගෙවන්න තියෙන ණය වල රුපියල් වටිනාකම සීඝ්‍රයෙන් වැඩි වෙමින් තියෙනවා.සරලව කිව්වොත් ඩොලර් 1 = රු.100 වෙනකොට අපි ඩොලර් දාහක ණයක් ගත්තොත් අපිට ලැබෙන්නෙ රු.100,000 යි.හැබැයි අපි ආයෙත් ඒ ණය ගෙවන්න යන කොට ඩොලර් 1 = රු.200 වෙලා තිබ්බොත් අපිට රු.200,000 ක් ආයෙත් ගෙවන්න වෙනවා.අමතර රු.100,000 ක් (සහ පොළිය) ගෙවන්න වෙනවා.


10.ඉතාම සරලව කිව්වොත් රුපියල කඩාගෙන වැටෙන එක නවත්තන්න පුළුවන් ක්‍රම 2 යි තියෙන්නේ.


i. ලංකාවට පිට රටවල් වලින් ලැබෙන විදේශ විනිමය ප්‍රමාණය වැඩි කිරීම.


ii.ලංකාවෙන් පිට රටවල් වලට ගලාගෙන යන විදේශ විනිමය ප්‍රමාණය ප්‍රමාණය අඩු කිරීම.


11.උඩින් කියපු (i) ළඟා කර ගන්න ලංකාවට හොඳ වැඩ පිළිවෙලක් තියෙන බව පේන්නෙ නෑ.ඒ නිසා ලංකාව මේ මොහොතේ කරන්නෙ (ii) වෙනි එක.ඒ කියන්නෙ කිසිම සොයා බැලීමක් නැතුව ක්ෂේත්‍ර ගණනාවක ආනයන නවත්තලා තියෙන එක.


12.මේ ආනයන තහනම ඉතාම දරුණුවට ලංකාවට දැනෙමින් තියෙනවා.මේ මොහොතේ අපේ එදිනෙදා ජීවිතයට සෘජු බලපෑමක් නෑ වගේ දැනුනට ඉතාම ඉක්මණට ඒ බලපෑම දැනෙන්නෙ ගන්නවා.දැනට තත්ත්වය ගත්තොත්,


i.ඉදි කිරීම් ක්ෂේත්‍රයේ සියළුම අමුද්‍රව්‍ය වල මිල, 


ii.ඔන්ලයින් අධ්‍යාපනය අත්‍යවශ්‍යය වෙලා තියෙන කාලයක ජංගම දුරකථන සහ ලැප්ටොප්ස් මිල,


iii.වාහන මිල සහ සියළුම වාහන අමතර කොටස් මිල,


iv.ආනයනය කරන බොහෝ ආහාර ද්‍රව්‍ය වල මිල,

                සහ තවත් ක්ෂේත්‍ර ගණනාවක භාණ්ඩ හා සේවා මිල ඉතා සීඝ්‍රයෙන් වැඩි වෙමින් තියෙනවා.


13.ආනයන තහනම බොහොම භයානක වෙන හේතු දෙකක් තියෙනවා.


i.මේ භාණ්ඩ මිල ඉහළ යාම අවසානයේ දරාගන්න වෙන්නෙ පාරිභෝගිකයන්ට.ඒ කියන්නෙ ඔබට සහ මට.රට ඇතුළේ උද්ධමනය ඉතා සීඝ්‍රයෙන් වැඩිවෙන කොට මිනිස්සුන්ගෙ ඉවසීමේ සීමාව බොහොම ඉක්මණට පනිනවා.


ii.කාලයක් පුරාවට ආනයන තහනම් කරගෙන ඉඳලා එක වර ආනයන තහනම ඉවත් කළොත් අපේ රුපියල ඉතා වේගයෙන් කඩාගෙන වැටෙන්න පුළුවන්.අද අපි ඩොලර් එකක් රු.200 ක් විදියට දකින එක බොහොම ලේසියෙන් රු.220-230 පරාසයට "දින කීපයක් ඇතුළත" යන්න පුළුවන්.මුදල් ඒකකයක් හෙමින් හෙමින් කඩා වැටීමට වඩා එක වර කඩා වැටීම භයානක වෙන්නෙ ව්‍යාපාර වලට ඒ කඩා වැටීමට හැඩ ගැහෙන්න තියෙන කාලය ඉතා අඩු නිසා.


14.ආර්ථික විද්‍යාව නොදන්න කෙනෙක්ට වුණත් තේරෙනවා අපි හිර වෙන්න පුළුවන් හැම පැත්තකින්ම හිර වෙලා ඉවරයි කියලා.ඉතිං මේ මොහොතේ ආර්ථික විද්‍යා තියරි වලින් එළියට ගිහින් "නීත්‍යානුකූල ක්‍රම වලින්" රට ඇතුළට විදේශ විනිමය අරගෙන එන්නෙ කොහොමද කියලා හිතන්න වෙනවා.එහෙම නොවුණොත් අපි ඉතාම දරුණු ආර්ථික ආගාධයකට වැටෙන එක නවත්තන්න බැරි වෙයි.


සුබ නිදහස් දිනයක් වේවා

Comments

Post a Comment

Popular posts from this blog

කොවිඩ් දෙවැනි රැල්ල සහ මාධ්‍ය හැසිරීම

ගම්පහ දිස්ත්‍රික්කයේ ඇඟලුම් සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමඟ වඩාත් කාර්යක්ෂමව තොරතුරු ලබාදීමේ අරමුණෙන් ජනමාධ්‍ය සහ නව මාධ්‍ය යන සියලුම මාධ්‍යයන් ඉතා කඩිනමින් කටයුතු කරමින් සිටී. විශේෂයෙන්ම මාධ්‍ය ආචාරධර්ම, මානුෂීය සංවේදීත්වය යනාදී කාරණයන් පසෙකලා වාණිජ අරමුණු, වඩා ඉක්මනින් ප්‍රවෘත්ති සැපයීමේ හා ප්‍රතිරූපය ගොඩ නංවා ගැනීමේ අරමුණු සමග මාධ්‍ය ගැටෙමින් සිටින බව මේ දිනවල මාධ්‍ය නිරීක්ෂණය කිරීමෙන් පිළිඹිඹු වන කරුණකි. එහිදී වැරදි තොරතුරු භාවිතය බොහෝ දුරට අවම වීමක් දෙවන රැල්ලේදි දක්නට ලැබුනේ පළමු රැල්ලේදි නීතිය ක්‍රියාත්මක වීම නිසාවෙනි. විශේෂයෙන්ම එහිදී ඉස්මතු වෙන කරුණක් ලෙස මාධ්‍ය ආචාරධර්ම සමාජ මාධ්‍යයන්හි ජනමාධ්‍ය ආයතන වලට වඩා පැහැදිලි ලෙසම අඩුවීමක් දක්නට ලැබේ. එය අප කව්රුත් දන්නා සත්‍යකි. ඒ සදහා මුහුණු පොතේ මේ වන විටත් මොහොතින් මොහොත බෙදාහරිමින් සිටින බොහෝ දෑ නිදසුන් සපයයි. තව දුරටත් පාස්කු ප්‍රහාර අවස්ථාවේ ලේ විලක් බවට මුහුණු පොත පත්වූ අයුරු සදුසුම සාක්ශියයි. වගකීම් සහගත බවින් ඉතාම අඩු සමාජ මාධ්‍ය වැරදි තොරතුරු පැතිරවීමෙන් කොතරම් වැළකුණද ඇතිවි තිබෙන තත්වය දැඩි ලෙස විහිලුවට ලක...

බොහෝ අය දකින කෝවලන් වෙනස් ඇසකින්

බොහෝ අය  කියන්නෙම කන්නගී විතරයි හොද කියලා ඉතිං, මම සෙව්වා ඉතිහාසය හාරල ටිකක් මේ ගැන... කන්නගී සුපිරි චරිතයක් කියන අය පොඩ්ඩක් අහපල්ලා...නැවතිලා..." "ඉතින් අද වගේ තමා...දකුණ ද ඉන්දියාව ද කියලා නෑ කෝවලනුත් ගලපලා කරගත්තා...මගුලක්..මේ මගුලේ කෙල්ල කන්නගී... දැන් වගේ තමා...ප්‍රේමයෙන් වෙළිලා හිටියට.. පහු පහු වෙනකොට කොහු කොහු වෙන දේවල් අද වගේම ක්‍රිස්තු පූර්ව 2ත් වුණා...වෙනසක් නෑ ඔය කොයි කාට කාටත් වෙන සන්තැසියම තමා කෝවලන්ටත් වුණේ...කෝවලන් නාට්‍යකාරයෙක්,සල්ලාලයෙක් කිව්වට උඹෙයි මගෙයි වගේ ඇතුලේ ඉන්න රසවතා ආවද දන්නෙත් නෑ...එළියට...කොහොමහරි කෝවලන් කන්නගී ජීවිතේ තිරය මත ගලා යනවා... මේ අස්සේ උඹලට පේනවා ඇති මාධවී...උඹලා හිතන්නේ කන්නගීගෙයි කෝවලන්ගෙයි ආදර පළහිලව්ව කඩන්න ආපු වෙසගනක් මාධවී කියලා... හිතට වැදෙන වස්තු විෂය ,ගෝචර නොවූ භාවයන් ගැනා අර්ථාන්විත හීන ගැන මනෝමය මෙන්ම භාවමය පූරණයක් දෙන්න පුළුවන් බං මාධවීට...රහමෙරක් එක්ක හෝරා ගණනාවක් රගන්න පුළුවන් මාධවීට...හැගීම් දැනීම් ඇති ඉහළ පහළ යන ජීවිතේට අර්ථයක් දෙන්න මේ කෙල්ලට පුළුවන් කියලා කෝවලන්ට හිතෙන්න ඇති බං...උඹටයි මටයි වගේ... ආදරේ ත...

තවමත් නොවිසඳුණු වතු කම්කරු ගැටලු

  වතු කම්කරු ගැටලු       යටත් විජිත පාලන සමයට අයත් බ්‍රිතාන්‍ය පාලන යුගය තුළ වැවිලි බෝග වගාව ඔවුන් විසින් ආරම්භ කරනු ලැබූ අතර අඩු මුදලට වැඩි ශ්‍රමයක් ලබා ගැනීමේ ලබා ගැනීමේ අවශ්‍යතාවය මතුවිය. කෙසේ වුවද ශ්‍රී ලංකාවේ අනිවාර්ය සේවා රාජකාරි ක්‍රමය අහෝසි කිරීම නිසා ඔවුන්ට අවශ්‍ය ශ්‍රමය ශ්‍රී ලාංකිකයන්ගෙන් ලබා ගැනීම අපහසු වීම මත ඉන්දියාවේ පහත් කුල වලට අයත් ශ්‍රමිකයන් ගෙන්වා ගත්තේය. ඒ අනුව 1827 යෙදී  වතු කම්කරුවන් දහදාහක් ද  1946 වන විට  665855 ක පිරිසක් මෙරටට ගෙන්වනු ලැබීය. විශේෂයෙන්ම ඉන්දියානු ජනතාව මෙරටට ගෙන ඒම මෙරට සංවර්ධනයට බාධා පැමිණ භූ භූ විශාලතම ගැටලුවක් ලෙස හැඳින්වීමට පුළුවන. ඒවා නම වාර්ගික අර්බුද , දරිද්‍රතාවය අධ්‍යාපනය අහිමි වීම ඒක පුද්ගල ආදායම අවම වීම ජනග්‍රහන වර්ධනය යනාදී විශාල ගැටලු රැසකට මඟ පාදනු ලැබුවේය. මොවුන් තුළ පවත්නා වූ දිළිඳුකම විශාල ගැටළුවක් ලෙස සැලකීමට පුළුවන. එහිදී ජන හා සංඛ්‍යාලේඛන වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය පිළිබඳව අවධානය යොමු කිරීමේ දී ග්‍රාමීය හා නාගරික අංශයන්ට සාපේක්ෂව වතු අංශයේ දරිද්‍රතාවය  ඉහළ මට්ටමක් ගන්...