Skip to main content

දකුණු ආසියානු රටවල ආකල්ප තුළින් බැහැර වන සංවර්ධනය (ඉන්දියාවේ වසංගත තත්වය ඇසුරෙන්






දකුණු ආසියානු රටවල ආකල්ප තුළින් බැහැර වන සංවර්ධනය (ඉන්දියාවේ වසංගත තත්වය ඇසුරෙන්..

රටක සංවර්ධනය මනින ප්‍රධානතම සාධකයක් වශයෙන් එම රටේ සෞඛ්‍ය තත්වය හැඳින්වීමට පුළුවන්. සංවර්ධනය ප්‍රධාන ලෙස කොටස් වශයෙන් බෙදීම තුළ ද  සෞඛ්‍ය ඊට ඇතුළත් වේ. අද ඉන්දියාවේ වර්තමානයේ පවත්නා තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වීමේදී ඉන්දියාව දියුණු වෙමින් පවතින රටවල් අතර ඉතා ඉහත තත්ත්වයක සිටිය ද   එය සංවර්ධනය උදෙසා ළඟාවීම සඳහා ප්‍රමාණවත් නොවීම නො වීමට ප්‍රධාන හේතු සාධකයක් ඉන්දියානු ජනතාව සතු ආකල්ප වල  පවත්නා අධික නොදියුණු භාවය සහ යල් පැනගිය හේතු සාධක හේතු වී ඇති බව හොඳින්ම පෙනී යයි.
විශේෂයෙන්ම මේ වෙනවිට ඉනනවිට ඉන්දියාවේ උද්ගතවී ඇති කොරෝනා වසංගත තත්වයක් සමග  ඉන්දියානු ජනතාව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද පස්සේ කලා ගොම නාමින් විවිධ චාරිත්‍රානුකූල කටයුතු සිදු කරන ආකාරය පෙනෙන්නට තිබේ. ඒ ඔස්සේ ඔවුන් කොරෝනා වසංගත තත්ත්වය සමනය කිරීම උදෙසා  දේව ආශිර්වාදය ලබා ගැනීමට කටයුතු කළ ද සිදුවන්නේ තවත් ඔවුන් එම වෛරසයට ගොදුරු වීමට පවත්නා වූ ඉඩකඩ වැඩිවීම බව  ඔවුන්ට නොතේරේ.

තවත් එවැනිම කාරණයක් ලෙස කුරණ වෛරසය ආසාදනය වීමෙන් මියයන රෝගීන් ගේ මෘත දේහ  ගංගා අසල ට ගොඩ කර තබන ආකාරය  දැකගත හැකි අතර ගංගාවල පා කර යෑමේ චාරිත්‍ර ඊට හේතුවී තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර ඇති පරිදි covid ආසාදිත දේහ ආදාහනය කිරීම වඩාත් ම සුදුසු වේ. නමුත් එවැනි අයුරින් එම දේහ ගොඩගසා තැබීම ඔස්සේ මෙන්ම මිනී පාවෙන ගංගා  තුළින් ඇතැම් පුද්ගලයින් දිය නාන ආකාරයද දක්නට ලැබුණි.

ඇත්තෙන්ම මෙවැනි තත්ත්වයක් යටතේ හොඳින් ම පෙනී යන්නේ ඉන්දියානු ඇතැම් වැසියන් ගේ අධික මුල් බැසගෙන පවත්නා වූ   චාරිත්‍ර වාරිත්‍ර මත පදනම්ව මෙන්ම  අධික ආකල්ප මත පදනම් වූ නොදියුණු භාවයක්  ඔවුන් තුළ මුල් මුල්බැසගෙන පවත්නා සාධකයක් බවට පත් වී තිබීමයි .

අද වෙන විට ඉන්දියාවේ ලෝකයේ කොරෝනා වසංගත තත්ත්වය අනුව වැඩිම රෝගීන් අනුව දෙවන ස්ථානයේ පසුවේ. එම රටේ මේ තත්ත්වය හා සම්බන්ධ වීඩියෝ  දර්ශන නැරඹීමේ දී පෙනී යන්නේ ඔවුන් මුඛ ආවරණ පවා බොහෝ දුරට නො පැලඳ ගෙන සිටීමයි. මෙවැනි තත්ත්වයන් යටතේ වෛරස ය   පාලනයෙන් ගිලිහීම දේශපාලනික සාධකයක්  පමණක් ම නොවේ.
ඒ අනුව පෙනී යන්නේ  මූලික ලෙසම දකුණු ආසියානු රටවල පවත්නා සංවර්ධනය කෙරෙහි ඔවුන්ගේ ආකල්ප තුළ පවත්නා නොදියුණු භාවය ද භාවය ද මූලික වශයෙන් හේතු සාධක සපයා ඇති බවයි.

Comments

Post a Comment

Popular posts from this blog

කොවිඩ් දෙවැනි රැල්ල සහ මාධ්‍ය හැසිරීම

ගම්පහ දිස්ත්‍රික්කයේ ඇඟලුම් සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමඟ වඩාත් කාර්යක්ෂමව තොරතුරු ලබාදීමේ අරමුණෙන් ජනමාධ්‍ය සහ නව මාධ්‍ය යන සියලුම මාධ්‍යයන් ඉතා කඩිනමින් කටයුතු කරමින් සිටී. විශේෂයෙන්ම මාධ්‍ය ආචාරධර්ම, මානුෂීය සංවේදීත්වය යනාදී කාරණයන් පසෙකලා වාණිජ අරමුණු, වඩා ඉක්මනින් ප්‍රවෘත්ති සැපයීමේ හා ප්‍රතිරූපය ගොඩ නංවා ගැනීමේ අරමුණු සමග මාධ්‍ය ගැටෙමින් සිටින බව මේ දිනවල මාධ්‍ය නිරීක්ෂණය කිරීමෙන් පිළිඹිඹු වන කරුණකි. එහිදී වැරදි තොරතුරු භාවිතය බොහෝ දුරට අවම වීමක් දෙවන රැල්ලේදි දක්නට ලැබුනේ පළමු රැල්ලේදි නීතිය ක්‍රියාත්මක වීම නිසාවෙනි. විශේෂයෙන්ම එහිදී ඉස්මතු වෙන කරුණක් ලෙස මාධ්‍ය ආචාරධර්ම සමාජ මාධ්‍යයන්හි ජනමාධ්‍ය ආයතන වලට වඩා පැහැදිලි ලෙසම අඩුවීමක් දක්නට ලැබේ. එය අප කව්රුත් දන්නා සත්‍යකි. ඒ සදහා මුහුණු පොතේ මේ වන විටත් මොහොතින් මොහොත බෙදාහරිමින් සිටින බොහෝ දෑ නිදසුන් සපයයි. තව දුරටත් පාස්කු ප්‍රහාර අවස්ථාවේ ලේ විලක් බවට මුහුණු පොත පත්වූ අයුරු සදුසුම සාක්ශියයි. වගකීම් සහගත බවින් ඉතාම අඩු සමාජ මාධ්‍ය වැරදි තොරතුරු පැතිරවීමෙන් කොතරම් වැළකුණද ඇතිවි තිබෙන තත්වය දැඩි ලෙස විහිලුවට ලක...

බොහෝ අය දකින කෝවලන් වෙනස් ඇසකින්

බොහෝ අය  කියන්නෙම කන්නගී විතරයි හොද කියලා ඉතිං, මම සෙව්වා ඉතිහාසය හාරල ටිකක් මේ ගැන... කන්නගී සුපිරි චරිතයක් කියන අය පොඩ්ඩක් අහපල්ලා...නැවතිලා..." "ඉතින් අද වගේ තමා...දකුණ ද ඉන්දියාව ද කියලා නෑ කෝවලනුත් ගලපලා කරගත්තා...මගුලක්..මේ මගුලේ කෙල්ල කන්නගී... දැන් වගේ තමා...ප්‍රේමයෙන් වෙළිලා හිටියට.. පහු පහු වෙනකොට කොහු කොහු වෙන දේවල් අද වගේම ක්‍රිස්තු පූර්ව 2ත් වුණා...වෙනසක් නෑ ඔය කොයි කාට කාටත් වෙන සන්තැසියම තමා කෝවලන්ටත් වුණේ...කෝවලන් නාට්‍යකාරයෙක්,සල්ලාලයෙක් කිව්වට උඹෙයි මගෙයි වගේ ඇතුලේ ඉන්න රසවතා ආවද දන්නෙත් නෑ...එළියට...කොහොමහරි කෝවලන් කන්නගී ජීවිතේ තිරය මත ගලා යනවා... මේ අස්සේ උඹලට පේනවා ඇති මාධවී...උඹලා හිතන්නේ කන්නගීගෙයි කෝවලන්ගෙයි ආදර පළහිලව්ව කඩන්න ආපු වෙසගනක් මාධවී කියලා... හිතට වැදෙන වස්තු විෂය ,ගෝචර නොවූ භාවයන් ගැනා අර්ථාන්විත හීන ගැන මනෝමය මෙන්ම භාවමය පූරණයක් දෙන්න පුළුවන් බං මාධවීට...රහමෙරක් එක්ක හෝරා ගණනාවක් රගන්න පුළුවන් මාධවීට...හැගීම් දැනීම් ඇති ඉහළ පහළ යන ජීවිතේට අර්ථයක් දෙන්න මේ කෙල්ලට පුළුවන් කියලා කෝවලන්ට හිතෙන්න ඇති බං...උඹටයි මටයි වගේ... ආදරේ ත...

තවමත් නොවිසඳුණු වතු කම්කරු ගැටලු

  වතු කම්කරු ගැටලු       යටත් විජිත පාලන සමයට අයත් බ්‍රිතාන්‍ය පාලන යුගය තුළ වැවිලි බෝග වගාව ඔවුන් විසින් ආරම්භ කරනු ලැබූ අතර අඩු මුදලට වැඩි ශ්‍රමයක් ලබා ගැනීමේ ලබා ගැනීමේ අවශ්‍යතාවය මතුවිය. කෙසේ වුවද ශ්‍රී ලංකාවේ අනිවාර්ය සේවා රාජකාරි ක්‍රමය අහෝසි කිරීම නිසා ඔවුන්ට අවශ්‍ය ශ්‍රමය ශ්‍රී ලාංකිකයන්ගෙන් ලබා ගැනීම අපහසු වීම මත ඉන්දියාවේ පහත් කුල වලට අයත් ශ්‍රමිකයන් ගෙන්වා ගත්තේය. ඒ අනුව 1827 යෙදී  වතු කම්කරුවන් දහදාහක් ද  1946 වන විට  665855 ක පිරිසක් මෙරටට ගෙන්වනු ලැබීය. විශේෂයෙන්ම ඉන්දියානු ජනතාව මෙරටට ගෙන ඒම මෙරට සංවර්ධනයට බාධා පැමිණ භූ භූ විශාලතම ගැටලුවක් ලෙස හැඳින්වීමට පුළුවන. ඒවා නම වාර්ගික අර්බුද , දරිද්‍රතාවය අධ්‍යාපනය අහිමි වීම ඒක පුද්ගල ආදායම අවම වීම ජනග්‍රහන වර්ධනය යනාදී විශාල ගැටලු රැසකට මඟ පාදනු ලැබුවේය. මොවුන් තුළ පවත්නා වූ දිළිඳුකම විශාල ගැටළුවක් ලෙස සැලකීමට පුළුවන. එහිදී ජන හා සංඛ්‍යාලේඛන වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය පිළිබඳව අවධානය යොමු කිරීමේ දී ග්‍රාමීය හා නාගරික අංශයන්ට සාපේක්ෂව වතු අංශයේ දරිද්‍රතාවය  ඉහළ මට්ටමක් ගන්...