දකුණු ආසියානු රටවල ආකල්ප තුළින් බැහැර වන සංවර්ධනය (ඉන්දියාවේ වසංගත තත්වය ඇසුරෙන්..
රටක සංවර්ධනය මනින ප්‍රධානතම සාධකයක් වශයෙන් එම රටේ සෞඛ්‍ය තත්වය හැඳින්වීමට පුළුවන්. සංවර්ධනය ප්‍රධාන ලෙස කොටස් වශයෙන් බෙදීම තුළ ද සෞඛ්‍ය ඊට ඇතුළත් වේ. අද ඉන්දියාවේ වර්තමානයේ පවත්නා තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වීමේදී ඉන්දියාව දියුණු වෙමින් පවතින රටවල් අතර ඉතා ඉහත තත්ත්වයක සිටිය ද එය සංවර්ධනය උදෙසා ළඟාවීම සඳහා ප්‍රමාණවත් නොවීම නො වීමට ප්‍රධාන හේතු සාධකයක් ඉන්දියානු ජනතාව සතු ආකල්ප වල පවත්නා අධික නොදියුණු භාවය සහ යල් පැනගිය හේතු සාධක හේතු වී ඇති බව හොඳින්ම පෙනී යයි.විශේෂයෙන්ම මේ වෙනවිට ඉනනවිට ඉන්දියාවේ උද්ගතවී ඇති කොරෝනා වසංගත තත්වයක් සමග ඉන්දියානු ජනතාව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද පස්සේ කලා ගොම නාමින් විවිධ චාරිත්‍රානුකූල කටයුතු සිදු කරන ආකාරය පෙනෙන්නට තිබේ. ඒ ඔස්සේ ඔවුන් කොරෝනා වසංගත තත්ත්වය සමනය කිරීම උදෙසා දේව ආශිර්වාදය ලබා ගැනීමට කටයුතු කළ ද සිදුවන්නේ තවත් ඔවුන් එම වෛරසයට ගොදුරු වීමට පවත්නා වූ ඉඩකඩ වැඩිවීම බව ඔවුන්ට නොතේරේ.
තවත් එවැනිම කාරණයක් ලෙස කුරණ වෛරසය ආසාදනය වීමෙන් මියයන රෝගීන් ගේ මෘත දේහ ගංගා අසල ට ගොඩ කර තබන ආකාරය දැකගත හැකි අතර ගංගාවල පා කර යෑමේ චාරිත්‍ර ඊට හේතුවී තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර ඇති පරිදි covid ආසාදිත දේහ ආදාහනය කිරීම වඩාත් ම සුදුසු වේ. නමුත් එවැනි අයුරින් එම දේහ ගොඩගසා තැබීම ඔස්සේ මෙන්ම මිනී පාවෙන ගංගා තුළින් ඇතැම් පුද්ගලයින් දිය නාන ආකාරයද දක්නට ලැබුණි.
ඇත්තෙන්ම මෙවැනි තත්ත්වයක් යටතේ හොඳින් ම පෙනී යන්නේ ඉන්දියානු ඇතැම් වැසියන් ගේ අධික මුල් බැසගෙන පවත්නා වූ චාරිත්‍ර වාරිත්‍ර මත පදනම්ව මෙන්ම අධික ආකල්ප මත පදනම් වූ නොදියුණු භාවයක් ඔවුන් තුළ මුල් මුල්බැසගෙන පවත්නා සාධකයක් බවට පත් වී තිබීමයි .
අද වෙන විට ඉන්දියාවේ ලෝකයේ කොරෝනා වසංගත තත්ත්වය අනුව වැඩිම රෝගීන් අනුව දෙවන ස්ථානයේ පසුවේ. එම රටේ මේ තත්ත්වය හා සම්බන්ධ වීඩියෝ දර්ශන නැරඹීමේ දී පෙනී යන්නේ ඔවුන් මුඛ ආවරණ පවා බොහෝ දුරට නො පැලඳ ගෙන සිටීමයි. මෙවැනි තත්ත්වයන් යටතේ වෛරස ය පාලනයෙන් ගිලිහීම දේශපාලනික සාධකයක් පමණක් ම නොවේ.
ඒ අනුව පෙනී යන්නේ මූලික ලෙසම දකුණු ආසියානු රටවල පවත්නා සංවර්ධනය කෙරෙහි ඔවුන්ගේ ආකල්ප තුළ පවත්නා නොදියුණු භාවය ද භාවය ද මූලික වශයෙන් හේතු සාධක සපයා ඇති බවයි.

good
ReplyDeleteImportant article
ReplyDelete👍👍👍👍👍
ReplyDeleteවටිනා ලිපියක්
ReplyDeleteImportant
ReplyDelete👍
ReplyDeleteWadagath lipiyak
ReplyDelete