Skip to main content

ක්‍රිකට් අභියස ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිත්වය

 


පවතින මාධ්‍ය ක්‍රියාකාරීත්වයට සමගාමීව විද්‍යුත් මාධ්‍ය, මුද්‍රිත මාධ්‍යය මෙන්ම සමාජ මාධ්‍යය අද වන විට විශාල කාර්ය භාරයක් සමාජය තුළ සිදු කරමින් සිටීම කව්රුත් දන්නා රහසකි.
මීට දින කිහිපයකට පෙර කුසල් මෙන්ඩිස්, ධනුශ්ක ගුණතිලක සහ නිරෝශන් දික්වැල්ල යන ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනාගේ විනය විරෝධි ක්‍රියාව හසු කර දීම සහ ඊයේ දින භානුක රාජපක්ෂ ක්‍රීඩකයාට දඩ මුදලක් සහ අවුරුද්දක තරග තහනමකට ලක් වීමට පවා යූ ටියුබ් නාලිකාවක් සමග ඔහු පැවැත්වූ සාකච්චාවක් හේතුවී තිබේ.

විනය විරෝධි ක්‍රියාවට අදාළ වීඩියෝව මුදා හැරීම ගැටලුවක් නොවේ. එයින් ඔබ්බට ගොස් සමාජ මාධ්‍ය තුළ syber bullying හෙවත් සමාජ මාධ්‍ය තුළ ඔවුන්ගේ ප්‍රතිරූපයන්ට හානිකර ක්‍රියා රැසක් තවමත් සිදු වෙමින් පවති. විශේෂයෙන්ම මෙය සමාජ මාධ්‍ය උපුටා ගනිමින් රූපවාහිණි නාලිකා පවා සිදු කරමින් සිටියි. විශේෂයෙන්ම මීට දින කිහිපයකට පෙර ධනුශ්ක ගුණ තිලක ක්‍රීඩකයාගෙ පියා සම්බන්ධ කරගනිමින් පුවත් පතක් සිදු කර තිබූ සාක්ච්චාව අවස්ථානෝචිතව ඉතාම නොවැදගත් ක්‍රියාවක්ය. මාධ්‍යයේ සැබෑ කාර්ය භාරය වනුයේ මේ මොහොතේ පවත්නා අවශ්‍යතාවය අනුව ක්‍රිකට් බලධාරින් සම්බන්ධ කරගනිමින් ඉදිරි  ක්‍රිකට් අනාගතයට පිළියම් සෙවීම මිස ඔවුන්ගේ ආගිය තැන් පිරික්සමින් සිටීම නොවේ. 





තවදුරටත් මෙම සිදුවීමට සම්බන්ධව එක්තරා වෙබ් මාධ්‍යක් එම ක්‍රීඩකයන් අතුරෙන් විවාහක ක්‍රීඩකයෙකුගේ අනියම් සම්බන්ධතාවයක් පිළිබද කිසිදු මූලාශ්‍රයක් රහිතව පුවත් වාර්ථා කර තිබුණි. එමෙන්ම  එම ක්‍රීඩකයාගේ ක්‍රිකට් තහනමත් සමග ඔහුගේ සොහොයුරා ක්‍රීඩාවට අවතිර්ණ වීම පිළිබදවද බොහෝ පුවත් මවා තිබුණි. එකි සිදුවීම අභියස බොහෝ පුවත් අද වන විටත් සමාජ මාධ්‍ය තුළ පැතිරෙමින් පවති.

ඊයේ දින භානුක රාජපක්ෂ ක්‍රීඩකයාට අවුරුද්දක තරඟ තහනමක් සහ දඩ මුදලක් නියම විය. ඒ සදහා හේතු වූයේ ඔහු විසින් යූ ටියුබ් නාලිකාවක් සමග පැවැත්වූ  සාකච්ඡාවකි. අද වන විට මෙයද විශාල ගැටලුවක් බවට පතව තිබේ. විශේෂයෙන්ම ප්‍රධාන ධාරාවේ මාධ්‍ය යම් වාර්ණයක්  ආචාර ධර්ම පද්ධතියක් අනුව සහ ප්‍රායෝගික පුහුණුවකින් යුතුව මෙවැනි සාකච්ඡා සමාජ මාධ්‍යයට සාපේක්ෂව සිදු කරනු ලබයි. නමුත් අද බොහෝ ක්‍රීඩකයන්ට මෙවැනි සාකච්ඡා වලට මුහුණ දීම සම්බන්ධයෙන් ප්‍රායෝගිකව පුහුණුවක් නොමැති වීමේ ගැටලු රැසක් ඇති ව තිබේ. එය සමාජ මාධ්‍ය ඔස්සේම  ක්‍රීඩකයන් බොහෝ මඩ ප්‍රහාර වලට ලක්වීමට හේතු වී තිබේ. විශේෂයෙන්ම මාධ්‍ය අවධාරණයට ගත යුත්තේ කලාකරුවෙකු කලාකාරිනියක මාධ්‍ය ඉස්සරහට පැමිණ සිදුකරනු ලබන දේට එහා ගිය වගකීමක් ජාතික කණ්ඩායම නියෝජනය කරනු ලබන ක්‍රීඩකයකුට පවතින බවයි.


තවත් ගැටලුවක් වන්නේ බොහෝ මාධ්‍ය විශේෂයෙන්ම ප්‍රධාන ධාරවේ මාධ්‍ය පවා ක්‍රීඩාවේ විසදුම් සොයන්නට උත්සහා කරනු ලබන්නේ මෙවැනි viral සිදුවීම් වලින් පසුව වීමයි. කෙසේ වුවද තම යූ ටියුබ් වීව්ස් හෝ තම පෞද්ගලික අරමුණු අභිමුව ක්‍රීඩකයන් ගෙන්වා ගෙන සාක්ච්චා සිදු කිරීම හෝ ඔවුන්ගේ ප්‍රතිරූපයට එරෙහිව සිදුවූ දෙයින් ඔබ්බට ගොස් පෞද්ගලික කාරණා උලුප්පා දක්වමින් පුවත් මැවීම තුළින් අපිට අහිමි වන්නේ බොහෝ කාලයක් තුළ බොහෝ දෙනාගේ මහන්සියෙන් ඉහළට ඔසවා තැබූ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය බව සියලු දෙනා වටහා ගත යුතුමය.

Comments

Post a Comment

Popular posts from this blog

කොවිඩ් දෙවැනි රැල්ල සහ මාධ්‍ය හැසිරීම

ගම්පහ දිස්ත්‍රික්කයේ ඇඟලුම් සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමඟ වඩාත් කාර්යක්ෂමව තොරතුරු ලබාදීමේ අරමුණෙන් ජනමාධ්‍ය සහ නව මාධ්‍ය යන සියලුම මාධ්‍යයන් ඉතා කඩිනමින් කටයුතු කරමින් සිටී. විශේෂයෙන්ම මාධ්‍ය ආචාරධර්ම, මානුෂීය සංවේදීත්වය යනාදී කාරණයන් පසෙකලා වාණිජ අරමුණු, වඩා ඉක්මනින් ප්‍රවෘත්ති සැපයීමේ හා ප්‍රතිරූපය ගොඩ නංවා ගැනීමේ අරමුණු සමග මාධ්‍ය ගැටෙමින් සිටින බව මේ දිනවල මාධ්‍ය නිරීක්ෂණය කිරීමෙන් පිළිඹිඹු වන කරුණකි. එහිදී වැරදි තොරතුරු භාවිතය බොහෝ දුරට අවම වීමක් දෙවන රැල්ලේදි දක්නට ලැබුනේ පළමු රැල්ලේදි නීතිය ක්‍රියාත්මක වීම නිසාවෙනි. විශේෂයෙන්ම එහිදී ඉස්මතු වෙන කරුණක් ලෙස මාධ්‍ය ආචාරධර්ම සමාජ මාධ්‍යයන්හි ජනමාධ්‍ය ආයතන වලට වඩා පැහැදිලි ලෙසම අඩුවීමක් දක්නට ලැබේ. එය අප කව්රුත් දන්නා සත්‍යකි. ඒ සදහා මුහුණු පොතේ මේ වන විටත් මොහොතින් මොහොත බෙදාහරිමින් සිටින බොහෝ දෑ නිදසුන් සපයයි. තව දුරටත් පාස්කු ප්‍රහාර අවස්ථාවේ ලේ විලක් බවට මුහුණු පොත පත්වූ අයුරු සදුසුම සාක්ශියයි. වගකීම් සහගත බවින් ඉතාම අඩු සමාජ මාධ්‍ය වැරදි තොරතුරු පැතිරවීමෙන් කොතරම් වැළකුණද ඇතිවි තිබෙන තත්වය දැඩි ලෙස විහිලුවට ලක...

බොහෝ අය දකින කෝවලන් වෙනස් ඇසකින්

බොහෝ අය  කියන්නෙම කන්නගී විතරයි හොද කියලා ඉතිං, මම සෙව්වා ඉතිහාසය හාරල ටිකක් මේ ගැන... කන්නගී සුපිරි චරිතයක් කියන අය පොඩ්ඩක් අහපල්ලා...නැවතිලා..." "ඉතින් අද වගේ තමා...දකුණ ද ඉන්දියාව ද කියලා නෑ කෝවලනුත් ගලපලා කරගත්තා...මගුලක්..මේ මගුලේ කෙල්ල කන්නගී... දැන් වගේ තමා...ප්‍රේමයෙන් වෙළිලා හිටියට.. පහු පහු වෙනකොට කොහු කොහු වෙන දේවල් අද වගේම ක්‍රිස්තු පූර්ව 2ත් වුණා...වෙනසක් නෑ ඔය කොයි කාට කාටත් වෙන සන්තැසියම තමා කෝවලන්ටත් වුණේ...කෝවලන් නාට්‍යකාරයෙක්,සල්ලාලයෙක් කිව්වට උඹෙයි මගෙයි වගේ ඇතුලේ ඉන්න රසවතා ආවද දන්නෙත් නෑ...එළියට...කොහොමහරි කෝවලන් කන්නගී ජීවිතේ තිරය මත ගලා යනවා... මේ අස්සේ උඹලට පේනවා ඇති මාධවී...උඹලා හිතන්නේ කන්නගීගෙයි කෝවලන්ගෙයි ආදර පළහිලව්ව කඩන්න ආපු වෙසගනක් මාධවී කියලා... හිතට වැදෙන වස්තු විෂය ,ගෝචර නොවූ භාවයන් ගැනා අර්ථාන්විත හීන ගැන මනෝමය මෙන්ම භාවමය පූරණයක් දෙන්න පුළුවන් බං මාධවීට...රහමෙරක් එක්ක හෝරා ගණනාවක් රගන්න පුළුවන් මාධවීට...හැගීම් දැනීම් ඇති ඉහළ පහළ යන ජීවිතේට අර්ථයක් දෙන්න මේ කෙල්ලට පුළුවන් කියලා කෝවලන්ට හිතෙන්න ඇති බං...උඹටයි මටයි වගේ... ආදරේ ත...

තවමත් නොවිසඳුණු වතු කම්කරු ගැටලු

  වතු කම්කරු ගැටලු       යටත් විජිත පාලන සමයට අයත් බ්‍රිතාන්‍ය පාලන යුගය තුළ වැවිලි බෝග වගාව ඔවුන් විසින් ආරම්භ කරනු ලැබූ අතර අඩු මුදලට වැඩි ශ්‍රමයක් ලබා ගැනීමේ ලබා ගැනීමේ අවශ්‍යතාවය මතුවිය. කෙසේ වුවද ශ්‍රී ලංකාවේ අනිවාර්ය සේවා රාජකාරි ක්‍රමය අහෝසි කිරීම නිසා ඔවුන්ට අවශ්‍ය ශ්‍රමය ශ්‍රී ලාංකිකයන්ගෙන් ලබා ගැනීම අපහසු වීම මත ඉන්දියාවේ පහත් කුල වලට අයත් ශ්‍රමිකයන් ගෙන්වා ගත්තේය. ඒ අනුව 1827 යෙදී  වතු කම්කරුවන් දහදාහක් ද  1946 වන විට  665855 ක පිරිසක් මෙරටට ගෙන්වනු ලැබීය. විශේෂයෙන්ම ඉන්දියානු ජනතාව මෙරටට ගෙන ඒම මෙරට සංවර්ධනයට බාධා පැමිණ භූ භූ විශාලතම ගැටලුවක් ලෙස හැඳින්වීමට පුළුවන. ඒවා නම වාර්ගික අර්බුද , දරිද්‍රතාවය අධ්‍යාපනය අහිමි වීම ඒක පුද්ගල ආදායම අවම වීම ජනග්‍රහන වර්ධනය යනාදී විශාල ගැටලු රැසකට මඟ පාදනු ලැබුවේය. මොවුන් තුළ පවත්නා වූ දිළිඳුකම විශාල ගැටළුවක් ලෙස සැලකීමට පුළුවන. එහිදී ජන හා සංඛ්‍යාලේඛන වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය පිළිබඳව අවධානය යොමු කිරීමේ දී ග්‍රාමීය හා නාගරික අංශයන්ට සාපේක්ෂව වතු අංශයේ දරිද්‍රතාවය  ඉහළ මට්ටමක් ගන්...