පවතින මාධ්‍ය ක්‍රියාකාරීත්වයට සමගාමීව විද්‍යුත් මාධ්‍ය, මුද්‍රිත මාධ්‍යය මෙන්ම සමාජ මාධ්‍යය අද වන විට විශාල කාර්ය භාරයක් සමාජය තුළ සිදු කරමින් සිටීම කව්රුත් දන්නා රහසකි.
මීට දින කිහිපයකට පෙර කුසල් මෙන්ඩිස්, ධනුශ්ක ගුණතිලක සහ නිරෝශන් දික්වැල්ල යන ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනාගේ විනය විරෝධි ක්‍රියාව හසු කර දීම සහ ඊයේ දින භානුක රාජපක්ෂ ක්‍රීඩකයාට දඩ මුදලක් සහ අවුරුද්දක තරග තහනමකට ලක් වීමට පවා යූ ටියුබ් නාලිකාවක් සමග ඔහු පැවැත්වූ සාකච්චාවක් හේතුවී තිබේ.
විනය විරෝධි ක්‍රියාවට අදාළ වීඩියෝව මුදා හැරීම ගැටලුවක් නොවේ. එයින් ඔබ්බට ගොස් සමාජ මාධ්‍ය තුළ syber bullying හෙවත් සමාජ මාධ්‍ය තුළ ඔවුන්ගේ ප්‍රතිරූපයන්ට හානිකර ක්‍රියා රැසක් තවමත් සිදු වෙමින් පවති. විශේෂයෙන්ම මෙය සමාජ මාධ්‍ය උපුටා ගනිමින් රූපවාහිණි නාලිකා පවා සිදු කරමින් සිටියි. විශේෂයෙන්ම මීට දින කිහිපයකට පෙර ධනුශ්ක ගුණ තිලක ක්‍රීඩකයාගෙ පියා සම්බන්ධ කරගනිමින් පුවත් පතක් සිදු කර තිබූ සාක්ච්චාව අවස්ථානෝචිතව ඉතාම නොවැදගත් ක්‍රියාවක්ය. මාධ්‍යයේ සැබෑ කාර්ය භාරය වනුයේ මේ මොහොතේ පවත්නා අවශ්‍යතාවය අනුව ක්‍රිකට් බලධාරින් සම්බන්ධ කරගනිමින් ඉදිරි ක්‍රිකට් අනාගතයට පිළියම් සෙවීම මිස ඔවුන්ගේ ආගිය තැන් පිරික්සමින් සිටීම නොවේ.
තවදුරටත් මෙම සිදුවීමට සම්බන්ධව එක්තරා වෙබ් මාධ්‍යක් එම ක්‍රීඩකයන් අතුරෙන් විවාහක ක්‍රීඩකයෙකුගේ අනියම් සම්බන්ධතාවයක් පිළිබද කිසිදු මූලාශ්‍රයක් රහිතව පුවත් වාර්ථා කර තිබුණි. එමෙන්ම එම ක්‍රීඩකයාගේ ක්‍රිකට් තහනමත් සමග ඔහුගේ සොහොයුරා ක්‍රීඩාවට අවතිර්ණ වීම පිළිබදවද බොහෝ පුවත් මවා තිබුණි. එකි සිදුවීම අභියස බොහෝ පුවත් අද වන විටත් සමාජ මාධ්‍ය තුළ පැතිරෙමින් පවති.
ඊයේ දින භානුක රාජපක්ෂ ක්‍රීඩකයාට අවුරුද්දක තරඟ තහනමක් සහ දඩ මුදලක් නියම විය. ඒ සදහා හේතු වූයේ ඔහු විසින් යූ ටියුබ් නාලිකාවක් සමග පැවැත්වූ සාකච්ඡාවකි. අද වන විට මෙයද විශාල ගැටලුවක් බවට පතව තිබේ. විශේෂයෙන්ම ප්‍රධාන ධාරාවේ මාධ්‍ය යම් වාර්ණයක් ආචාර ධර්ම පද්ධතියක් අනුව සහ ප්‍රායෝගික පුහුණුවකින් යුතුව මෙවැනි සාකච්ඡා සමාජ මාධ්‍යයට සාපේක්ෂව සිදු කරනු ලබයි. නමුත් අද බොහෝ ක්‍රීඩකයන්ට මෙවැනි සාකච්ඡා වලට මුහුණ දීම සම්බන්ධයෙන් ප්‍රායෝගිකව පුහුණුවක් නොමැති වීමේ ගැටලු රැසක් ඇති ව තිබේ. එය සමාජ මාධ්‍ය ඔස්සේම ක්‍රීඩකයන් බොහෝ මඩ ප්‍රහාර වලට ලක්වීමට හේතු වී තිබේ. විශේෂයෙන්ම මාධ්‍ය අවධාරණයට ගත යුත්තේ කලාකරුවෙකු කලාකාරිනියක මාධ්‍ය ඉස්සරහට පැමිණ සිදුකරනු ලබන දේට එහා ගිය වගකීමක් ජාතික කණ්ඩායම නියෝජනය කරනු ලබන ක්රීඩකයකුට පවතින බවයි.
තවත් ගැටලුවක් වන්නේ බොහෝ මාධ්‍ය විශේෂයෙන්ම ප්‍රධාන ධාරවේ මාධ්‍ය පවා ක්‍රීඩාවේ විසදුම් සොයන්නට උත්සහා කරනු ලබන්නේ මෙවැනි viral සිදුවීම් වලින් පසුව වීමයි. කෙසේ වුවද තම යූ ටියුබ් වීව්ස් හෝ තම පෞද්ගලික අරමුණු අභිමුව ක්‍රීඩකයන් ගෙන්වා ගෙන සාක්ච්චා සිදු කිරීම හෝ ඔවුන්ගේ ප්‍රතිරූපයට එරෙහිව සිදුවූ දෙයින් ඔබ්බට ගොස් පෞද්ගලික කාරණා උලුප්පා දක්වමින් පුවත් මැවීම තුළින් අපිට අහිමි වන්නේ බොහෝ කාලයක් තුළ බොහෝ දෙනාගේ මහන්සියෙන් ඉහළට ඔසවා තැබූ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය බව සියලු දෙනා වටහා ගත යුතුමය.


කාලිනයි..
ReplyDeleteGood article 👍
ReplyDeleteTimely❤
ReplyDeleteGreat 👍🤗
ReplyDeleteGood article
ReplyDeleteSocial media power
ReplyDeleteGreat😍
ReplyDeleteGood article
ReplyDelete